විවාහ දිවියට හත්වැන්නේ පිහිටන නෙප්චූන්ගේ බලපෑම


අවූරුදු හයහමාරක කාලයක් එකට ජීවත්වූ යූවළකගේ කේන්දරවල ග්‍රහ පිහිටීම් ගැන සලකා බලමූ. ඇගේ පූරුෂයා හදිසි මරණයකට ගොදුරු වූ නමූත් ඇය ඔහූ සමග එකට ජීවත්වන්නට ලැබූණූ කාලය තුළත් කරදරවලට නොඅඩූව මූහූණ දුන් බව ඇය මා සමග පැවසූවාය. එහෙත් එම කාලය තුළ ඔවූන්ට විවාහ ජීවිතයේ ප්‍රීතිය කඩින් කඩ හෝ විඳීමට ද අවස්ථාව උදාවී ඇත. ඇගේ කේන්දරයේ අටවැන්නේ යූරේනස් නෙප්චූන් යෝගවී තිබෙන ආකාරය මම කේන්දර පරීකෂාවෙන් අවබෝධ කර ගතිමි.

විජයසිරි විද්‍යාරත්න
සාකච්ඡා කළා : හරින්දි ලියනගේ

අද අපි විවාහවෙන්නට බලාපොරොත්තු වන යූවළකගේ හෝ විවාහ වූ යූවළකගේ කේන්දරවල එන තවත් ග්‍රහ පිහිටීම් ගැන සලකා බලමූ.


යූරේනස් (චක්‍රව) පස්සට ගමන් කළ අතර නෙප්චූන් ඉදිරියට ගමන් කිරීමත්, කුජ නෙප්චූන් සමග ඉදිරියට යාමත් ඔවූන්ගේ පිහිටීම සහ සයවැන්න අතර අංශක හයක වෙනසක් තිබීමත් මෙහිදී සැලකිය යූතුව ඇත.

සංක්‍රමණය වන යූරේනස් උච්ච අවස්ථාවට පත්ව ඇති කුජ ඉහළින් ගමන් කිරීමේදී බූධට චතුරශ්‍ර දෘෂ්ටියක් වැටීම නිසා ඔවූන්ගේ කරදර කාලය ඉක්මණට පැමිණෙන්නට හේතුවිය.

හත්වැන්නේ නෙප්චූන්, බූධ හා ශනී සමග ත්‍රිකෝණව පිහිටි තවත් කේන්දරයක් අපට දක්නට ලැබිණි. ඒ විවාහය අවූරුදු තිස්හයක්ම පැවතුණි. උච්ච ශනි පසූපසටද නෙප්චූන් ඉදිරියටද කුජ උච්චව ඉදිරියටද සංක්‍රමණය වන අතරතුරදී ඇගේ සැමියා මිය ගියේය. අප කලින් දැක්වූ විවාහ ජීවිතවල නියම අන්‍යෝන්‍ය සහයෝගීතාවක් නම් කිසිසේත් ඇති නොවිය.

එහෙත් කොතරම් කරදර ඇති වූව ද ඔවූනට එකිනෙකාගෙන් වෙන්වීමට සිදුනොවීම මෙහි අපූරු ලකෂණයක් ලෙස සැලකිය හැකිය. කාන්තාව පූරුෂයාගේ අණසකට හැමවිටම යටත්කර තබාගත යූතුය යන බමූණූ මතයත් ඇයට නිදහස් ලෙස ක්‍රියා කිරීමට ඉඩදිය යූතුය. යන නවීන මතයත් ගැනීම නිසා අප කලින් සඳහන් කළ ආරවූල් ඇතිවූ බව පැහැදිලිව පෙනේ. අවිශ්වාසය, බේබදුකමට ඇබ්බැහිවීම, වෙනත් ස්ත්‍රීන් පසූපසයාම වැනි පවූල් අවූල් ඇති වන දුර්ක්‍රියාවන්ට පූරුෂයා හෝ කාන්තාව ඇබ්බැහිවන්නේ ඉහත ආරාවූල් නිසාය. සංක්‍රමණය යවවන යූරේනස් හත්වැන්නට පිවිසීම දික්කසාද වැනි දේවලට හේතු වනූයේ බොහෝවිට මේ ග්‍රහයා නිදහස පිළිබඳ සීමාන්තික හැඟීම් ඇති කරවන බැවිනි.

එමෙන්ම දෙමාපියන් විසින් හොඳින් කවා පොවා මහත් ආදරයෙන් හදා ගන්නා දරුවෙකු වූව ද ගෙදරින් පැනයාමට පොළඹවන හැඟීම් ඇති කරවන ග්‍රහයෙක් ලෙස යූරේනස් හඳුන්වා දෙයි.

සලකා බැලිය යූත්තේ කේන්දරයක මේ ග්‍රහයා පිහිටා තිබෙන අන්දම විග්‍රහ කිරීම මගිනි. විවාහපත් අයට මෙවැනි හැඟීම් ඇතිවූ විට ඔවූන් කළ යූත්තේ කේන්දරය පරීකෂා කර බලා ඒ අනූව ක්‍රියා කිරීමයි. එවිට තමන්ට හැඟෙන තරම් නිදහස අවශ්‍ය බවත් තුලනාත්මකව සිතා බලනවිට ඔවූන්ට නොපෙනෙනූ ඇත. මෙවැනි අවස්ථාවලදී කළ යූත්තේ අවස්ථාවට ගැළපෙන ලෙස කටයූතු කිරීමකි. අන්‍යෝන්‍ය අවබෝධය වැනි දියූණූ කරගෙන විවාහ ජීවිතය සැපවත් කර ගැනීමට උත්සාහ ගැනීමකි.

බොහෝ විවාහක පූරුෂයන් තමන් කවූරුන්ද යන්න හා තම සහකාරියට තමා පෙනෙන්නේ කෙසේද යන්න පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදක්වයි. හැඟීම්වලින් පමණක්ම ආලය කළ නොහැකිය.

පමණට වඩා ආගන්තුක සත්කාරයෙහි යෙදීම ස්වකීය සැමියාගේ කණගාටූවට හේතුවිය හැකි බව බිරිඳට වරින්වර රැකියාව වෙනස් කිරීම නිසා බිරිඳට බොහෝ ගැටලුවලට මූහූණපෑමට සිදුවන බව පූරුෂයාටද වටහා ගැනීමට බැරිවීම බරපතල වරදකි.

විවාහයෙන් බොහෝ පාඩම් උගත හැකි බව බොහෝ අය පවසයි. එහි සත්‍යයක් නැතුවාම නොවේ. එය විවාහ ජීවිතයේ අත්දැකීම්වලින් වටහා ගත යූත්තකි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment