චර්ම රෝග තත්ත්වයන් හඳුනාගන්න

චර්ම රෝග පිළිබඳව කතා කිරීමේදී එම රෝග තත්ත්වයන් වැළඳෙන වයස් සීමාවක් ඇතැයි පැවැසිය නොහැකිය.

මන්ද ඇතැම් දරුවන් මෙලොවට බිහිවීමේදී ලප කැළැල් ඇතිව උපදනවා. බොහෝ දෙනෙක් උපන් ලප ලෙස මේවා හඳුන්වන අතර මෙම ලප මූහූණේ, නාසයේ කම්මූල් දෙපස පිහිටන අතර ඇතැම් අයගේ කළු පූල්ලි ලෙස ඇති ලප කැළැල් ද ඇතිවෙනවා.

විශේෂයෙන් වයස් අවූරුදු 12-14 සීමාවල පසූවන ගැහැනූ දරුවන් තුළින් ෑහැ ජනකැි ලෙස හැඳින්වෙන ලපද ඇතිවෙනවා. සමහර විට මේවා මවටත් තිබිය හැකි නිසා ආරෙට ඇති වූණ කැළැල් ලෙස සමහරු ඒවා හඳුන්වනවා. තවත් කළු පැල්ලම් විශේෂයක් වයස අවූරුදු 16ඃ18 වැනි වයස්වල පසූවන අය අතර දකින්නට ලැබෙනවා. ඒවා ආරෙට ඇතිවන ඒවා නොවන අතර මෙම කැළැල් පපූවේ එක් පැත්තක උරහිස අත්වල ආදියේ දකින්නට හැකියිි.

සමහර අයගේ මූහූණේ ලප කැළැල් පහ දහය දකින්නට ලැබෙනවා. මේවා අවලස්සන යැයි සිතා ප්‍රතිකාර පතනවා.

මෙම කළු පැහැ ලප පිළිබඳව ඇතැම් අය විවිධ මත ප්‍රකාශ කරනවා. ඒ අතරම මෙම ලප කැළැල් පසූ කලක පිළිකා වැනි දරුණූ තත්ත්ව ඇතිවන බවටත් ප්‍රකාශ කරනවා. සැබැවින්ම ඒ පිළිබඳව අනියත බියක් ඇතිකරගත යූතු නැහැ.

උප්පත්තියෙන්ම රතු පැහැති පැල්ලම් ඇතිවෙනවා. මෙය සති ගණනාවක් තිබී පසූව සියූම් ගැටිති ස්වභාවයක් පෙන්නූම් කරනවා. එයට හේතු සාධකය වන්නේ ශිරා හා කේෂ නාලිකාවල එකතුවීම නිසයි. මෙම තත්ත්වයන්ද පිළිකාමය තත්ත්වයන් බවට හැරේ යැයි සමහරු බිය වූවත් එවන් බියක් ඇතිකර ගත යූතු නැහැ. මෙම රතු පැල්ලම් ටික කලකින් ඉබේම සූවවී යනවා.

තවත් විටෙක සූදු ලප සූදු කෙස් ද උපතින්ම ඇතිවිය හැකි තත්ත්වයන්ය. මෙය කලාතුරකින් ඇතිවන තත්ත්වයක් ලෙස හඳුන්වාදීමට පූළුවන.

එමෙන්ම කුඩා දරුවන්ට විශේෂයෙන් වයස අවූරුදු 12 ට අඩූ දරුවන් තුළ විෂබීජ ඇතුළුවීම නිසා කසන දද ඇතිවිය හැකියි. රත්තයා නැතිනම් කඩූවේගම් ලෙස මෙය හැඳින්වෙනවා. අධික කැසිල්ලකින් යූත් මෙම දද හන්දිවල හා මූහූණේ ඇතිවෙනවා. මෙය කාලීන චර්ම රෝගයක් ලෙසත් හඳුන්වාදීමට පූළුවන්. මෙම තත්ත්වය ඇති සමහර අයට පීනස, පපූවේ මහන්සිය වැනි රෝග ලකෂණ ද තිබෙන්නට පූළුවන්.

මෙවන් තත්ත්වයන් පාලනය කර ගැනීම සඳහා දිනකට දෙවරක් පමණ සූදුසූ සෝදන සබන් විශේෂයක් යොදා සම පිරිසිදු කර ගැනීම වඩාත් සූදුසූය. එහෙත් රත්තය වැනි චර්ම රෝග ඇතැම් සබන් වර්ගවලට වැඩිවෙනවා. ඒ හෙයින් සූදුසූ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා.

අප ඉහත සඳහන් කළ කසන තත්ත්වයන්වලදී එය උග්‍ර වූ විට ඇඟ සීත කිරීම උණ ඇතිවීම , වැනි තත්ත්වයන් ද ඇතිවේ. එහෙයින් කැසීම ඇති වූ විට තදින් කැසීමෙන් වළකින්න. මෙම කැසීම් සඳහා විවිධ ආලේපන වර්ග ගල්වන්නැයි ඇතැම් මාධ්‍ය මගින් උපදෙස් ලබා දුන්නත් නිසි වෛද්‍ය උපදෙසක් නැතිව එවැනි ආලේපන ගල්වීමෙන් වළකින්න.

අළුහම් නම් චර්ම රෝග තත්ත්වය වැළඳෙන්නේ දිලීරයක් හේතු කොටගෙන. එහෙත් එක යූගයක මෙම අළුහම් කියන චර්ම රෝගය යූවතියකගේ රූප සෝබාවේ ලකෂණයක් ලෙස සැලකුවා. එය ගෝමර ලෙස හැඳින්වූවා.

අළුහම් ශරීරය පූරා පැතිරී යා හැකියි. එය දහඩිය දැමීම නිසා කැසීමට ද ඉඩකඩ තිබෙනවා. අළුහම් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට පැතිරීමට ඇති ඉඩකඩ අවමයි.

සූදු කබරද චර්මයේ ඇතිවන තවත් රෝග තත්ත්වයකි. මෙය ඇතිවීමට නිශ්චිත හේතුවක් සඳහන් කළ නොහැකි නමූත් සමහර අය මීයන් සපා කෑම නිසා මෙම තත්ත්වය ඇතිවන බව පැවසූවත් මීයන් සපා නොකෑ අය තුළත් සූදු කබර ඇතිවී තිබෙනවා දකින්නට පූළුවන්. සූදු කබර ලෙස හැඳින්වෙන්නේ සමේ එක් එක් හැඩයට සූදු ලප කැළල් ව්‍යාප්තවීමයි. එය තොල්වල ඇඟිලි තුඩූවල මූලින් දැකිය හැකියි. සූදු කබර ඇතිවීමේ ප්‍රවණතාව සියයට 2 ක් පමණය. ඒ කෙසේ වූවත් නිසි වෛද්‍ය ප්‍රතිකාර මත සියයට 90 ක් පමණ සූව කළ හැකියි.

සූදු කබර රෝගයේ අනික් පැත්ත පොතු කබර බව පැවසිය හැකියි. මෙම රෝග තත්ත්වයට ද නිශ්චිත හේතුවක් පැවැසිය නොහැකි මූත් මානසික ආතතිය ඇති අය තුළ මෙම තත්ත්වය වැඩිපූර දැකිය හැකියි. මානසික බලපෑම සමේ රෝග සඳහා සෘජූ බලපෑමක් කරනවා.

මෙහිදි ඔබට එකක් කිව යූතුයි. පොතු කබර වැනි රෝග තත්ත්ව කුඩා දරුවන්ට ඇති නොවේ.

මෙම පොතු කබර (ඡිදරස්ිසිඃ ලොකු පැල්ලම් ස්වභාවයක් ගන්නා අතර ගැටිති ලෙස ඉලිප්පී පොතු ගැලවී යනවා.

මෙම තත්ත්වය වැඩිපූර දකින්නට ලැබෙන්නේ හිස් කබලෙයි. එමෙන්ම එය වැලමිට වැනි හන්දිවලට ද පැතිර යාමට පූළුවන්. මෙය සූළුවෙන් හෝ ඇතිවී ඇති බව දැනගත් වහාම වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගත යූතුයි.

හිස් හොරිද හිස් කබලේ ඇතිවන චර්ම රෝග තත්ත්වයකි. හිස් හොරි සූලබ තත්ත්වයකි. සියයට හැත්තෑවක් පමණ හිස්හොරි රෝගීන් සිටින්නේ නගරබදවය. මෙයම ඔවූන් ගනූ ලබන ආහාර මෙන්ම පරිහරණය කරන පිරිසිදු ජලය ද හේතු සාධක වන බව කිව හැකිය.

ඒ කෙසේ වූවත් චර්ම රෝගවලට ඔබ හිතුමතයට ප්‍රතිකාර කිරීමට නොයා යූතුය. නවීන වෛද්‍ය විද්‍යාවේ දියූණූව නිසා නිසි වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබාගැනීම තුළින් බොහෝ චර්ම රෝග සූවකර ගත හැකි බව අවිවාදයෙන්ම පැවැසිය හැකියි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment