කැස්ස කියන්නේ රෝගයක්ද? රෝග ලක්ෂණයක්ද?



කැස්ස කියලා කියන්නේ රෝගයක් නෙවේ. එයත් රෝග ලක්ෂණයක්. සාමාන්‍යයෙන් දරුවෙකුට කැස්ස කියන තත්ත්වය ස්වභාවිකව තිබෙන්නට පූළුවන්. ශ්වසන මාර්ගයට දුවිල්ල දුම වැනි දැ ඇතුල් වූණා නම් එයට ඇතිවන ප්‍රතික්‍රියාව තමයි කැස්ස. කැස්ස ඇතිවීමෙන් සිදුවන්නේ ශ්වසන මාර්ගයට ඇතුල් වූ අපද්‍රව්‍ය ඉවත් කිරීමයි. කැස්ස කියන්නේ රෝගයක් කියා ඒ නිසා අපට හඳුන්වන්න බෑ. එය ශරීරයේ ඇතිවන ප්‍ර්‍රතික්‍රියාවක්. නමූත් කැස්ස දිගින් දිගටම නිතර ඇතිවනවා නම් එසේත් නැතිනම් දවසේ එක්තරා අවස්ථාවක පමණක් ඇති වෙනවා නම් කැස්සත් සමග යම් අපහසූතාවක් ඇතිවනවා නම් එය රෝගී තත්ත්වයක් ලෙස හැඳින්විය හැකියි. එවිට ඒක ස්වභාවික තත්ත්වයක් නොවේ. කැස්ස ඇතිවන විට බොහෝ දෙමව්පියන් සිතන දෙයක් තමයි තම දරුවාට ඇදුම රෝගය තිබෙනවාද නැතිනම් ක්ෂය රෝගයද කියා. නමූත් කැස්ස ඇතිවූ සැනින් ඇනිසි බියක් ඇති කර ගත යූතු නැහැ.

දිගින් දිගටම කැස්ස තිබෙනවා නම් දරුවෙකුට එය ඇති වී තිබෙන්නේ රෝගයක් නිසාද කියා දෙමව්පියන් සොයා බලන්නට ඕන. බහූලවය කැස්ස ඇතිවන්නේ සෙම්ප්‍රතිෂ්‍යාවත් සමග. සාමාන්‍යයෙන් දරුවෙකුට සෙම්ප්‍රතිෂ්‍යාව හැදුනම ඒ සමගම කැස්සත් ඇතිවෙනවා. එය දින දෙක තුනකින් නැතිවෙලා යනවා. සමහර දරුවන්ට කැස්සත් සමග තද උණක් ඇතිවන්න පූළුවන්. නමූත් දිගින් දිගටම උණත් සමගම කැස්ස තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕන. මන්ද බොහෝ විට උණත් සමග කැස්ස ඇතිවන්නේ පෙනහළුවල ආසාදනයක් ඇතිවූණාමයි. ඒ නිසා එවැනි අවස්ථාවකදී බලා නොසිට දරුවාට ප්‍රතිකාර ලබා දීම වැදගත්ය.

කැස්ස නිතර නිතර ඇතිවනවා නම් රාත්‍රියේදී මැද කාලයේදී නැතිනම් පාන්දර වගේ කාලයකදී. එවැනි කැස්ස ඇදුම රෝගයක ලක්ෂණයක් විය හැකියි. පොඩි දරුවන්ට සෙම්ප්‍රතිෂ්‍යාව වැලදුන විට දින කිහිපයක් ගත වූ පසූ යම් කිසි ආකාරයක ඇදුම රෝගය හැදෙන්නට පූළුවන්. එවිටත් වෛද්‍ය ප්‍රතිකාර කිරීම අවශ්‍යයි. යම් ලෙසකින් කැස්ස නවතා ගැනීමට නොහැකි වූවහොත් ශ්වසන උපකරණ භාවිත කරන්නට සිදුවෙනවා.

බොහෝ දෙමව්පියන් බිය වනවා මේ ශ්වසන උපකරණ භාවිත කිරීමට. මෙම ශ්වසන උපකරණ නැතිනම් ඉන්හේල භාවිත කිරීම නිසා අතුරු ආබාධ ඇති වෙයි කියලා. නමූත් එවැනි අතුරු ආබාධ ඇතිවන්නේ නැහැ. බොහෝ දෙනෙකුට එය ලබා දෙනවා. යම් ලෙසකින් වෛද්‍යවරුන් පැවසූවහොත් එය භාවිත කළ යූතු බව අනිවාර්යෙන් එය භාවිත කළ යූතුයි. කැස්ස සමග දරුවාගේ බර අඩූවීම ආහාර අරුචිය ඇතිවූවහොත් දරුවාව වෛද්‍යවරයකු වෙත රැගෙන යා යූතයි. එවිට ලේ පරීක්ෂාවක් කරන්නට සිදු වේවි. මන්ද එම ලක්ෂණය ක්ෂය රෝගයේ ලක්ෂණයක් වන නිසා. නමූත් බහූලව කැස්ස ඇතිවන්නේ සෙම්ප්‍රතිෂ්‍යාව නිසා සහ දුම දුවිල්ල ඇතුල් වීම මගිනූයි. ඒ වගේම පරිසරයේ තිබෙන විවිධ අසාත්මිකතා නිසාද මේ කැස්ස කියන තත්ත්වය ඇතිවන්නට පූළුවන්.

අධ්‍යක්ෂ ළමා රෝග විශේෂඥ වෛද්‍ය
අජිත් අමරසිංහ
ඇපලෝ රෝහල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment