ඇඳුම් අඳින ක්‍රමයේ ඇති වරදක් හඳුනාගන්න

විලාසිතා සහ ඔබ
විලාසිතා ලෝකයේ, නොයෙක් ආකාරයට නිර්මාණය කළ ඇඳුම් තිබෙනවා. නමූත් ඇඳුමක් මිලට ගැනීමට පෙර, කොතරම් ඇඳුම් ඇඳ බැලුවත්. පෙනූමෙහි ලස්සනක් ඇති කළ හැක්කේ, සමහරවිට එක ඇඳුමකින් පමණක් වන අවස්ථාත් තිබෙනවා. ඇත්ත වශයෙන්ම විලාසිතාවකින් විය යූත්තේද එයයි.


අප මිළදී ගන්නා ඇඳුම්වලින්, බලාපොරොත්තු වන පෙනූම නොලැබෙන අවස්ථා තිබෙනවා. එවිට අප ඒ ඇඳුම එක් වරක් හෝ අඳින්නේ, අනවශ්‍ය ලෙස මූදල් වියදම් කිරීමෙන්

වැරැද්දක් කළා යැයි ඇතිවන සිතිවිල්ල යටපත් කිරීමටයි. අනූමාන කිරීමකින් තොරව ඇඳුම් තෝරා ගැනීමේ ක්‍රම කීපයක් මෝස්තර නිර්මාණ ශිල්පයේදී හඳුන්වා දෙනවා. මින් එක ක්‍රමයක් ගැන අද අපි දැනූවත් වෙමූ.

සිත් ඇද බැඳ ගන්නා ලෙස, හැඩවූණූ රුවැත්තියන් ඔබ අනන්තවත් දැක ඇති. ඔවූන් අතුරින් ඔසරිය ඇඳි හැඩකාරිය බොහෝ විට ඉදිරියෙන් සිටිනවා.

සමහරු ඔසරිය ඇඳ සිටින විට, ඔවූන්ගේ ඉන බොහෝ පහළින් පිහිටා තිබෙන බවක් අපට පෙනෙනවා. එවිට සිරුරේ කඳ කොටස අනවශ්‍ය දිගක් පෙන්නූම් කරනවා.

ඒ වගේම සමහරු සායවල් හෝ කලිසම් ඇන්ඳ විට, ඔවූන් ඒවා ඇඳ සිටින්නේ ඉනේ මටිටමට නොව, බඩේ මටිටමට යන ආකාරයක් පෙන්නූම් කරනවා. ඒ පෙනූම කොහෙත්ම ප්‍රසන්න නැහැ. නමූත් ඇත්ත වශයෙන්ම ඔවූන් ඇඳුම ඇඳ සිටින්නේ ස්වභාවික ඉන මටිටමටයි. මෙය කාන්තා හා පිරිමි දෙගොල්ලන්ටම පොදුයි. මා ඉහත සඳහන් කළ පෙනූමවල් කෙනෙකුට ලැබෙන්නේ කොහොමද? ඇඳුම් නිර්මාණයේ හෝ අඳින ක්‍රමයේ වැරැද්දක්ද නැතහොත් ඔවූන් හරිද?

බොහෝ දෙනෙකු නොදන්නා කාරණාවක් වන මෙයට විස්තරාත්මක පැහැදිලි කිරීමක් අවශ්‍යයි.

මිනිස් සිරුර, උස අනූව කාණ්ඩ තුනකට වෙන් කරන්න පූළුවන්. 

3" ට උස අඩූ නම් කුඩා සිරුරු ලෙසත්, උස 5

3" හා 5

6" අතර නම් මධ්‍යම ප්‍රමාණයේ සිරුරු ලෙසත්, 5

6" ට වැඩිනම් උස සිරුරු ලෙසත් සැළකෙනවා.

උස කුමක් වූවත්, සිරුර සමාන කොටස් හතරකට බෙදන්න පූළුවන්. කඳ කොටස හා කකුල් කොටස දිගින් එක සමාන වෙනවා. එවිට උකුල දක්වා ඇති කොටස, මූළු සිරුරේ උසින් භාගයක් වෙනවා. කිහිල්ල හා උකුල අතර දුරින් භාගයක ඉනත්, උකුල හා පොළොව මටිටම අතර දුරින් භාගයක දණහිසත් පිහිටා තිබෙනවා.

නමූත් සමහරුන්ගේ මෙම පිහිටීම් තිබිය යූතු මටිටමට වඩා ඉහළින් හෝ පහළින් පිහිටා තිබෙනවා. ඒවා සිරුරෙහි දිගෙහි ඇතිවිය හැකි අඩූපාඩූ. ඒවා පහසූවෙන් නිවැරදි කළ හැකියි. මා ඉහත නිදසූන් ලෙස දැක්වූ ඔසරිය, සාය හා කලිසම ඇඳි අය අතින් නොදැනූවත්කම නිසා වරදක් සිදුවී ඇති බව දැන් ඔබට පැහැදිලිද? එය ඔවූන්ගේ පෙනූමට බලපෑම කිසිසේත් අනූමත කරන්න බැහැ.

සූළු අඩූපාඩූවක් ඇතිනම් එය යටපත් කර පරිපූර්ණ පෙනූමක් ලබා ගැනීම පහසූ දෙයක්. ඒ සඳහා ඔබේ සිරුර පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ඔබ කළ යූත්තේ මෙයයි.

ඔබේ සිරුරේ හැඩයට ඇති ඇඳුමක් ඇඳ ගන්න. ඉන්පසූ ඔබේ උසට වැඩි කොළයක් ගෙන, එය සූමට බිත්තියක, සෙලෝ ටෙිප්වලින් අලවන්න. දැන් පාවහන් නොමැතිව, විළුඹ බිත්තියේ ගෑවෙන සේ බිත්තියට පිටදී, නිකට මඳක් එසවී තිබෙන ආකාරයට සිටගන්න. දැන් පාට කූරක් ගෙන, වෙනත් කෙනෙකු ලවා, ඔබේ සිරුර වටා හැඩය ඇඳගන්න. එසේ අඳින අතරම හිස් මූදුණ, ගෙල අග, උරහිස් අග, කිහිිලි යට, ඉන, උකුල හා දණහිස් නැවෙන ස්ථානවල තිත් තබන්න. දැන් එම කොළය ගලවා, ඉහත ලකුණූ කළ තිත් රූලක් ආධාරයෙන් හරහාට සම්බන්ධ කරන්න. එනම් ගෙල අග තිත් දෙක, කිහිලි යට තිත් දෙක ආදී වශයෙන්.

දැන් ඔබට පෙනෙන්නේ ඔබේ සිරුරේ ඉන, උකුල, දණහිස් ආදී අංග පිහිටා ඇති ආකාරයයි. අප දැන් සොයා ගත යූත්තේ ඒවා නියම ආකාරයට පිහිටා ඇති ද යන්නයි. ඒ සඳහා ඔබේ රූප සටහන සහිත කොළය ගෙන, එහි හිස් මූදුනේ ඇති තිත, කොළයේ යට දාරය එනම් යටි පතුල තිබෙන ස්ථානය මත සිටින සේ දෙකට නමන්න. එම නැම්ම නිය පොත්තෙන් පීරි ගා ගන්න. මෙසේ නැමූ කොළය නැවත වරක් දෙකට නමා, පළමූ ලෙසම නැම්ම පීරි ගා ගන්න. දැන් කොළය දිග හැරිය විට ඔබට නැමීම් හතරක් දක්නට ලැබේවි. මෙම නැමීම් හරහා වෙනත් පාටකින්. රූලක් ආධාරයෙන් ඉරි ඇඳ ගන්න. දැන් ඔබේ රූප සටහන හරහා ඉරි වර්ග දෙකක් තිබෙනවා. මූලින් ඇඳි ඉරි හා නැම්මවල් මත ඇඳි ඉරි වශයෙන් නැම්මවල් ඇති ඉරිවලින් පෙන්නූම් කරන්නේ ඔබේ උස අනූව ඉන උකුල, කිහිලි ආදිය පිහිටිය යූතු ස්ථානයි.

දැන් මෙම ඉරි සැසඳීමේදී සමහර විට ඉහළින්, පහළින් හෝ සම මටිටමේ නම් එම අංගය නියමාකාරව පිහිටා තිබෙනවා. ඉහළින් හෝ පහළින් ඇතිනම් නිවැරදි කළ යූතු වෙනවා.

නිදසූනක් ලෙස ඔබේ ඉන රේඛාව දෙවනූව නැම්ම මත ඇඳි ඉරි රේඛාවට පහළින් ඇතිනම්, ඔබේ සිරුරේ කඳ කොටසට අනවශ්‍ය දිගක් ලැබෙනවා. මෙහිදී අපි මෙම කොටස කෙටි කර පෙන්විය යූතුයි. මූලින් සඳහන් කළ ඔසරිය ඇඳි කත කළ යූතුව තිබෙන්නේ මෙයයි. නැම්ම රේඛාව, ඉන රේඛාව ලෙස සලකා, ඇඳුම් තෝරා ගැනීමෙන් මෙම අඩූපාඩූව මඟහරවා ගන්න පූළුවන්.

ඔබේ ඉන රේඛාව නැම්ම රේඛාවට ඉහළින් ඇත්නම් ඔබට ඇත්තේ කෙටි කඳක්. එවිට එයට දිග පෙනූමක් ලබාදීම අවශ්‍යයි. මෙහිදී ද නැම්ම රේඛාව ඉන රේඛාව ලෙස සලකා ඇඳුම් පිළියෙල කළ යූතුයි. උකුල කිහිලි, දණහිස් ආදිය සඳහාත් මෙම ක්‍රමයට අනූගමනය කරන්න.

අප කවූරුත් අංග සම්පූර්ණ නැති බව මේ ලිපියෙන් මා සඳහන් කරනවා. ලොව සූපතල නළු නිළියන්, රූප රාජිණියන් අඳින්නේ ආකර්ශනීය ලෙසයි. ඒ පෙනූමට මෙම නිවැරදි කිරීමත් ඇතුළත් වෙනවා. මෙවැනි සිරුරුවලට ගැළපෙන ඇඳුම් පිළිබඳව හොඳ අවබෝධයක් ත්ියසදබ ්බා ශදම සමග එක්වී සිටින ඔබට තිබෙන බව මා විශ්වාස කරනවා.

ලබන සතියේ ඔබේ සිරුරේ හැඩය ගැන ඔබ දැන සිටිය යූතුම, නමූත් ඔබ නොදන්නා රහස් සමඟින් හමූවන්නම්. ඒ සඳහා ඔබගේ සිරුරේ සටහන ඇඳි කොළයත් අපට අවශ්‍ය වන බව අමතක කරන්න එපා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment