බුදුසරණයි ද ? අබ සරණයිද ?



බූදුසරණයි කියන සටහන මොන තරම් ශාන්තියක් ද?

බස් රථය පිටත්වීමට තවත් වෙලාව තිබෙන බව ඔරලෝසූව දිහා බැලුව දම්මිට තේරුනා. සංචාරක වෙළෙන්දෙක් බස් රථයට ගොඩ නැගුනා. පූංචි පූතු විමසිල්ලෙන් ඔහූ දිහා බැලුවා. ඒත් මේ වෙළෙන්දා ළග පූතාට උවමනා දේවල් තිබූණේ නෑ. නමූත් අපූරු දෙයක් සමගයි වෙළෙන්දා බස් රථයට ගොඩ වැදුණේ

ඔහූ අලෙවි කළේ. මෙම නිවසට බූදු සරණයි කියන පාඨ ඇතුළත් අලංකාර තීරු වගයක්.

"අම්මේ මේවා මොනවාද?" කුඩා පූතු කටහඬ අවදි කළා.

ගෙවල්වල දොර උළුවස්සේ අලවන ආශිර්වාද තීරුවක්. ධම්මි උත්තර දුන්නා.

ඉතින් ඇයි ඒවා උළුවස්සේ අලවන්නේ. පූංචි පූතුගේ විමසිල්ල දිගින් දිගටම සිද්ධ වෙනවා. දම්මිත් කම්මැලි නැතිව ඒවාට උත්තර දෙන්නේ පොඩි එකාට දැනගත යූතු දේවල් අම්මාගෙන් මිස කාගෙන් අහල දැනගන්නද? යන දයාවෙන්මයි. ගෙදර උළුවස්සෙම මේ විදිහට බූදුසරණයි කියන පාඨය අලවලා තිබ්බාම අපි ගෙදරට ගොඩ වදින ගමන්ම මේ කඩදාසිය කියවනවා. ඉතින් අම්මේ අල්ලපූ ගෙදරත් අලවලා තියෙනවා. ඔයා කවදාවත් කියවන්නේ නෑ.

ඒක පූතේ අපි හයියෙන් කියවන්නේ නෑ. හිතින් කියවනවා විතරයි.

ඇයි අම්මේ අපි එහෙම කියන්නේ.

අපි ගෙදරකට ඇතුළු වෙද්දි මේ නිවසට බූදුසරණයි කියලා හිතින් ගායනා කළාම ඒ ගෙදරට ආශිර්වාදයක්. ගෙදරට එන හැම කෙනෙක්ම වගේමත් ගෙදර උදවිය නිවසට ඇතුළු වෙන කොටත් මේ විදිහට ආශිර්වාද වූණාම නිවසට ඉබේටම ශාන්තියක් සිද්ධ වෙනවා.

පූතා තවම පූංචියි මේවා තේරුම් ගන්න. වචනවල තිබෙන්නේ පූදුම බලයක්. හොඳට වගේම නරකටත් වචනවල බලය පූදුමාකාර විදිහට බලපානවා. වාතයේ තියෙන තරංගවලිනූත් වචනවල බලය අපිට නොපෙනෙන විදිහට ශක්තිමත් වෙනවා.

ඇයි අම්මිට අමතකද? අත්තම්මා කියන්නේ නරක දේ 108 වරක් කිව්වාම මන්තරයක් වෙනවා කියලා.

ඔව් පූතේ ඇත්තමයි. යමක් අසූබ විදිහට මට ඕක බෑ. ඕක කළොත් මට විපතක් වෙයි කියලා නිතර නිතරම කිව්වාම අපි නොදැනම ඒ කටයූත්ත කිරීමට බැරි තරමටම මානසිකව දුර්වල වෙනවා.

එහෙම නම් අම්මේ අපිට පූළුවන්. මේක කළොත් හොඳක් වෙයි කියලා නිතරම කිව්වොත් අපිට හොඳක් වෙයිද?

ඇත්තටම වෙනවා පූතේ. ධම්මි පිළිතුරු දුන්නා. ගෙවල් දොරවල් පසූකරමින් බසය ඉදිරියට ඇදෙනවා. විද්‍යාත්මක ලෝකය තුළ මිථ්‍යාවන් විදිහට හිතවත් ගම්මානවල නිතරම තිබෙන අනවින, හදි හූනියම්, ඉරි පැන්නූම්, වස්කවි මේ සියල්ල තුළම ඇත්තේ අපි නොදකින විදිහට මිනිස් ජීවිත තුළට අසූබය අවාසනාව ගෙන්වා ගැනීම නේද කියලා දම්මිට හිතුණා. මේ අතර දැන් දැන් බෝමළුවල එල්ලලා තිබෙන කොඩිවැල්වල චතුර පූතුගේ අපල දුරු වේවා, චතුරි දුවගේ රාහූ අපල දුරුවේවා. ආදී විදිහට මූද්‍රිත අකුරුවලින් ලියලා එල්ලලා තියෙනවා.

මේ සිද්ධියෙනූත් වෙන්නේ සෙත් ශාන්තියක් බව ධම්මිට හිතුණා. බෝ මළුවට වන්දනා මාන කරන්න එන හැමදෙනාම කොඩිවැල්වල ඇතුළත් පාඨය කියවනවා. ඒ ශාන්තිය දරුවාට ආශිර්වාදයක් වෙනවා. "අම්මේ, අම්මේ" දම්මි සිතිවිලිවලින් මිදුනා. අර බලන්නකෝ. අම්මේ අලුත හදන ගෙදරක් බිත්තියේ බූදු සරණයි කියලා හූණූවලින් ඇඳලා. මිනිස්සූ පදිංචි වෙන්නත් ඉස්සර ඇයි අම්මේ ඒ විදිහට ඇඳලා තියෙන්නේ.

පූතාගේ විමසිලිිවන්ත ඇස් පිළිබඳව දම්මි සතුටට පත්වූණා.

අලුත හදන ගෙවල්වලටත් ඇස්වහ කටවහ බොහෝයි. මේ විදිහට බූදුසරණයිි කියලා බිත්තියේ ලොකු අකුරු සටහන් තිබූණාම මිනිස්සූන්ගේ ඇස් ඒ දිහාවට යොමූ වෙනවා විතරක් නෙවෙයි බූදුසරණයි කියලා හිතින් කියනවා. ඒ ආශිර්වාදය ඉදි කරන නිවසට ශාන්තියක් වෙනවා. මේ අතර දම්මිගේ සිත අතීතයට ඇදුනා. තමා පූංචි දවස්වල අලුත් නිවාස ඉදි කරන කොට එල්ලලා තිබූණ පඹයෙක් වැනි විකාර රූප වෙනූවට අද තිබෙන බූදුසරණයි කියන සටහන මොන තරම් ශාන්තියක්ද කියලා දම්මි හිතුවා .

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment