ඉරිවේරිය යූෂ උදර වේදනාවට ඉතාම ගුණයි


ශ්‍රීලංකාවට ආවේණික පැළෑටියක් ලෙසට ඉරිවේරිය හඳුන්වාදිය හැකි අතර අපේ නිවෙස්වල අලංකාර පැළෑටියක් ලෙස සිටූවා තිබෙනූ දකින්නට හැකියි.

මෙම පැළෑටියේ දණ්ඩ රතු පැහැයට හූරු වන අතර පත්‍ර පළල් හැඩයකින් යූතුය. ශාකයටම ආවේණික සූවඳක් ද ඇත. මෙය අලංකාරව ගෙයි මිදුලේ සිටූවා තිබූණත් මෙහි තිබෙන මාහැඟි ඖෂධ ගුණය අතිමහත්ය.

ලංකාවේ පහත් බිම් ප්‍රදේශවල හා කඳුකර ප්‍රදේශවල වැඩි වශයෙන් දකින්නට ලැබෙන පැළෑටියකි. ආයූර්වේදයට අනූව පැළෑටියේ සියලුම දෑ ඔසූවලට යොදා ගනී. වැඩි වශයෙන් අපගේ වෙදදුරන් ඉරිවේරිය යොදාගනූ ලබන්නේ අජීර්ණයට හා අතීසාර රෝග අවස්ථාවලදී ය.

වමනය ඇති අවස්ථාවලදී ද භාවිත කරයි. එපමණක්ම නොවෙයි. ඉරිවේරිය තම්බා බීමෙන් පිපාසය සිඳීමේ හැකියාවත්, උෂ්ණ රෝගයටත් ඉතාමත් ගුණදායකයි.

එමෙන්ම කාලයක් තිස්සේ පවතින අක්මා රෝගවලටද ගුණ දායක ඔසූවකි. වමනය ඇති අවස්ථාවලදී ඉරිවේරිය මූල් කෂාය කර පානය කිරීමට දෙනූ ලබයි. ශරීරයේ ඇතිවන සූදු කබර රෝගයටද ඉතා හොඳයි.

දරුවන්ට නිතරම සෙම, කොපමණ බෙහෙත් ගත්තද සූවයක් නැහැ යනූවෙන් කොතරම් මැසිවිලි නගන අය සිටිනවාද? ඉරිවේරිය කුඩා දරුවන්ට ඇති වී තිබෙන සෙම රෝගයටද ප්‍රත්‍යකෂ ඔසූවක් වෙනවා මෙන්ම එයින් ලබාගන්නා යූෂ බඩේ රුදාව සූවකර ගැනීමට හැකි වටිනා ඖෂධයකි.

ස්වභාවික ලෙස ඖෂධ සඳහා ගනූ ලබන ඉරිවේරිය ශාකය ඇතැම් අවස්ථාවලදී වියළා ප්‍රයෝජනයට ගනූ ලබයි.

ආයූර්වේද වෛද්‍ය
උපේනද්‍රා දිල්රුකෂි
සෙත්මිර ආයූර්වේද ආයතනය
බොරැල්ල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment