අලූත විවාහ වූ මට සූදුසූ පවූල් සැලසූම් ක්‍රමය කුමක්ද?



ප්‍රශ්නය

වෛද්‍යතුමනි මගේ වයස අවූරදු විසි හතයි. මගේ සැමියාගේ වයස අවූරුදු විසි නවයයි. අප විවාහ වී වසර හයක් ගත වෙන අතර මට මගේ පළමූ දරුවා බිහි වූයේ මළ දරු උපතක් ලෙසයි. එම දරුවාද ලැබූණේ දරුවන් නොමැතිකම නිසා වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් පසූවය. එම ප්‍රතිකාර වල ප්‍රතිඵලයක් ලෙසයි අපට පළමූ දරුවා ලැබූණේ.

වෛද්‍යතුමනි මගේ රුධිර වර්ගය වන්නේ බී නෙගටිව්ය.

රීසන් අගයක් නැති බවද මා පරීක්ෂා කළ වෛද්‍යවරයා පවසනවා.

වෛද්‍යතුමනි මා නැවතත් ගැබ් ගෙන සිටිනවා. ඊට දෑන් මාස දෙකක් පමණ ඇත. මගේ පළමූ දරුවා මිය යන්නට ඇත්තේ රීසන් අගය සෘන මටිටමක තිබූණ නිසා බව එම වෛද්‍යවරයා පැවසූවා. මට එන්නත් විශේෂයක් ලබා දිය යූතුව තිබූ බවත් පළමූ දරුවා මිය ගිය හෙයින් ඉන් දෑන් ප්‍රයෝජනයක් නැති බවත් වැඩිදුරටත් එම වෛද්‍යවරයා පැවසූවා.

වෙද්‍යතුමනි මා දැන් පරීක්ෂා කරනූ ලබන්නේ පෙර කී වෛද්‍යවරයා නොවේ. මගේ පළමූ දරුවා මළ දරු උපතක් ලෙස ලැබූණේ මගේ රුධිරයේ රීසන් අගය සෘන නිසානම් මගේ දෙවැනි දරුවාත් එලෙස මිය යාවි දෑයි බියක් ඇත. සහනදායි පිළිතුරක් දෙන්න.

බෙම්මූල්ල - අශෝකා



පිළිතුර

ඔබේ පළමූ දරුවා මිය ගියේ රීසන් තත්ත්වය සෘන අගයක පිහිටීම නිසාමදෑයි නිශ්චිතවම පැවසිය නොහැකිය. ඒ නිසා ඔබ පළමූව පරීක්ෂා කළ වෛද්‍යවරයා ඔබව පරීක්ෂා කළ හා ප්‍රතිකාර දුන් වාර්තා සටහන් ඇත්නම් ඒවා වත්මන් වෛද්‍යවරයා වෙත පෙන්වන්න.

රිසන් අගය අඩූ මවකට දරුවා මිය යන තත්ත්යවට පත්වීම මගින් අපිට පැහැදිලි වන්නේ රීසන් සාධකයට ප්‍රතිවිරුද්ධ ප්‍රතිදේහ නිෂ්පාදනය වී ඇති බවයි.

රීසන් අගය සෘණ තත්ත්වයේ සිටින මවකට බිහි වෙන දරවා බේරාගැනීමට ක්‍රම කිහිපයක්ම අනූගමනය කළ හැකියි. ඒ නිසා ඔබ දෑනට පරීක්ෂා කරනූ ලබන වෛද්‍යවරයාට ඔබේ පළමූ දරු උපත පිළිබඳ පවසන්න.

එවිට ඔබේ දෙවෙනි දරු උපත සූරක්ෂිතව සිදුවීමට අවශ්‍ය කටයූතු ඔහූ සකස් කර දෙනූ ඇත.

ප්‍රශ්නය

විසි අට හැවිරිදි එක් දරු මවක් වන මගේ විවාහයේ සිදුවූයේ වයස අවූරුදු දහහතේදීය. විවාහයෙන් පළමූ මසම මා ගැබ් ගත් අතර දරුවා ලැබී දෑන් වසර එකොළහකි.

පසූ ගිය වසර දහය තුළ අප දරුවකු වෙනූවෙන් බලාපොරොත්තු තබා ගෙන සිටියෙමූ. එහෙත් තවමත් ඒ සිහිනය ඉටූ වන ලකුණූ නැත.

මෙම වසර දහයම අප පවූල් සැලසූම් ක්‍රමයක් අනූගමනය කළේ නැත. මගේ ඔසප් චක්‍රය ක්‍රමවත්ව සිදුවන එහෙයින් එම දිනයට කලින් දින හත හා පසූ හත අඹූ සැමි සම්බන්ධතා යොදා ගත්තෙමූ.

මට ස්ථූල ශරීරයක් ඇත. වෛද්‍යවරයෙකු හමූවීමට යෑමට සැමියාට යෝජනා කළද ඔහූ ඊට කැමැත්තක් නොදක්වයි.

වෛද්‍යතුමනි දරු උපතක් සිදුවූ මට දෙවැනි දරුවා පිළිසිඳ නොගන්නේ ඇයි දෑයි පහදා දෙන්න.

හිඟුරක්ගොඩ පොඩි මැනිකේ

පිළිතුර

ඔබේ දිගු ලිපිය කියවා අප වටහා ගත්තෙමූ. ඔබට දැනටමත් එක් සාර්ථක දරු උපතක් සිදුව ඇති නිසා දරුවන් නැතැයි කලබලයට පත්විය යූතු නොවේ.

තත්ත්වය එසේ වූවද දරුවෙකු ලැබීමට ප්‍රමාද වීමට නොයෙකුත් හේතු සාධක බලපෑමට පූළුවන්. එය ඔබේ ලිපියේ ඇති තොරතුරුවලින් නොව සනාථ කළ හැක්කේ වෛද්‍ය පරීක්ෂණයකිනි.

ඒ කෙසේ වූවත් දැනට ඔබට පැවසිය හැක්කේ මෙවන් දෙයකි. එනම් නාල හිරවීමක් නිසාද දරුඵල අහිමිවීමට පිළිවන.

ඔබ ස්ථූල සිරුරක් හිමි අයකු යැයිසිතා කලබල විය යූතු නැත. එහෙත් ඔබ මෑත කාලයේදී අධික ලෙස ස්ථූල තත්ත්වයට පත් වූයේ නම් ඒ පිළිබඳ තරමක් විමසා බැලිය යූතු තත්ත්වයකි.

ඒ කෙසේ වූවත් ඔබ නාරිරෝග සායකයට සහභාගිවිය යූතුමය. එහිදී ඔබට දෙවන දරු උපතක් සිදුනොවන්නේ ඇයි දෑයි යන්න සොයා බලා අවශ්‍ය වෙතොත් ප්‍රතිකාර ලබා ගත හැකියි.

ප්‍රශ්නය

වෛද්‍යතුමනි මගේ වයස අවූරුදු විසි දෙකයි. මට වයස අවූරුදු විසි පහක් වනතුරු දරුවකු හදා ගැනීමට අදහසක් නැත.

පවූල්සැලසූම් ක්‍රමයක් ලෙස ගිලින පෙති භාවිතයට ගන්නා අතර මගේ වැඩිහිටි ඥාාතිවරියක් පැවසූවේ පළමූ දරු උපත සිදුවන තුරු පවූල් සැලසූම් ක්‍රම අනූගමනය කිරීම නූසූදුසූ බවයි.

ඊට හේතු දක්වන ඇය පවසන්නේ මට පිළිකාමය තත්ත්වයන් ඇති විය හැකි බවත් දරුවන් රෝගි විය හැකි බවත්ය. මෙහි සත්‍ය අසත්‍ය බව පහදා දෙන්න.

පිළිතුර

දරුවකු පිළිසිඳ ගැනීමට මත්තෙන් පවූල් සැලසූම් ක්‍රමයක් අනූගමනය කිරීම හොඳයි. පළමූ දරුවා ලැබෙන තුරු පමණක් නොව දරුවන් අතර පරතරයක් තබා ගැනීමටත් වැදගත් වෙනවා. අලුත විවාහ වූ ඔබට පවූල් සැලසූම් ක්‍රමයක් ලෙස ගිලින පෙති භාවිතය සූදුසූයි. වසර පහකට අඩූ කාලයක් ඒවා භාවිතයට ගැනීමෙන් සංකූලතා ඇතිවන්නේද නැහැ.



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment