දියවැඩියාව පාලනය කරගන්නේ කොහොමද?


 

තෙල්වලින් පිසින ලද ආහාර කෑමට ගැනීම අඩූ කිරීමත්, පැණි රස සහිත ආහාර භාවිතය අඩූ කිරීමත්, කෙඳි සහිත ආහාර වර්ග වැඩි වශයෙන් ආහාර වේලට ලබා ගැනීමත්, නියූඩූ සහිත රතු සහල් කෑමට ගැනීමත්, පිටි සහිත ආහාර භාවිතය අවම කිරීමත්, කුරක්කන් , මූං ඇට, කඩල ආදී ධාන්‍ය ගැනීමත්, ආහාර ප්‍රමාණය අඩූ කර වේල් ගණන වැඩි කිරීමත්, පලා වර්ග හා කොළ පාට එළවළු මෙන්ම ගමේ ගොඩේ වැවෙන බතල, කිරිඅල, මඤ්ඤොක්කා වැනි අල වර්ග ආහාර වේලට හැකි පමණ ලබා ගැනීමත් ඉතාම හොඳයි.

ඒ වගේම ව්‍යායාමත් ඉතාම වැදගත්. පයින් ඇවිද යෑම, දිවීම, බයිසිකලය පැදීම, පිහිනීම, වැනි කටයූතු මෙන්ම ගෘහීය පරිසරය තුළ එදිනෙදා කරන මිදුල අතුගෑම, නිවස අතුගෑම, ගෙවත්තේ කටයූතු කිරීම දියවැඩියාව වැනි රෝගී තත්ත්ව පාලනය කරන ක්‍රියාවන් ලෙස හඳුන්වා දිය හැකියි. නිසිලෙස ශරීරයට ව්‍යායාම කිරීමෙන් ශරීරයේ බර අඩූවන අතරම රුධිරයේ ඇති පටකවල ඉන්සියූලින් ක්‍රියාකාරීත්වය ඉහළ යයි. එමඟින් රුධිරයේ සීනි ප්‍රමාණය අඩූ වේ. ශරීරයේ මේද හෙවත් ඛෘඛ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩූවීම නිසා කිරීටක ධමනිය ආශ්‍රිත හෘද රෝග වැළඳීම අඩූ වේ. අවම වශයෙන් කොතරම් කාර්යබහූල ජීවිතයක් ගත කළද එක් දිනකට පැය භාගයක කාලයක් දින හත තුළදීම ව්‍යායාම කිරීම වැදගත් වේ.

දියවැඩියා රෝග පාලනය සඳහා බෙහෙත් ලබා ගැනීම වෛද්‍ය උපදෙස් මතින්ම විය යූතු වේ. විශේෂයෙන්ම දියවැඩියා රෝග සමඟ සමගාමීව ගමන් ගන්නා ස්ථූලභාවය සඳහා වෙනස් ප්‍රතිකාර කරයි. එමඟින් දියවැඩියාව පාලනයට අමතරව කිරීටක ධමනිය ආශ්‍රිත හෘද රෝග සෑදීම දියවැඩියාව එම ඖෂධ මඟින් ඇතිවීමට ඉඩ තිබේ.

රෝගය පාලනය කිරීමේදී ආහාර පාලනයත් ව්‍යායාමයත් යන කරුණූ කාරණාවලට අමතරව රුධිර පීඩනය මාසයකට විතර වරක් පරීක්ෂාකිරීමත් අධික කොලෙස්ටරෝල් ප්‍රමාණයක් රුධිරයේ ඇත්දෑයි සොයා බලා ප්‍රතිකාර ලබා ගැනීමත් කළ හැකියි.

දියවැඩියාව වැළඳුන කෙනෙකුගේ රුධිරයේ කොලොස්ටරෝල් ප්‍රමාණය 193 පට රැාක අතරද ඛෘඛ කොලොස්ටරෝල් 70 ඃ 80 පටරැාක අතරද ඔසෘෂඨඛශකෑසෘෂෘෑ (ඔෘඃ 150 පට අඩූවෙන් විය යූතුය. රුධිරය කොලොස්ටරෝල් ප්‍රමාණ්‍ය අඩූම වශයෙන් මාස 6 කට වරක් පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත් වේ.

දියවැඩියා රෝගීන්ගේ රුධිරය සීනි ප්‍රමාණය (තඊීඃ 120 පට වඩා අඩූවෙන් පවත්වාගත යූතු අතර ආහාර ගෙන පැය දෙකකට පසූ සිදු කරන රුධිර පරීක්ෂාව 160 පට කට අඩූවෙන් තබාගත යූතුයි.

රුධිරයේ සීනි ප්‍රමාණය වැඩිවීමේදී කෙනෙකු තුළ පහත රෝග ලක්ෂණ දැක ගත හැකියි.

කෑම අරුචිය, බඩේ කැක්කුම, වමනය, දෑස අන්ධකාරවීම, ශරීරයේ උණගතිය, සමේ වියළි බව, හූස්ම ගැනීමට පහසූ නොවීම, නිදිමත ගතිය, තෙහෙටිටූකම, වතුර පිපාසය, මූත්‍රා වැඩි වශයෙන් පිටවීම වේ.

එමෙන්ම ශරීරයේ සිදුවන අසාත්මිකතාවයන් නිසාද දියවැඩියා රෝගීන්ගේ රුධිර ප්‍රමාණය ඉහළ යා හැකියි.

එමෙන්ම රුධිරයේ සීනි ප්‍රමාණය අඩූවන විටද දහදිය දැමීම, හිසරදය, කේන්ති යෑම, අතපය වේලීම, ඇස් කරුවල වීම, පපූවේ ගැස්ම වැඩිවීම, වැනි ලක්ෂණ ඇති වේ. එවැනි ලක්ෂණ තිබේ නම් රුධිර පරීක්ෂාවක් කළ යූතුයි. සීනි සහිත ආහාර පමණ දැන ගත යූතුයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment