මයියොක්කාවලින් විවිධරසට කෑම


මයියොක්කා ටොෆි

අවශ්‍ය ද්‍රව්‍ය

ගා ගත් අමූ මයියොක්කා ග්‍රෑම් 500

සීනි ග්‍රෑම් 500

මිටි කිරි කෝප්ප 2

ලුණූ කුඩූ තේ හැඳි 1

බටර් හෝ මාගරින් මේස හැඳි 2

සූවඳ කුඩූ තේ හැඳි 1/2

(කරදමූංගු, කරාබූනැටි, කුරුඳුපොතු බැද එකට මිශ්‍ර කර කොටා, හලා ගන්න)

සාදන ක්‍රමය

මයියොක්කා සාමාන්‍ය උණූ වතුරින් සෝදා මිරිකා ගන්න. සීනි සහ පොල් කිරි භාජනයකට දමා තරමක් උතුරන්නට හැර මයියොක්කා එක්කර තරමක් උකුවන තුරු හැඳි ගා සූවඳ කුඩූ දමා බටර් හෝ මාගරින් මිශ්‍ර කර ලිපෙන් ඉවතට ගෙන තැටියකට හෝ පිඟානකට මිශ්‍රණය දමා තුනීකර කැබලි කපා ගන්න.



මයියොක්කා පෑන් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

පිරවූමට

ගාගත් මයියොක්කා ග්‍රෑම් 500

ගාගත් පොල් ග්‍රෑම් 250

කිතුල් පැණි කෝප්ප 1

සීනි ග්‍රෑම් 100

කරදමූංගු, කරාබූනැටි කුඩූ මේස හැඳි 1

අමූ දෙහි ගෙඩියක ලෙල්ලක්

ලුණූ කුඩූ තේ හැඳි 1

පෑන් කේක්වලට

පිටි කිලෝ 1

බිත්තර 4

කිරි පයින්ටි 1

බටර් හෝ මාගරින් මේස හැඳි 5

ලුණූ ස්වල්පයක්

සාදන ක්‍රමය

පිටි, බිත්තර, කිරි මිශ්‍ර කර ලුණූ සහ බටර් හෝ මාගරින් එක්කර තුනී මිශ්‍රණයක් සකස් කරගන්න. මෙයින් ස්වල්පය බැගින් දමමින් පෑන් කේක් සාදාගන්න.

ගාගත් පොල්, සීනි, පැණි, සූවඳ කුඩූ, දෙහි ලෙල්ල එකට දමා පොල් පැණි සාදා ගන්න. පසූව එයට උණූ වතුරින් සෝදා මිරිකා ගත් මයියොක්කා දමා තරමක් තැම්බෙන විට ලිපෙන් ඉවතට ගන්න. මේ මිශ්‍රණයෙන් ස්වල්පය බැගින් පෑන් කේක් මැදට තබා රෝල් කරගන්න.

මයියොක්කා පිටිටූ

අවශ්‍ය ද්‍රව්‍ය

ගාගත් මයියොක්කා ග්‍රෑම් 500

ගාගත් පොල් ග්‍රෑම් 500

හාල් පිටි හෝ කුරක්කන් පිටි ග්‍රෑම් 500

ලුණූ කුඩූ තේ හැඳි 2

සීනි තේ හැඳි 2

වතුර මේස හැඳි 1ඃ2

සාදන ක්‍රමය

මයියොක්කා උණූ දියෙන් හොඳින් සෝදා මිරිකා ගන්න. වතුර හැර අනෙක් සියල්ල දමා කැටි ගසාගන්න. අවශ්‍ය නම් පමණක් වතුර එකතු කරන්න. පිටිටූ බම්බූවකට දමා තම්බා ගන්න.

මයියොක්කා පූඩිම

අවශ්‍ය ද්‍රව්‍ය

ගාගත් මයියොක්කා ග්‍රෑම් 500

පොල් කිරි කෝප්ප 4

ලුණූ කුඩූ තේ හැඳි 1

බිත්තර 4

සූරාගත් දෙහි ලෙලි තේ හැඳි 1

කැබලි කපාගත් කජූ මද ග්‍රෑම් 100

බටර් හෝ මාගරින් මේස හැඳි 2

සාදන ක්‍රමය

ගාගත් මයියොක්කා උණූ වතුරින් සෝදා දිය බේරා මිරිකාගන්න. භාජනයක් ලිප තබා පොල් කිරි, සීනි, ලුණූ, කජූ දමා උතුරවා ලිපෙන් ඉවතට ගෙන මයියොක්කා දමා නිවෙන්නට හැර ගසාගත් බිත්තර එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. බටර් තවරන ලද භාජනයකට දමා හූමාලයෙන් තම්බාගන්න. (බිත්තර එකතු කළ යූත්තේ හොඳින් නිවූන පසූවයි)

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment