කාන්තාවටම විශේෂිත වූ එන්ඩොමෙට්‍රියෝසිස්





කාන්තාවන් බහූලව මෙම රෝග තත්ත්වය නිසා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමූවන්නේ මඳ නිසරුභාවය, ඔසප්වීමේදී ඇතිවන වේදනාව සහ අධිකව රුධිරය පිටවීම වැනි රෝග තත්ත්වයන් නිසයි.

එන්ඩොමෙට්‍රියෝසිස් ලෙස අපි හඳුන්වන්නේ ගර්භාෂය තුළ ඇති විශේෂ ෙසෙල ස්ථරයකින් හැදිලා තියෙන පටකය මාසයක් ගානේ කැඩිලා කාන්තාවගේ ඔසප්වීම ලෙස පිටවීමේදී ඇතිවන තත්ත්වයන්ටයි. සමහර වෙලාවට මෙම පටකය ගාර්භාෂය තුළ පමණක් නොවෙයි ස්‍රෝණිය ඇතුළතත් තියෙන්න පූළුවන්. හොඳම උදාහරණය තමයි ඩිම්බකෝෂ මත මෙම පටකය පිහිටා තිබීම. ඒ වගේම ආහාර මාර්ගයේ කුඩා බඩවැලේ, මහා බඩවැලේ, ගර්භාෂයේ ඇතුළට වෙන්න තියෙන බිත්තිය මත, පැලෝපීය නාලයේ, ස්‍රෝණියේ ඇතුළත බිත්ති මත සහ කලාතුරකින් උදරයේ වෙන තැන්වලත් මෙම පටකය පිහිටා තිබීමෙන් කාන්තාවකගේ දින විසිඅටකට වරක් ඔසප්වීමක් සිදුවීමේදී මේ තැන්වලින් පවා ලේ වහනයක් සිදුවෙනවා. මේ වගේ ලේ යාමක් සිද්ධ වෙනකොට ඒ ලේ ඇඟේ එකතුවෙලා එම ලේවල තිබෙන රතු වර්ණය දුඹූරු පාට වර්ණය බවට පත්වෙලා චොක්ලටි පාට දක්වා පත්වූනොත් අපට චොක්ලසීස්ටි කියන රෝගය හෙවත් පරණ ලේ පිරුණූ ගෙඩි ඇති වෙනවා. ඒත් එක්කම මේ ලේ යාම නිසා ඇඟේ තිබෙන විවිධ අවයව එකිනෙකට ඇලෙන්න පටන් ගන්නවා. අපි මෙය ඇඩේෂන් ලෙස හඳුන්වනවා. මේ ඇලීම නිසා ඇඟේ අවයවවල ක්‍රියාකාරීත්වයට යම් යම් බාධා ඇතිවෙන්න පූළුවනි. ඒත් එක්කම මඳ නිසරුභාවය ඇතිවෙන්න පූළුවනි. ඇඟ ඇතුළේ ඇතිවන ලේ වහනය සමඟ මේ කියන සාධකය ශරීරයේ යම් ආසාධනයක් ඇති කරනවා. ඒ නිසා ශරීරයේ වේදනාව ඇතිවෙන්න පූළුවන්. ඔසප්වීම සමඟත් වේදනාවත් ඔසප්වීම සිදුවෙලා තුන්වෙනි හතරවෙනි දවසේදි විතර අධික වේදනාවක් ඇතිවෙන්න පූළුවනි. ඒ වගේම ගැඹූරට වන ලිංගික සංසර්ගයේදී අධික වේදනාවක් කාන්තාවන්ට ඇති වෙන්න පූළුවන්.

එන්ඩොමෙට්‍රියෝසිස් කියන රෝගය දැන් කාලේ වැඩිපූර අපි සොයා ගන්නවා. එකක් තමයි නූතන කාන්තාව මෙවැනි ඔසප් චක්‍රයේ ප්‍රශ්න ඇතිවනවිට වෛද්‍යවරයා වෙත යොමූවීම ඉහළයාම. පරිසරයේ ඇතිවන අපද්‍රව්‍ය විෂ ද්‍රව්‍ය නිසා ස්‍රෝණිය තුළ එන්ඩොමෙට්‍රියේසිස් කියන රෝගය සඳහා අවශ්‍ය සරු පස, සරු බව ඇතිවීම.

මෙවැනි කැරණූ නිසා ආසියාතික රටවලත් ලෝකයේ බොහෝ රටවල එන්ඩොමෙට්‍රියේසිස් රෝගය බහූල බව අපට වැටහිලා තියෙනවා.

මෙවැනි රෝගයක් කාන්තාවට තිබේද කියලා හරිහැටි හඳුනා ගන්න අපි රෝහලක් තුළ  පරීකෂණය ලැපරොස්කොපි පරිකෂණයත් කරනවා.

එන්ඩොමෙට්‍රියෝසිස් සඳහා ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන් කාන්තාවට එම කාලය තුළ දරුවන් අවශ්‍යද නැද්ද කියන පදනමක ඉඳලයි ප්‍රතිකාර කරන්නට යොමූවෙන්නේ.

එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය හඳුනා ගැනීමෙන් පසූව අපි කොටස් කිහිපයකට බෙදනවා. සූළුවෙන් තිබෙන එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය අපි අහම්බෙන් හඳුනාගෙන සූළුවෙන් තිබෙනවා නම් අපි ඒකට විශේෂ ප්‍රතිකාර කරන්න යන්නේ නැහැ. එන්ඩොමෙට්‍රියේසිස් කියන රෝග තත්ත්වය ටිකක් අධික ලෙස තියෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ඖෂධ මඟින් හෝ ශෛල්‍යකර්මයක් මඟින් හෝ කරන්න වෛද්‍යවරු බැඳිලා ඉන්නවා.

අවූරුදු 25-28 විතර විවාහ වෙන්න සූදුසූ වයසේ කාන්තාවකට සූළු වශයෙන් එන්ේ‍රාමෙට්‍රියෝසිස් තිබෙනවා නම් අපි උනන්දු කරනවා ඉතාම ඉක්මණින් විවාහවෙලා ගර්භනී තත්ත්වය ලබාගන්න කියලා. රෝගය සූළු වශයෙන් ඇති බව සොයා ගැනීමෙන් පසූව නොසලකා හැර වසර දෙකක් තුනක් ගතවීමෙන් මෙය ටිකක් බැරෑරුම් තත්ත්වයට පත්වෙලා දරුවන් ලැබීමේ හැකියාව සම්පූර්ණයෙන්ම නැතිව යන්න පූළුවනි. මෙවැනි රෝගයක් තිබෙන කාන්තාවකට ඉක්මණින් ගර්භනී තත්ත්වයට පත්වීමත් එක ප්‍රතිකාරයක්. ගර්භනී කාලය තුළ ඔසප්වීම මාස නවයකට නැතිවෙලා නැවත මවූකිරි ලබාදෙන මාස හයක කාලය තුළත් ඔසප්වීම නැතිවෙන නිසා එන්ඩ්‍රොටෙටියෝසිස් කියන රෝගය සම්පූර්ණයෙන්ම සූවපත් වෙන්න මෙම කාලය උදව් වෙනවා. එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය බරපතල ලෙස තිබෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ලෙස බෙහෙත් කිහිපයක් වෛද්‍යවරයා විසින් ලබාදෙනවා. ඉතාම සූළුම ප්‍රතිකාරය තමයි වෛද්‍යවරු විසින් උපත් පාලන පෙත්ත ලබාදීම. දෙවෙනි එක තමයි ෘ්බ්්දකැ වැනි ඖෂධ ලබාදීමෙන් තාවකාලිකව පිරිමි හෝමෝන නිෂ්පාදනය ඉහළ නැංවීම. නැත්නම් තාවකාලිකව ආර්ථවහරණය කරන  මඟින්ද පවූල් සංවිධානය සඳහා භාවිත කරන එන්නත මාසයක් ගානේ හෝ සූමාන දෙක ගානේ ලබාදීම මගිනූත් ප්‍රතිඵල ලබාගන්න පූළුවනි.

නමූත් යම්කිසි කාන්තාවකට 5ජප වඩා වැඩි චොකලටියිස්ටි තියෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාරයේ සහ ඖෂධ ප්‍රතිකාරය සාර්ථක ප්‍රතිඵල අත්වූණේ නැතිනම් ශල්‍යකර්මයක් මඟින් රෝගය සූව කරන්න පූළුවනි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment