කෙසෙල්මූව විවධ කෑම වර්ග



කෙසෙල්මූව සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය

ලියා ගත් කෙසෙල් මූව ග්‍රෑම් 200

උම්බලකඩ කුඩූ මේස හැඳි 1

අමූ මිරිස් දෙකට පලා කරල් 4

ලියා ගත් ළුෑනූ ග්‍රෑම් 100

රම්පේ, කරපිංචා

කුරුඳු පොතු

කැබලි මිරිස් මේස හැඳි 1

ලුණූ තේ හැඳි 1

සියඹලා යූෂ මේස හැඳි 2

කරදමූංගු ඇට 2

කරාබූ නැටි 2

තෙල් කෝප්ප 1

සාදන ක්‍රමය

කෙසෙල් මූව ගැඹූරු තෙලේ රන්වන් පැහැයට බැදගන්න. එම තෙලටම ළුෑනූ, රම්පේ, කරපිංචා, කුරුඳු පොතු දමා රන්වන් පැහැයට බැදීගෙන එන විට වෙනම භාජනයකට දමන්න. එම තෙලටම අමූමිරිස්, කැබලි මිරිස්, ලුණූ දමා මදගින්නේ බැදගන්න. දෑන් ළුෑනූ භාජනයටම උම්බලකඩ සියඹලා දමා තරමක් පිසගන්න. එයටම බැදගත් කෙසෙල් මූව එක්කර හොඳින් පිසගන්න.



කෙසෙල්මූව සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය

හීනියට ලියා බැදගත් කෙසෙල් මූව ග්‍රෑම් 200

ලියා ගත් ළුෑනූ ග්‍රෑම් 50

කපා ගත් අමූ මිරිස් කරල් 3

ගම්මිරිස් තේ හැඳි 1/2

මිරිස් කැබලි තේ හැඳි 1/4

ලුණූ තේ හැඳි 1

උම්බලකඩ කුඩූ මේස හැඳි 1

හීනියට කපා ඇට ඉවත් කළ තක්කාලි ග්‍රෑම් 50

දෙහි යූෂ මේස හැඳි 1

සාදන ක්‍රමය

තක්කාලි සහ කෙසෙල් මූව හැර අනෙකුත් දේ එකට දමා හොඳින් මිශ්‍ර කර සම්බෝලයක් සාදාගන්න. කෙසෙල් මූව හා තක්කාලි එක්කර පොඩි නොවන්නට මිශ්‍ර කරන්න.

කෙසෙල්මූව බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය

කෙසෙල් මල් (මැද ඇති ඉරටූව වැනි කොටස ඉවත් කරන්න) ග්‍රෑම් 200

කහ තේ හැඳි 1

ළුෑනූ ග්‍රෑම් 100

ලියාගත් අමූ මිරිස් කරල් 4

උම්බලකඩ කුඩූ මේස හැඳි 1

තෙල් කෝප්ප 1

රම්පේ, කරපිංචා, කුරුඳුපොතු

පොඩියට කපා ගත් තක්කාලි ග්‍රෑම් 50

මිරිස් කැබලි මේස හැඳි 1/2

දෙහි යූෂ තේ හැඳි 1

ලුණූ තේ හැඳි 1

සාදන ක්‍රමය

කහ, ලුණූ මිශ්‍ර වතුර ලිප තබා උතුරන විට කෙසෙල් මල් දමා විනාඩියක් පමණ තබා දිය බේරා වේලෙන්නට තබන්න. නැවත ගැඹූරු තෙලේ බැදගන්න. වෙනත් භාජනයකට තෙල් මේස හැඳි 2 දමා ළුෑනූ, රම්පේ, කරපිංචා, කුරුඳුපොතු, අමූමිරිස් රන්වන් පැහැයට බැදෙන්න හරින්න. තෙල් පෙරා කැබලි මිරිස්, උම්බලකඩ, ලුණූ මදගින්නේ තරමක් බැද තක්කාලි දමා මදගින්නේ හොඳින් තැම්බෙන්නට හරින්න. කෙසෙල් මල් දමා මදගින්නේ තැම්බෙන්න හැර ලිපෙන් ඉවතට ගෙන දෙහි යූෂ දමා රස බලන්න.

කෙසෙල්මූව කටිලටි

අවශ්‍ය ද්‍රව්‍ය

ලියා බැදගත් කෙසෙල් මූව ග්‍රෑම් 200

බතල, මයියොක්කා, දෙල් හෝ අලු කෙසෙල් තම්බා පොඩිකර ග්‍රෑම් 75

කපාගත් අමූමිරිස් කරල් 2

කපාගත් ළුෑනූ ග්‍රෑම් 50

ලියාගත් කරපිංචා කිනිති 1

කැබලි මිරිස් තේ හැඳි 1

ලුණූ තේ හැඳි 1

දෙහි යූෂ තේ හැඳි 1

උම්බලකඩ ස්වල්පයක්

සාදන ක්‍රමය

භාජනයකට තෙල් දමා ළුෑනූ, කරපිංචා දමා බැදගන්න. රන්වන් පාටට බැදෙන විට තෙල් පෙරා කැබලි මිරිස්, අමූමිරිස්, උම්බලකඩ දමා බැදෙන විට ලිපෙන් ඉවතට ගෙන පොඩි කරගත් අල වර්ගය සමග කෙසෙල් මූව දමා දෙහි එකතු කර බෝල සාදාගන්න.

පිටි මිශ්‍රණයක් සාදා එහි දවටා, පාන් කුඩූ තවරා බැදගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment