විලාසිතා සහ ඔබ හැඩැති සිරුරක් හිමිකර ගන්නේ කොහොමද?



"මනා අඟ පසඟින්" යන වචන කීපය අපට බොහෝවිට, අසන්නට හා කියවන්නට ලැබෙනවා. ඇත්තටම මොකක්ද මේ මනා කියන වචනයෙන් අදහස් කරන්නෙ? සමහරු කියයි එයින් කියවෙන්නෙ "ලස්සන" බව. තව කෙනෙක් කියයි "හැඩැති" බව කියලා. "ගතියක් තිබෙනවා" කියලා කියන අයත් ඕනෑ තරම් ඉන්නවා.

මේ කියන ලස්සන, හැඩැති එහෙම නැතිනම් ගතියට විලාසිතා කරනයේදී කියන්නේ පරිපූර්ණ සිරුරක් කියලා. මෙවැනි සිරුරකට අවශ්‍ය කරුණූ කීපයක් තිබෙනවා. මෙහිදී කෙනෙකුගේ උරහිස් පළල හා උකුල් පලල සමාන වීම අනිවාර්ය වෙනවා. මෙයට කියන්නේ ්‍යදමර ඃ ඨක්ිි හැඩය කියා. ඉන්පසූ සිරුරේ කඳ හා කකුල් කොටස දිගින් එක සමාන වෙන්න ඕනෑ. සිරුරට ගැලපෙන ලෙස අත් පිහිටීම, සිහින් ඉඟ හා ඕවලාකාර මූහූණ ඉතිරි කාරණයයි. මෙවැනි සිරුරකට ඕනෑම ඇඳුමක් ගැලපෙනවා. ඒ වගේම කැපී පෙනෙනවා.

මෙවැනි සියලු ලකෂණ පිහිටි අය අප අතර අඩූයි. සමහරු ව්‍යායාම හා ආහාර පාලනයෙන් මෙය ලබාගන්න උත්සාහ කරනවා. එයත් සාර්ථක ක්‍රමයක්. නමූත් කල්පනාකාරීව තෝරා ගන්නා ඇඳුම්වලිනූත් අපට ඉහත සඳහන් කළ, මනා අඟපසඟින් යූත් පෙනූම ලබාගන්න පූළුවන්.

අප සෑම කෙනෙකුගේම සිරුරට යම් හැඩයක් තිබෙනවා. එම හැඩය, අපේ පෙනූමට බොහෝ බලපානවා. ඇඳුම් මිලදී ගන්න ගිය විට ඇඳුම් කීපයක් ඇඳ බැලීම අපට සාමාන්‍ය දෙයක්. ඉන්පසූ සාප්පූවේ කණ්ණාඩියෙන් බලන විට බොහෝ අවස්ථාවල ඇතිවෙන්නෙ තරහක් නැතිනම් කළකිරීමක්. කණ්ණාඩිය කියන්නේ හිතක් පපූවක් නැති දෙයක් කියලත් අපට හිතෙනවා. ඒ වගේම එදා සිටම ආහාර පාලනය නැතහොත් ඩයටි කිරීමටත් අපි හිතා ගන්නවා.

නමූත් එදිනම වෙනත් සාප්පූවකදී මේ ආකාරයට ඇඳුමක් ඇඳ බලන විට, ඔබටම ඔබව ඉතා ලස්සනට හැඩට පෙනෙන අවස්ථා තිබෙනවා. එවිට ඔබේ මූවඟට නැගෙන සිනහාව ඔබ තවත් ලස්සන කර පෙන්වනවා. එකම දිනයේ මෙවැනි පැහැදිලි වෙනසක් දකින්න ලැබූනේ කොහොමද කියා ඔබ දන්නවාද? වෙළඳසැල හිමිකාරිය හෝ එහි උදව්වට සිටි අය ඔබගේ පළමූ පෙනූමට වගකිව යූතු නැති බව දැන් ඔබට අවබෝධ වේවී.

ඔබ දෙවැනි අවස්ථාවේ ඇඳි ඇඳුම, ඔබේ සිරුරේ හැඩයටම ගැලපෙන ලෙස නිර්මාණය කර තිබීම මීට හේතුවයි. අවබෝධයකින් තොරව වූවත් ඔබ ඒ තෝරාගෙන ඇත්තේ, ඔබගේ සිරුරේ යම් අඩූපාඩූවක් ඇත්නම්, එය යහපත් කර ඔබගේ හැඩැති අංග ඉස්මතු වන ආකාරයට නිර්මාණය කරන ලද ඇඳුමක් බව දැන් ඔබ පිළිගනීවි.

ඔබේ සිරුරේ හැඩය ගැන අවබෝධයක් ඇතිවිට, ඉතා පහසූවෙන් ඔබේ පෙනූම වැඩි කරගන්න පූළුවන්. එවිට ඔබත් ලස්සන, හැඩැති නැතහොත් ගතියක් තිබෙන කෙනෙක් ලෙස අන් අයට පෙනේවී. එවැනි හැඳින්වීමකට අප කවූරුත් කැමති බව සැඟවීමට අවශ්‍ය නැහැ.

පෙයාර්ස් හැඩය
මෙහි පළමූ හැඩය පෙයාස් ගෙඩියක නැතහොත් කඳුළු බිඳුවක හැඩයයි. මෙවැනි හැඩයක් ඇතිවිට, උණහිසේ පළල, උකුලේ පළලට වඩා අඩූය. ඒ වගේම උකුල, කලවා හා පිටූපස තරබාරුව පිහිටනවා. ඒ වගේම උරහිස් පහළට නැමූන බවක් ද පෙන්නූම් කරනවා. ඇඳුම් නිර්මාණයේදී ඇඳුමේ උරහිසට ෂෝල්ඩර් පෑඩ්ස් යෙදීමෙන්, උරහිස පළල්ව දිස්වෙනවා. ඒ වගේම ඇඳුමේ කඳ කොටසට මෝස්තර සහිත රෙදිත්, පහළ කොටසට තද පැහැති තනි වර්ණ රෙදිත් ගැලපෙනවා. මෙවැනි සිරුරක හැඩැති අංගය වන උඩ කොටසට අවධානය ලැබෙන ලෙස මෝස්තර යෙදිය යූතු අතර, ඇඟේ හැඩය වැසෙනවා යැයි සිතා ලිහිල්, මූළු ඇඟම වැසෙන ඇඳුම් අඳින්න එපා. ඒ වගේම සිරුරේ හැඩයට මසන ලද ටයිටි සාය, උකුලේ පළල අඩූ කර පෙන්වීමට උදව් කරාවි.

සිහින් දිග හෙවත් ටියූබ් හැඩය
මෙහිදී සිරුර ප්‍රමාණයෙන් කුඩාය. සිහින්ය. ළැම කුඩාය ඉන පැහැදිලිව නැත. ඇඳුම් තෝරා ගැනීමේදී සිරුරට හැඩයක් දෙන ඇඳුම් තෝරා ගත යූතුයි. ප්‍රින්සස් ලයින් මෝස්තරය යෙදූ ඇඳුම් සහ බ්ලවූසයේ උඩට සාක්කු යෙදූ ඇඳුම් හොඳින් ගැලපෙනවා. එමෙන්ම ඒ ලයින් සායවල් සහ ඹ හෝ ඪ හැඩැති කර යෙදූ ඇඳුම් අලංකාරයක් ගෙන දෙනවා.

ඕවලාකාර හැඩය
ඕවලාකාර හැඩැති සිරුරක, ඉන පැහැදිලි නැහැ. උරහිස හා උකුල ප්‍රමාණයෙන් උදර ප්‍රදේශයට වඩා අඩූයි. සිරුරේ විශාල කොටස ලෙස උදරය හඳුන්වන්න පූළුවන්. විශාල මෝස්තර සහිත ඇඳුම් මෙවැනි සිරුරකට සූදුසූ නැහැ. තද වර්ණ සහ තනි පාටින් නිමවන ලද ඇඳුම් හොඳින් ගැලපෙනවා. සිහින් බවක් ලබා ගන්න සිරුරට තද ඇඳුම් අඳින්න එපා. එයින් මහත බව වැඩිවී පෙනේවී. ඇඟේ හැඩයට මැසූ ඇඳුම් වඩා සූදුසූ වන අතර ටී ෂර්ටි, ජර්සි රෙදි හා කොඩ්රෝයි වැනි ගොරෝසූ රෙදිවලින් මැසූ ඇඳුම් මෙවැනි සිරුරක හැඩයට කිසිසේත් ගැලපෙන්නේ නැහැ.

හෝරා යතුරු හැඩය
මූලදී සඳහන් කළ ආකාරයට මොවූන්ගේ උරහිස් මිමි හා උකුලේ මිමි එක සමානයි. සිහින් ඉඟක් ඇති නිසා, සිරුරට සමතුළිත බවක්, නැතිනම් බැලන්ස් පෙනූමක් ලැබෙනවා. පළල්, වර්ණවත් බෙල්ටි මෙවැනි සිහින් ඉඟකට කදිමයි. ඒ වගේම ඉන දක්වා ඇති කෙටි බ්ලවූස් වලින්, සිරුරේ හැඩය ඉස්මතු වෙනවා. සිහින් දිග සායවල් හා කලිසම් වඩා ගැලපෙන අතර, කිසිම විටක ලිහිල් ඇඳුම් ඇඳ සිරුරේ ලස්සන හැඩය වසා ගන්න එපා.

ඇපල් හැඩය
මෙවැනි සිරුරක, සිරුරේ උඩ කොටස, ඉනෙන් පහළ කොටසට වඩා ලොකුයි. ඒ නිසා සිරුරේ උඩ කොටස කුඩා කර පෙන්විය යූතුයි. ඒ නිසා තද ඇඳුම්, ඇඟට ඇලෙන ලෙස පිළියෙල කළ ඇඳුම් අඳින්න එපා. බූරුලට මැසූ ඇඳුම් හොඳින් ගැලපෙනවා. ඒ වගේ ම දිග බ්ලවූස් හා ඪ කර සහිත ඇඳුම් ඔවූනට වැඩි ලස්සනක් ගෙන දෙනවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment