කෑම මෙිසයට රස කෑම


 

ප්‍රවීණ සූපවේදි පබිලිස් සිල්වා මහතා ඉදිරිපත් කරයි
ගල්කිස්ස මහ හෝටලය
සැකසූම ඃ චාමරි බණ්ඩාර

වම්බටූ කරිය

අවශ්‍ය ද්‍රව්‍ය

වම්බටූ ග්‍රෑම් 200

ලියාගත් ළුෑනූ ග්‍රෑම් 30

තෙල් මේස හැඳි 2

කරි පවූඩර් මේස හැඳි 1

අබ තේ හැඳි 1

මිරිස් කුඩූ තේ හැඳි 1/2

කහ කුඩූ තේ හැඳි 1/2

කපා ගත් අමූ මිරිස් කරල් 3

මිටි කිරි කෝප්ප 1/2

දිය කිරි කෝප්ප 1/2

උම්බලකඩ මේස හැඳි 1

ලූණූ තේ හැඳි 1/2

රම්පේ, කරපිංචා

කුරුඳු පොතු

සාදන ක්‍රමය

වම්බටූ අඟලේ පමණ කැබලි කපන්න. තෙල් ලිප තබා රත්වන විට අබ එක්කර අබ පූපූරන විට, ළුෑනූ, රම්පේ, කරපිංචා, කුරුඳු පොතු, අමූමිරිස් දමා යන්තම් මැලවෙන විට කරිකුඩූ, මිරිස් කුඩූ, කහ කුඩූ සහ ලුණූ සමග වම්බටූ දිය කිරි හා මිටි කිරි සමග එකතු කර මද ගින්නේ පිස ගන්න. ලිපෙන් ඉවතට ගෙන දෙහි ටිකක් දමා ගන්න.

බැදපූ වම්බටූ කරිය

අවශ්‍ය ද්‍රව්‍ය

හීනියට දිගට කපා බැදගත් වම්බටූ ග්‍රෑම් 200

තෙල් මේස හැඳි 1

කරිකුඩූ මේස හැඳි 3·4

වතුරින් අඹරාගත් අබ තේ හැඳි 1

මිරිස් කුඩූ තේ හැඳි 1/2

කහ කුඩූ තේ හැඳි 1/2

කපා ගත් අමූ මිරිස් කරල් 3

රම්පේ, කරපිංචා

කුරුඳු පොතු

කුඩාවට කැපූ තක්කාලි

උම්බලකඩ මේස හැඳි 1

මිටි කිරි කෝප්ප 1/2

දිය කිරි කෝප්ප 1

ලුණූ තේ හැඳි 1/2

සාදන ක්‍රමය

තෙල් භාජනයකට දමා ලිප තබන්න. ළුෑනූ ,රම්පේ, කරපිංචා, අමූමිරිස් හොඳින් බැදෙන විට කහකුඩූ, මිරිස්කුඩූ, කරිකුඩූ සහ ලුණූ එක්කර තරමක් මද ගින්නේ බැදෙන්නට හැර තක්කාලි සහ දිය කිරි දමා මදගින්නේ තම්බා මිටි කිරිවලට අබ මිශ්‍ර කර එයට දමා උතුරන විට බැදගත් වම්බටූ දමා මිශ්‍ර කර මදගින්නේ තරමක් තැම්බෙන්නට තබන්න.

වම්බටූ මෝජූ

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් භාගයට හතරැස් කැබලි කපා බැදගත් වම්බටූ ග්‍රෑම් 200

විනාකිරෙන් අඹරාගත් අබ මේස හැඳි 2

විනාකිරි මේස හැඳි 1

රතු ළුෑනූ ග්‍රෑම් 50

අමූ මිරිස් කරල් 10 (අච්චාරුවලට මෙන් පලන්න)

කහ තේ හැඳි 1/2

සීනි තේ හැඳි 1

ගම්මිරිස් කුඩූ තේ හැඳි 1/2

ලුණූ තේ හැඳි 1/2

අඹ චටිනි මේස හැඳි 1

සාදන ක්‍රමය

රතුළුෑනූ හා අමූ මිරිස් තෙලේ ටිකක් රත් කරන්න. වම්බටූ, රතුළුෑනූ හා අමූමිරිස් හැර අනෙක් සියල්ල එකට මිශ්‍ර කර රස බලා ඉතිරි කරගත් ද්‍රව්‍යද දමා දිනක් තිබෙන්නට හැර පාවිච්චියට ගන්න.

වම්බටූ සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය

සිහින්ව පෙති ගසා බැදගත් වම්බටූ ග්‍රෑම් 200

උම්බලකඩ කුඩූ මේස හැඳි 1

හීනියට ලියාගත් අමූ මිරිස් කරල් 2

හීනියට ලියා ගත් රතුළුෑනූ ග්‍රෑම් 50

ලූණූ තේ හැඳි 1/2

ගම්මිරිස් කුඩූ තේ හැඳි 1/2

දෙහි යූෂ තේ හැඳි 1 1/2

තක්කාලි ගෙඩි 1ඃ2

සාදන ක්‍රමය

උම්බලකඩ, අමූ මිරිස්, ළුෑනූ, ලුණූ, ගම්මිරිස් කුඩූ, දෙහි එකට මිශ්‍ර කර ලුණූ රස බලා බැදපූ වම්බටූ එකතුකර ගන්න. මෙයට උඩින් ඇට ඉවත් කර සිහින්ව වැල්මෙන් කපා ගත් තක්කාලි දමන්න.

වම්බටූ පැහි

අවශ්‍ය ද්‍රව්‍ය

වම්බටූ (දෙකට පලා හීනියට තුනී පෙති කපා ගැඹූරු තෙලේ බැද) ග්‍රෑම් 200

සීනි තේ හැඳි 1

ලුණූ තේ හැඳි 1/2

කහ තේ හැඳි 3/4

ගම්මිරිස් කුඩූ තේ හැඳි 1

විනාකිරෙන් අඹරාගත් අබ මේස හැඳි 2

විනාකිරි මේස හැඳි 1

කුඩා ගෙඩිවලින් ලොකුළුෑනූ ග්‍රෑම් 75 (සිහින්ව පෙති කපා)

දෙකට පලාගත් අමූ මිරිස් කරල් 10

සාදන ක්‍රමය

වම්බටූ, අමූමිරිස්, ළුෑනූ හැර අනෙක් සියල්ල මිශ්‍ර කර ලුණූ රස බලා අමූ මිරිස්, ළුෑනූ සහ වම්බටූ මිශ්‍ර කර දිනක් තිබෙන්නට හැර කෑමට ගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment