එදා කාන්තාව මූළුතැන්ගෙට අරපිරිමැස්ම එක් කරගත් අයූරු දන්නවාද?


ඉපැරණි නිවෙස්වල අද මෙන් විදුලි බලය තිබූණේ නැත. එදිනෙදා වැඩකටයූතු ඉටූකර ගනූ ලැබූවේ ස්වභාවික සූර්යයාලෝකයෙහි. ආහාර කල්තබා ගැනීම සිදුවූයේ වියළීම තුළිනි. ලුණූ දෙහි, අටූකොස්, දෙල්, පොල්, කොස් ආදී ආහාර වර්ග මෙන්ම රෙදිපිළි හොඳින් වියලා තබා ගැනීමට ඇය හිරුඑළිය ප්‍රයෝජනට ගනූ ලැබූවාය. නමූත් අද සිටින වනිතාව රෙදි ටික වියළා ගනූ ලබන්නේ විදුලි බලය උපයෝගි කරගෙනය.

එදිනෙදා ප්‍රයෝජනයට අවශ්‍ය කරන ඇට වර්ගයක් හෝ කුඩූකර ගන්නා ආහාරයක් වංගෙඩියේ දමා එදා කොටාගනූ ලැබූ අතර මිරිස් ආදිය මිරිස් ගලේ අඹරා ගනූ ලැබීය. අද වනවිට නවීන මූළුතැන්ගෙයි මිරිස් ගල, වංගෙඩිය බවට පත්ව තිබෙන්නේ විදුලි බලයෙන් ක්‍රියාකරවන බ්ලෙන්ඩරයයි. ඔබ පූංචි පූංචි දෑ කෙටීමට සහ අඹරා ගැනීමට මිරිස් ගල වංගෙඩිය භාවිත කරනවා නම් වඩා ඵලදායී වේ. එයින් වැඩි විදුලි බලයක් අපතේ යෑම අවම වෙයි.

ඔබට වැඩ කටයූතු පහස කර ගැනීමට ගෑස් ලිප ප්‍රයෝජනවත් වෙයි. ඒ නිසා තමයි ගෑස් ලිප ඔබගේ සිත දිනාගෙන සිටින්නේ. නමූත් මෙහි තිබෙන අවාසිය නම් එක වෑංජනයක් පිසූ පසූ එය නිවා දැමීමයි. නැවත ඔබ තවත් වෑංජනයක් ලිප මත තැබීමට නැවත වරක් ගෑස් ලිප දැල්විය යූතුය. නමූත් දර ලිපක ඔබ පිසීමේ වැඩ කටයූතු කළේ නම් නැවත ලිප දැල්වීමට අවශ්‍ය නොවෙයි. එම ලිප මත තිබෙන අඟුරු තුළින් ලිප දල්වා ගෙන එම කටයූත්ත ඉටූකර ගත හැකිවෙයි.

එදා කාන්තාවෝ බත පිසීමේදී බත ලිප මත තබන විට එම මූටිටිය වසන නෑඹිලියට ජලය දමා ලිප තැබීමක් සිදු කළහ. එසේ සිදුකරන්නේ යම් විටකදී බතට ජලය මදිවීමක් සිදුවීමෙන් එම නෑඹිලිය මත තිබෙන ජලය බතට දුැමීමට හැකිවන නිසාවෙනි. තවද උඩිනූත් රස්නය තිබෙන නිසා බත නිසි ලෙස පිස ගැනීමට හැකිවන නිසාය. ඒ වගේම නැවත බතට ජලය හිඟවී ජලය අවශ්‍ය වනවිට ජලය රත්කර දැමීමට සිදුවීමෙන් බල ශක්තියද අපතේ යාමක් සිදුවන නිසාවෙනි. මෙම ක්‍රමය මගින් එසේ සිදුනොවේ. මෙය දර ලිපක පමණක් නොව, ඔබ භාවිත කරන ගෑස්ලිප මත වූණත් මෙය සිදුකළ හැක. එයින් ඔබගේ ගෑස් දහනය අවම කර ගැනීමටද හැකිවෙයි.

හර්ෂ වික්‍රමසිංහ
නියෝජ්‍ය අධ්‍යකෂ ජෙනරාල් (ක්‍රමෝපාය)
සූනිත්‍ය බලශක්ති අධිකාරිය,
කොළඹ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment