කජූවලින් රසට කෑම

පලතුරු කෙබාබ්

අවශ්‍ය ද්‍රව්‍ය

ඉදුනූ කජූ පූහූලන් 3

ඉදුනූ පිනි ජම්බූ 3 (කොළපාට)

ඉදුනූ රතු පිනි ජම්බූ 3

තම්බාගත් වෙරළු ගෙඩි 12

විනාකිරි, කහ, ලුණූ

ඉරටූ හෝ ටූත් පික්ස්

සාදන ක්‍රමය

පලතුරු සියල්ල හතරැස් කොටූ කපන්න. ඉරටූ පිරිසිදු කර මූලින්ම කොළපාට ජම්බූ පලුවක් එහි ගසාගන්න. ඒ මත කජූ පූහූලන් කැබැල්ලක් ද ඒ මත රතු ජම්බූ පලුවක් ද ඒ මත වෙරලු ගෙඩියක් ද ගසා ගන්න.

සීනි, වතුර, විනාකිරි, කහ, ලුණූ මිශ්‍රණයක් ලිප තබා උතුරවන්න. එය පැණියක් ආකාරයට සාදාගෙන නිවූනූ පසූ කෙබාබ්වල දවටා ආහාරයට ගන්න.

කජූ නාඹර කරිය

අවශ්‍ය ද්‍රව්‍ය

කජූ පූහූලම පැහෙන්නට පෙර කොළ පාට කජූවලින් කජූ ග්‍රෑම් 300

ළුෑනූ ග්‍රෑම් 50

උම්බලකඩ මේස හැඳි 1 1/2

උලුහාල් ඇට 10

අමූමිරිස් කරල් 3

රම්පෙ, කරපිංචා, කුරුඳුපොතු

මිටිකිරි කෝප්ප 1/2

දියකිරි කෝප්ප 2

ලුණූ තේ හැඳි 1 1/2

කහ කුඩූ ස්වල්පයක්

සාදන ක්‍රමය

භාජනයක් ලිප තබා කජූ සමඟ ළුෑනූ, අමූමිරිස්, රම්පේ, කරපිංචා, කහ කුඩූ, ලුණූ දමා දිය කිරෙන් හොඳින් තම්බා අවසානයේ මිටිකිරි දමා තරමක් වියළි ආකාරයට සාදාගන්න.

මෙය හරිම කිරි රසයි. ඉක්මනින් තැම්බෙනවා.

අතුරුපසක්

අවශ්‍ය ද්‍රව්‍ය

ඉදුනූ කජූ පූහූලන් 3

පැල මද 1

අඹ ගෙඩි 1

කුරුම්බා ලොඳ ග්‍රෑම් 100

වරකා මදුළු 5

සාදන ක්‍රමය

වරකා මදුළු තීරු කපාගන්න. කජූ පූහූලන් අටට කපන්න. කුරුම්බා ලොඳ ද තීරු කපාගන්න. අඹ ද තීරු කපන්න. මේ සියල්ල එකට දමා දෙහි යූෂ, සීනි සමඟ මිශ්‍ර කරගන්න. රසවත් අතුරුපසකි.

හත්මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය

කජූ පූහූලන් ග්‍රෑම් 100

අඟල් 1ං1·4 ඝනකමට කැපූ කැරටි ග්‍රෑම් 50

එම ප්‍රමාණයටම බෝංචි ග්‍රෑම් 50

එම ප්‍රමාණයටම නෝකෝල් ග්‍රෑම් 50

එම ප්‍රමාණයටම දන්දිල අල ග්‍රෑම් 100

වටිටක්කා ග්‍රෑම් 100 (පොතු ඉවත් කර)

ළපටි තිබ්බටූ ග්‍රෑම් 75

අමූමිරිස් කරල් 2

සූදුළුෑනූ බික් 4

උලුහාල් ස්වල්පයක්

රම්පේ, කරපිංචා, කුරුඳුපොතු

ලුණූ තේ හැඳි 1 1/2

කරිකුඩූ මේස හැඳි 1

කහ කුඩූ තේ හැඳි 1/2

මිරිස් කුඩූ තේ හැඳි 1/4

උම්බලකඩ කුඩූ මේස හැඳි 1

මිටිකිරි කෝප්ප 1

දියකිරි කෝප්ප 2

දෙහි බෑයක යූෂ

තෙල් මේස හැඳි 2

සාදන ක්‍රමය

වටිටක්කා සහ දන්දිල වෙන වෙනම උතුරන වතුරේ බහා බාගෙට තම්බාගන්න. නැතිනම් සියලු දේ ගැඹූරු තෙලේ බාගෙට තම්බාගන්න.

භාජනයක් ලිප තබා තෙල් එක්කර ළුෑනූ, රම්පේ, කරපිංචා, කුරුඳුපොතු, අමූමිරිස් දමා බැදෙන්නට හරින්න. බැදෙන විට උළුහාල්, කරි කුඩූ, මිරිස් කුඩූ, උම්බලකඩ, සූදුළුෑනූ (දෙකට පලා) ළුෑනූ මිශ්‍ර කර මදගින්නේ තරමක් බැදෙන්නට හැර කැරටි සහ නෝකෝල්, කජූ පූහූලන් දමා දියකිරි, මිටිකිරි දමා බෝංචි සහ තිබ්බටූ දමා විනාඩි 2 ට පසූ වටිටක්කා සහ දන්දිල එකතු කර ගොරෝසූ කරියක් සාදාගෙන දෙහි යූෂ දමා රස කරගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment