දියවැඩියාව සඳහා ආහාර පාලනය කළ යූත්තේ මෙහෙමයි


දියවැඩියාව කොටස් දෙකකි. 

පළමූ කාණ්ඩය:
කුඩා දරුවන්, යෞවන යෞවනියන් ඇත. මොවූන්ට ඉන්සියූලින් එන්නත අවශ්‍ය කරන කොටස ලෙස හඳුන්වයි. වෛද්‍ය උපදෙස් අනූව එය ලබාගත යූතුය.

මෙම රෝග තත්ත්වය ඇතිවීමට බලපාන සාධක ලෙස ජානමය සාධක, අධික තරබාරුව, ශරීරයට ව්‍යායාම මදබව, කෂණික ආහාරවලට පූරුදුවීම හඳුන්වාදිය හැකියි.

විශේෂ අවස්ථාවක ගර්භනී කාලයේදී දියවැඩියා රෝග ලකෂණ පෙන්වීමට හැකියාව ඇත.

දෙවන කාණ්ඩය  :
තරබාරු අය, කෂණික ආහාරවලට පූරුදුවූවන්, හඳුන්වාදිය හැකිය.

මෙම රෝග තත්ත්වය ඇතිවීමට බලපාන සාධක ලෙස ආහාර පාලනය නොකිරීම සහ වැරදි ආහාර රටාවන් පෙන්වාදිය හැකිය. දියවැඩියාව හොඳින් පාලනය නොකළහොත් ශරීරයේ නොයෙක් ඉනද්‍රියන්වලට හානි පැමිණේ. එසේ හානි පැමිණෙන ප්‍රධාන ඉනද්‍රිය අතර මොළය, ඇස, හෘදය, වකුගඩූ, සම, දෙපා සඳහන් කළ හැකිය. ආහාර පාලනය කිරීමේදී අපට බොහෝ කටයූතු නිවසේදී කළ හැකිය. ආහාර පූරුදු නිවැරදිව අනූගමනය කළ යූතුය. නිවසේදී හැන්ද, මේස හැන්ද, තේ හැන්ද, තේ කෝප්පය වැනි මිනූම් දඬූ අනූව ආහාර ගැනීම කළ යූතුය.

රුධිරයේ සීනි ප්‍රමාණය හැමවිටම නියමිත අගයේ පවත්වා ගැනීම දියවැඩියාව පාලනය කිරීමේදී ඉතාම වැදගත් වේ. දියවැඩියාව නිසා අපි මූලින් සඳහන් කළ ඉනද්‍රියන්ට තදබල හානි වලක්වා ගැනීමේ එකම හා හොඳම ක්‍රමය ආහාර පාලනය කිරීම වේ..

සමහර දියවැඩියා රෝගි තත්ත්වයන් විශේෂ ක්‍රමවත් ආහාර පාලනයකින් පමණක් යටපත් කර ගැනීමට හැකි වන අතර අනෙක් අය සඳහාත් ක්‍රමවත් ආහාර රටාවක් අනූගමනය කරමින් ඖෂධ වෛද්‍ය උපදෙස් අනූවත් ඉන්සියූලින් එන්නතත් ලබාදීම ඉතා වැදගත්ය.

ආහාර සැළැස්මේ මූලික කරුණ වන්නේ රුධිරයේ සීනි සහ මේදය නියමිත මටිටමක පවත්වා ගැනීමයි. ඒ වගේම කෙනෙකුගේ උසට සරිලන බර පවත්වා ගැනීමත් වැදගත් වේ. රෝගීන් නිරාහාරව තැබීම සූදුසූ නොවේ. ශරීරයට අවශ්‍ය ශක්තිය, ප්‍රෝටීන්, විටමින්, ඛනිජ ලවණ, දවස පූරා සමතුලිතව තබා ගැනීම ඉතාම වැදගත් වේ.

සීනි ආහාර නොගැනීම, වැඩි පිෂ්ඨය, සහ වැඩි කෙඳි තන්තු ප්‍රමාණාත්මක ආහාර, කැලරි අඩූ ආහාර, මේද අඩූ ආහාර, දියවැඩියාව සඳහා වන ආහාර පාලන ක්‍රම වේ.

ග්ලූකෝස්, සීනි, හකුරු, පැණිවල ඇති ග්ලූකෝස් ඉක්මනින් ශරීරයට උරාගෙන රුධිරයේ ඇති සීනි ප්‍රමාණය වැඩි කරන හෙයින් දියවැඩියා රෝගීන්ට ඉතාම නූසූදුසූ වේ.

කෙඳි ප්‍රමාණයක් ඇති විට ආහාරවල අමතර බර ප්‍රමාණයද ඉහළ යන නිසා සූළු ආහාර ප්‍රමාණය ඉතාම සෑහේ. ආහාර දිරවීම සහ මලපහ කිරීමද පහසූ කරයි. වැඩි වේලාවක් යනතුරු බඩගින්නක් ඇති නොවේ. රතු කැකුළු බත්, කැකුළු පිටි, කුරක්කන්, මූංඇට, කඩල සෝයා සහ රනිල බෝග, ආප්ප, පිටිටූ, ඉඳිආප්ප, රොටී සඳහන් කළ හැකිය.

බොහෝ දියවැඩියා රෝගීන් පමණට වඩා බර වීමෙන් ආහාරවල කැලරි පාලනය අවශ්‍ය වේ. මේද ආහාර ගැනීම ඉතාමත් අඩූ කිරීම වටී. යොදය සහිත කිරි, චීස්, බටර්, බිත්තර කහමදය, මස් වර්ග, පීකුදු ආහාරයට ගැනීම වෙනූවට මේද රහිත කිරි සහ කොලෙස්ටරෝල් රහිත මාගරින් ආහාරයට ගත හැකියි..

මාළු, සම රහිත කුකුළු මස් භාවිතයට ගැනීමෙන් ශරීරයට අවශ්‍ය සත්ව ප්‍රෝටීන ලබා ගැනීමට පූළුවනි. මේවා ආහාරයට එකතු කර ගැනීමෙන් ශරීරයට අනවශ්‍ය මේද එකතු නොවේ. ඉරිඟු තෙල් භාවිත කිරීම වඩාත් සූදුසූයි. පලතුරු ආහාරයට එකතු කර ගැනීම සූදුසූ වේ. එළවළු එකතු කරගැනීමක් යූතු වූවත් කැරටි, බීටිරූටි බතල, වටිටක්කා වැඩිපූර ආහාරයට එකතු කරගැනීම සූදුසූ නොවේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment