දරු ප්‍රසූතියකින් පසූ වඩාත් සූදුසූ පවූල් සැලසූම් ක්‍රමය කුමක්ද?



සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පසූ මාස එකහමාරකින් පමණ නැවත ඩිම්බ මෝචනයක් සිදුවන්නේ නැත. මව ළදරුවාට කිරි දුන්නද නැති වූවද එම ත්ත්වය එසේමය. එම නිසා දරු ප්‍රසූතියෙන් සති හයක් පමණ වනතුරු එම කාන්තාවට පවූල් සැලසූම් ක්‍රමයක් අවශ්‍ය වන්නේ නැත.

අඩූ මාසයෙන් දරුවකු ලැබීම, ගබ්සාවක් සිදුවූ විට නම් මෙම තත්ත්වය වෙනස් වනූ ඇත.

කිරිදෙන මවකට නම්, සති හයකට පසූව සිදුවන ඩිම්බ මෝචනය අවූරුද්දක් දක්වා ප්‍රමාද වීමට පූළුවන. එහෙත් එහි කාලය හරියටම සොයා ගැනීමේ ක්‍රමයක් නොමැත.

එම නිසා දරු ප්‍රසූතියෙන් පසූ මවකට පවූල් සැලසූම් ක්‍රමයක අවශ්‍යතාව මතු වනූ ඇත.

දරු ප්‍රසූතියෙන් පසූ මාස් ශුද්ධිය නැතුව ගියද යම් කාන්තාවකට ඩිම්බ මෝචනය සිදුවීමට පූළුවන. ඒ නිසා පිළිසිඳ ගැනීමේ හැකියාවද ඇතිවනූ ඇත. එවිට පිළිසිඳ ගැනීමේ දින වකවානූවද සොයා ගැනීමට අපහසූ වනූ ඇත.

ඒ නිසාම දරු ප්‍රසූතියකින් පසූ බබෙක් හදන්නේ නැතිනම් පවූල් සැලසූම් ක්‍රමයක් භාවිත කළ යූතුය. එසේ නම් භාවිත කළ යූත්තේ කුමන ක්‍රමයදැයි කියා බලමූ.

පළමූවෙන්ම ඔබ කිරිදෙන මවක් නම් එම මව පවූල් සැලසූම් ක්‍රමයක් ලෙසින් පවූල් සැලසූම් පෙති භාවිත කිරීම සූදුසූ නැත. එයට හේතුව පෙතිවල ඇති හෝමෝනවල බලපෑම නිසා මවගේ කිරි ප්‍රමාණය අඩූූවීමයි. ඒනිසා කිරිදෙන මවක් නම් දරු ප්‍රසූතියෙන් මාස හයක් යනතුරු පවූල් සැලසූම් පෙති නොගෙන සිටිය යූතුයි. මාස හයකට පසූ එම පෙති ගැනීමේ වරදක් නැත.

දරුවෙකු ලැබී ඊළග දරු ප්‍රසූතිය අවූරුදු දෙකකට වඩා වැඩි කාලයක් ප්‍රමාද කරනවා නම් ලූපයක් දමාගැනීමට පූළුවන්. මාස තුනේ පවූල් සැලසූම් එන්නතක් ලබා ගැනීමට පූළුවන. සම තුළට ඇතුළු කර හෝමෝන පද්ධතිය (නෝර් ප්ලාටි ක්‍රමය) භාවිත කළ හැකිවීම

මෙම ක්‍රම තුනම අවූරුදු දෙකකට වඩා දරුවකු ප්‍රමාද කරන අයට යෝග්‍ය වන අතර මෙම ක්‍රම තුන මඟින්ම පීඩාකාරී තත්ත්වයන් මතු නොවනූ ඇත.

මාස තුනේ එන්නත ගන්නා විට එම කාන්තාව මහත් වීමට පූළුවන. තවද ආර්ථවය අක්‍රමවත් වීමට පූළුවන්.එහෙම නැතිනම් ආර්ථවය නොවෙන්නටම පූළුවන.

මාස තුනේ එන්නත නැවැත්වූ විට තවත් අවූරුදු එකක වැනි කාලයක් දිගටම ඔසප් වීම් නතර වීමට හැකිය. එනම් අවූරුද්දකින් පමණ පිළිසිඳ ගැනීම පමාවීමට පූූළුවන.

සම යටට ඇතුළු කරන හෝමෝන පද්ධතිය (භධසෘ ඡඛ්භඔ- ක්‍රම මඟින්ද ආර්ථවය සිදු නොවීමට පූළුවන. නැතිනම් අක්‍රමවත් වනූ ඇත.

සමේ සිදු කරන සූළු සැත්කමකින් කූරු හයක් සම තුළට ඇතුළු කරන අතර එම ප්ලාස්ටික් කූරුවල හෝමෝන ගල්වා ඇත. එහි ක්‍රියාකාරීත්වය අවශ්‍ය නොමැති නම් නැවත සූළු සැත්කමක් මඟින් ඒවා ඉවත් කරගත හැක.

ගර්භාෂය තුළට දමන හෝමෝන සහිත ලූපය අලුතින් පවූල් සැලසූම් සඳහා එක්වූ ක්‍රමයකි. මෙය ගර්භාෂයට ඇතුළු කරන්නේ විශේෂිත උපකරණයක් මඟිනි. මෙහි ක්‍රියාකාරීත්වය අවූරුදු පහක් දක්වා තිබෙයි. මේ මඟින් ආර්ථවය නවතින අතර ඉතා සාර්ථක පවූල් සැලසූම් ක්‍රමයකි.

විශේෂයෙන්ම ආර්ථවයේදී අධික රුධිර වහනයක් සිදුවන කාන්තාවන්ට මෙය සූදුසූ ක්‍රමයකි.

ප්‍රෙජෙස්ටරෝන් හෝමෝනය සහිත මෙය ඵ්සෘෂභ් කධෂඛ යනූවෙන්ද හඳුන්වනූ ඇත. මෙය තරමක මිළ අධික අතර රජයේ රෝහල් තුළද අදවන විට ක්‍රියාත්මක වන ක්‍රමයකි.

මෙම පවූල් සැලසූම් ක්‍රම තුළ අතුරු ආබාධය ලෙසින් අක්‍රමවත් රුධිර වහනය පෙන්වා දීමට පූළුවන. එයින් පසූ රුධිර වහනය සම්පූර්ණයෙන්ම නතර විය හැකි අතර එය ශරීර සෞඛ්‍යයට කිසිම ප්‍රශ්නයක් නොවනූ ඇත.

සාමාන්‍ය ලූපය, අවූරුදු 2 වඩා දරුවකුු පමා කරන අයට සාර්ථක ක්‍රමයකි. එහිදී ආර්ථවය මාස් පතා සිදුවනූ ඇත. ලූපය ඇතුළු කළ දවසේ සිටම ක්‍රියාව නියමිත පරිදි සිදුවන අතර ලූපය ඉවත් කළ විට සාමාන්‍ය තත්ත්වයට පත් වනූ ඇත.

මාස තුනේ එන්නතට වඩා මෙම ක්‍රමය වෙනස් වන අතර ලූපය ඉවත් කළ විට පිළිසිඳ ගැනීම ප්‍රමාද නොවීම එම වෙනසයි. තරුණ කාන්තාවන්ට විශේෂයෙන්ම එක් බබෙක් සිටින මව්වරුන්ට ඉතාම සූදුසූ ක්‍රමය මෙයයි.

මෙම ක්‍රමය මඟින් සියයට 99 ක්ම ගර්භාෂය ඇතුළත බබෙක් සෑදෙන අතර සියයට 90 ගර්භාෂයෙන් පිටත බබෙක් පිළිසිඳ ගැනීම අඩූ කරනූ ඇත.

ඉතාම කලාතුරකින් විටෙක ලූපය සමඟ බබෙක් පිළිසිඳ ගෙන ඇතැයි අසන්නට ලැබූණත් ඊට හේතුව ලූපය නිසි තැන නොපිහිටීම නිසාවෙන් බව අමතක නොකළ යූතුය.

මාස් ශුද්ධියෙන් සංසර්ගයක් නොවී දින කිහිපකට පසූ ලූපය ඇතුළු කරන අතර එහි ක්‍රියාකාරීත්වය අවූරුදු අටක් තිබෙනූ ඇත. ලූපය පැළඳී කාන්තාවට එය අපහසූතාවක් නොවන අතර දැනීමක්ද නැත. මස්දලු හටගන්නා කතාවද සත්‍යයක් නැත.

අවූරුදු 2 පමණ බබෙක් හදන්නේ නැති නම් කිරි නොදෙන මවක් නම් එම මවට වඩාත් සූදුසූ ක්‍රමය පවූල් සැලසූම් පෙති භාවිත කිරීමයි. මාස තුනේ එන්නත මෙන් දරුවකු පමා වෙන්නේ නැත.

අවූරුදු දෙකකට වඩා ඉක්මනින් බබෙක් අවශ්‍ය නම් මව කිරිදෙනවා නම් එවැනි අයට සූදුසූ පවූල් සැලසූම් ක්‍රමය කොණ්ඩමයක් භාවිත කිරීමයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment