හිසකෙස් හැලීම සහ හිස්හොරි ඔබටත් ගැටලූවක් වෙලාද?



වර්තමානයේ යොවූන් තරුණියන් මූහූණ පාන ඉතා බහූලවූත් පොදූ වූත් ප්‍රශ්න අතරින් ඉදිරියෙන්ම සිටිනා ගැටලුව වන්නේ කෙස් කළඹේ මතු වන විවිධ ගැටලු වේ. මෙම ලිපියෙන් අප බලාපොරොත්තු වන්නේ කෙස් කළඹ ආශ්‍රිත විවිද ගැටලු හෝ රෝගී තත්ත්වයන් මොනවාද යන්න හඳුනාගෙන එම ගැටලූවලට සාර්ථකව මූහූණ දිය හැක්කේ කෙසේද යන්න පෙන්වාදීමටයි.

කෙස් කළඹ ආශ්‍රිතව ප්‍රධාන ගැටලු 2 ක් ඇත. හිසකෙස් හැලීයෑම එහි පළමූවැන්නයි. අනෙක් ගැටලුව හිස්හොරියි.

අප ප්‍රථමයෙන් කෙස් ගස් හැලී යෑම ගැන විමසා බලමූ. දිනකට කෙස් ගස් 40 - 100 ත් අතර ප්‍රමාණයක් හැලී යනවා නම් නැතහොත් ගැලවී යනවා නම් එම තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක් බවට විද්‍යාත්මකව හැඳින්වේ. එම මටිටම වඩා වැඩි අවස්ථාවක් වෙතොත් එය වෛද්‍යවරයෙකුගේ අවධානයට ලක් විය යූතුයි.

කෙස් ගස් හැලීමට ගැලවීයෑමට බලපාන හේතු වන්නේ

දෑනට පවතින රෝගී තත්ත්වයන්. උදාහරණයක් වශයෙන් ගතහොත් මැලේරියාව ඩෙංගු ටයිෆොයිඩ් වැනි රෝගී අවස්ථාවන්

කිසියම් ශල්‍ය කර්මයකට භාජනය වූවායින් පසූවද හිස කෙස් හැලී යෑම වේගවත් වියහැකයි.

දරු උපතකින් පසූවද මෙවන් තත්ත්වයක් ඇති විය හැක.

ඉහත සඳහන් කරනූ ලැබූ අවස්ථා තුනේදීම කෙස් ගස් හැලීයෑමට එම අවස්ථා හේතුවන්නේ කෙසේද යන්න දැන් මම ඔබට පැහැදිලි කරමි. ඉහතින් සඳහන් කරනූ ලැබූ රෝගී අවස්ථා පසූ කර මාස 2 ත් 3 ත් අතර කාලයකින් පසූව හිසකෙස් හැලී යෑම ආරම්භ විය හැක. උදාරහණයක් ලෙස මේ වනවිට ඔබට අධික ලෙස උණ වැළදී තිබූණහොත් දෙසැම්බර් මාසයේ තුළ ඔබගේ කෙස් ගස් හැලී යෑම ආරම්භ විය හැක. මාර්තු මාසය පමණ වන විට සාමාන්‍යයෙන් හිසකෙස් හැලී යෑම සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු වෙත ගිය විට ඔහූ හෝ ඇය විසින් පසූගිය මාසවල රෝගී තත්ත්වයන් ගැන විමසීමක් කරනූ ලබයි. මෙහි වඩා වැදගත් හා සිත සැනසෙන සූළු ප්‍රවෘත්තිය වන්නේ මෙවැනි තත්ත්වයන් පහව ගිය පසූ හා අවශ්‍ය කරන පෝෂණ්‍ය හා විටමින් වර්ග නැවත ශරීරයට ලැබූණූ පසූව හිසකෙස් ගැල වී යෑම පාලනය වීමයි.

වෙනත් වෛද්‍යමය කරුණූද හිසකෙස් ගැලවී හෝ හැලී යෑමට බලපායි. ඒවා නම්

1. අවශ්‍ය කරන පෝෂණය නොලැබීම. බොහෝ විට මෙයට හේතුව යකඩ මද බවයි. අධික ලෙස මාස් ශුද්ධිය ඇතිවීම, ගබ්සා කිරීම හෝ අධික ලෙස ආහාර පාලනය තුළින් ප්‍රෝටීන් අඩූ වීම මෙයට හේතු විය හැක.

2. හෝමොන්වල අසමතුලිත බව හෝ ඌනතාවය (තෛරොයිඩ් ඌනතාවය)

3.ම ානසික පිඩනය අවම කිරීමට දෙනූ ලබන බෙහෙත් වර්ගද කෙස් ගස් හැලී යෑමට බලපානූ ඇත.

දැන් අපි සාකච්ඡා කිරීමට යන්නේ හිසකෙස් හා හිස් කබල ආශ්‍රිත අනෙක් ප්‍රධාන ගැටලුව වන ඉස්හොරි නොහොත් පොදුවේ අපි කවූරුත් කතාකරන ඩෑන්ඩ්‍රෆ් ගැනයි.

කාන්තාවන් පොදුවේ ඉතාමත් අපහසූවට පත්වන තත්ත්වය හිස්හොරිය. මෙය ෆන්ගස් ආසාදනයක් හේතු වෙන් ඇති වේ. හිස් කබලේ මතු පිට සම පතුරු වශයෙන් ගැල වී යෑම. මෙහිදී සිදු වේ. එකම පනාව කිහිප දෙනෙකු භාවිත කළහොත් කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝවිය හැකි. මෙම තත්ත්වයෙන් මිදීම සඳහා වෛද්‍යවරයකු විසින් නිර්දේශිත හිස්හොරි පාලනය සඳහා නියම වූ ෂැම්පූ වර්ගයක් වෛද්‍ය උපදෙස් පරිදි භාවිත කරන්න. තව කෙනෙකුගේ පනා භාවිතයෙන් වලකින්න. සෑම විටම තමන්ගේ පනාව පමණක් භාවිත කරන්න. රූපලාවන්‍යාගාරයකදී තමාගේ හෙයා කටි එක සඳහා භාවිත කරන පනාව පිරිසිදු කරන එකක් දෑයි විමසිලිමත් වන්න.

හිස් කබලේ ඇතිවන තවත් වේදනාකාරී තත්ත්වයද හිස් කබල තදින් කැසීමට ලක්වීම හිස් කබල හිස්හොරි නිසාද සොරයිසිස් නමැති රෝගී තත්ත්වය නිසාද හිස් කබල හොඳින් සෝදා පිරිසිදුකර නොගත් නිසාද අධික වියළි බව නිසාද මෙම තත්ත්වය මතු විය හැක.

අධික ලෙස හිස් කබල වියළී යාම නිසා පොතු ගැළවී යෑම බොහෝ විට ඉස්හොරි ලෙස කෙනෙකු සිතීමට පූළුවන. නමූත් මෙම තත්ත්වයෙන් මිදීමට හිස් කබල හොඳින් තෙල් ගල්වා සම්බාහනය කිරීමෙන් පූළුවන්.

හිසකෙස් ආශ්‍රීතව පවතින නොයෙකුත් ගැටලුවලින් මිදීමට පහත සඳහන් උපදෙස් පිළිබඳව සැලකිලිමත් වෙන්න.

1. තමන්ගේ කෙස් කළඹේ වර්ගයට ගැලපෙන ෂැම්පූ වර්ගයක් නිතරම තෝරාගන්න.

2. ෂැම්පූ කිරීමට අවශ්‍ය සෑම විටම හිසකෙස් පිරිසිදු කර ගන්න. ඔයිල් කෝන්ඩයක් නම් නිරන්තරයෙන්ම ෂැම්පූ කිරීම අවශ්‍ය වේ.

3. දිනපතා ෂැම්පූ කිරීම සූදුසූ නමූත් එහි දී ඉතා මෘදු ෂැම්පූ වර්ගයක් භාවිත කිරීමට පූරුදු වන්න. සෝඩියම් ලොරෙන් සල්ෂේටි අඩංගු ෂැම්පූ වර්ග, මෘදු ෂැම්පූ වර්ග වේ.

4. හෙයාර් ඩ්‍රයර් භාවිතයෙන් කෙස්ගස් වියළි හා කැඩී යන සූළු තත්ත්වයකට පත් විය හැකි අතර අධික උෂ්ණත්වයකින් යූතුව භාවිතයෙන් වළකින්න.

5. පැළුණූ අගිස් කපා ඉවත් කරන්න. අඩූම තරමේ සති 6 ක් 8 ත් අතර කාලයකට වරක් ට්‍රිම් එකක් ගැනීමට අමතක නොකරන්න.

6. මසකට වරක්වත් තෙල් සාත්තුවක් කොට හිස් කබල සම්බාහනයට ලක් කරන්න.

7. කිසියම් රසායානික වර්ණ ඩයි හෝ වෙනත් නිෂ්පාදන භාවිත කිරීමට ප්‍රථමයෙන් පැච් ටෙස්ටි එකකට පෙනී සිටින්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment