කටට රසට මාලූ පිසගන්න

මාළු පොල් කිරි තියල්

අවශ්‍ය ද්‍රව්‍ය

බඩ කපා ශුද්ධ කර සෝදාගත්

පොඩි පරා පැටවූ ග්‍රෑම් 500

(මාළුවාගේ දෙපසින් නොකැපෙන ලෙස

මැදින් ඉරක් ගසා ගන්න)

රතුළුෑනූ කුඩා ගෙඩි ග්‍රෑම් 50

කපාගත් ලොකු ළුෑනූ ග්‍රෑම් 20

රම්පේ, කරපිංචා, කුරුඳුපොතු

දෙහි ගෙඩියක යූෂ

පොල් කිරි කෝප්ප 1/2

කහ තේ හැඳි 1/2

ගම්මිරිස් කැබලි මේස හැඳි 1

තෙල් තේ හැඳි 1

තීරු කැපූ තක්කාලි ග්‍රෑම් 75

නැටිට සමඟ දෙකට පලා ගත් අමූ මිරිස් කරල් 6

ලුණූ රස අනූව

සාදන ක්‍රමය

පැතලි භාජනයක් ලිප තබා, තෙල් දමා කුඩාවට කපාගත් ළුෑනූ, කරපිංචා, කුරුඳු පොතු, රම්පෙ දමා බැදෙන්නට හරින්න. එයට කහ එකතු කරන්න. ලුණූත් දමන්න. වතුර ටිකක් එක්කර ශුද්ධ කරගත් මාළු දමාගන්න. සූදුළුෑනූ තේ හැඳි 1 ක් හා අමූ ඉඟුරු තේ හැඳි 1·2 ක් එයටම එක් කරන්න. එය එක් කළ යූත්තේ මාළු බාගෙට තැම්බෙන විටයි. එයට රතුළුෑනූ ගෙඩි ටික දමන්න. රතුළුෑනූ බාගෙට තැම්බෙන විට මිරිස්, තක්කාලි, ගම්මිරිස් එයට එක්කර මද ගින්නේ තම්බා ගන්න.

තක්කාලි, අමූමිරිස් යන්තම් මැලවෙන විට මද ගින්නෙන් මාළු භාජනය ඉවත් කර දෙහි යූෂ දමන්න. මේ සඳහා ලොකු මාළු භාවිත කරනවා නම් අඟල් 2 ක් පළලට පෙති කපා ගන්න. මාළු පෙත්තක් මතට ළුෑනූ ගෙඩියක්, අමූමිරිස් කරලක් හා තක්කාලි කැබැල්ලක් එන ලෙසට සකස් කර මේසයට යැවීමට පූළුවන්.

බල මාළු සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය

දිග අඟල් 1 1/2 ක් හා ඝනකම අඟල් 1/4 ක් වන මාළු කැබලි ග්‍රෑම් 500

විනාකිරි කෝප්ප 1/4

ගම්මිරිස් ඇට 10

කොත්තමල්ලි ඇට තේ හැඳි 1

කුරුඳු කොළයක්

ලුණූ තේ හැඳි 1

සීනි මේස හැඳි 1

කෝන් තෙල් හෝ තලතෙල් මේස හැඳි 2

වතුර කෝප්ප 5

සාදන ක්‍රමය

සියල්ල භාජනයකට දමා උතුරවා ගන්න. එයට මාලු දමා විනාඩි 5 ක් මදගින්නේ පිසගෙන නිවෙන්නට හරින්න.

ළපටි සාරණ කොළ ග්‍රෑම් 200

රතුළුෑනූ (හීනියට ලියා) ග්‍රෑම් 50

ඉදුණූ අමූමිරිස් කරල් 3

දෙහි බෑයක යූෂ

ළුෑනූ, මිරිස්, දෙහි එකට දමා සම්බෝලය සාදාගන්න. අවශ්‍ය පමණ ලුණූ එකතු කරන්න. දෑන් සෝදා පිරිසිදු කළ සාරණ කොළ දීසියකට දමා තම්බාගත් මාළු දමන්න. උඩින් ළුෑනූ සම්බෝලය දමන්න.

තෝර මාළු පැටිස්

අවශ්‍ය ද්‍රව්‍ය

කුඩාවට කැපූ තෝර මාළු ග්‍රෑම් 100

පොඩි ළුෑනූ ග්‍රෑම් 30

සූදුළුෑනූ තේ හැඳි 1/2

අමූ ඉඟුරු තේ හැඳි 1/4

ලියාගත් කරපිංචා ස්වල්පයක්

රම්පේ, කුරුඳු කැබැල්ලක්

කරි කුඩූ මේස හැඳි 2

මිරිස් කුඩූ තේ හැඳි 1/4

ගම්මිරිස් කුඩූ තේ හැඳි 1/4

කහ ස්වල්පයක්

ලුණූ අවශ්‍ය පමණ

කුඩාවට කැපූ බිලිං ගෙඩි 5

අල ග්‍රෑම් 50

පිටි ග්‍රෑම් 500

බිත්තර 2

මාගරින් මේස හැඳි 1

පොල් කිරි කෝප්ප 1/2

බේකිං පවූඩර් තේ හැඳි 1

ලුණූ තේ හැඳි 1/4

තම්බපූ බිත්තර 1 (කුඩාවට කපා)

ඈදුරු කොළ සිහින්ව කපා මේස හැඳි 1

තෙල් කෝප්ප 3

සාදන ක්‍රමය

පළමූව පිටි මෝලිය හදාගනිමූ. මාගරින්, පිටි, බේකින් පවූඩර්, ලුණූ සමග බිත්තරය මිශ්‍ර කර පොල් කිරෙන් අතේ නොගෑවෙන්නට අනාගන්න. එම මිශ්‍රණය තෙත රෙදි කැබැල්ලකින් වසා විනාඩි 45 ක් තබන්න.

අල ශුද්ධ කර ගම්මිරිස් ඇටයක තරමට කපා ගැඹූරු තෙලේ බැදගන්න.

වෙනම භාජනයක් ලිප තබා තෙල් මේස හැඳි 2 දමා ලුණූ, රම්පේ, කරපිංචා, අමූමිරිස්, කුරුඳුපොතු දමා බැදගන්න. බැදෙන විට සූදුළුෑනූ, අමූ ඉඟුරු දමා ඉන්පසූ කරිකුඩූ, මිරිස් කුඩූ, ගම්මිරිස් කුඩූ, ලුණූ මිශ්‍ර කර තරමක් බැදෙන විට බිලිං දමා මාලු සමඟ වතුර ටිකක් මිශ්‍ර කර කරිය සාදාගන්න. ලිපෙන් ඉවතට ගෙන ඈදුරු කොළ, කපා බැදගත් අල, කපාගත් බිත්තර මේ කරිය මතට දමන්න.

පිටි මෝලිය ගෙන හොඳින් තුනී කර අඟල් 2ං2 කැබලි කපා සාදාගත් කරිය ඒ මතට තබා නවා බිත්තර සාරු ගා තද කර ගෑරුප්පූවක් මගින් කෙලවර හැඩ කර බැදගන්න.

නිවැරදිව පැටිස් සාදන විට ඈදුරු කොල දැමිය යූතු බව අමතක කරන්න එපා. මේවා වෙළඳපොලේ අලෙවියට ඇත.

දෑල්ලෝ මූං ඇට පිරවූම

අවශ්‍ය ද්‍රව්‍ය

කුඩා දෑල්ලෝ ග්‍රෑම් 500

මූං ඇට ග්‍රෑම් 100

අමූ මිරිස් කරල් 2

ළුෑනූ ග්‍රෑම් 30

රම්පේ, කරපිංචා, කුරුඳුපොතු

කරි කුඩූ තේ හැඳි 1

මිරිස් කුඩූ තේ හැඳි 1/4

ලුණූ තේ හැඳි 1

පොල් කිරි කෝප්ප 1/4

සාදන ක්‍රමය

දෑල්ලෝ ශුද්ධ කර හිස ඉවත් කර සෝදා වතුර බේරෙන්නට තියන්න.

මූංඇට, රතුළුෑනූ, රම්පේ, කරපිංචා, කුරුඳුපොතු, කරි කුඩූ, මිරිස් කුඩූ, කහ කුඩූ, ලුණූ හා වතුර සමඟ මිශ්‍ර කර හොඳින් තම්බා ගන්න. තැම්බෙන විට මිටි කිරි දමා ඉස්ම හිඳෙන තුරු තම්බාගන්න.

මේ කරිය සූද්ධ කරගත් දෑල්ලා තුළට පූරවන්න. ඔලුව කොටස ටූත් පික් එකකින් එකතු කර ඉන්පසූ එය කහ සහ ලුණූ අතගා ඩ්‍රිල් එකක පූළුස්සා ගන්න. නැතිනම් පෑන් එකක තෙල් තවරා දෙපැත්ත හරවා යන්තම් බැදගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment