කාන්තා රෝගවලට ගුණ අශෝක

ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපීය ප්‍රදේශවල සරුවට වැවෙන අශෝක ගස් නකස්ල් කඳුූවැටියේ ජලාශ්‍රිත නිම්න ප්‍රදේශවල බහූලව දක්නට ලැබේ.

මීටර 6 ත් 9 ත් අතර උසට වැඩෙන ගසකි. පොකුරු ලෙස හටගන්නා මල්වල සූවඳත්, අලංකාර බවක් ඇත. ගෙඩි තුළ පෙත්තක් වැනි බීජ දක්නට ලැබේ.

සිංහලෙන් අශෝක යනූවෙන් හඳූන්වන මෙම ශාකය ඉංග්‍ර්‍රීසියෙන් ්ිදන් ඔරුැ යනූවෙන් හැඳින්වෙයි.

ඖෂධීය ගුණයෙන් පිරි අශෝක ගසේ පොතු බීජ සහ මල් ඖෂධ සඳහා යොදාගනී,

දේශීය වෛද්‍ය විද්‍යාවේදීන් ආයූර්වේදයේදීත් කාන්තා රෝග සඳහා විශේෂයෙන් ගර්භාෂ රෝග සඳහා අශෝක යොදා ගනී. එබැවින් කාන්තාවන්ගේ ශෝකය තුරන් කරන බැවින් අශෝක යන නම යෙදුණූ බව ද ජනවහරේ සඳහන් වෙයි.

සෙම, පිත සමනයකරන විෂ නසන වේදනාව නසන, ලේ පිරිසිදු කරන, පනූවන් නසන, මූත්‍රා වඩන, ගර්භාෂයේ ලිහිල් බව වර්ධනය කරන, අශෝක ශාකයේ මල් වියළා තම්බා බීමෙන් දියවැඩියා රෝගය සූවවේ.

අමාරුවෙන් මූත්‍රා පිට වන අවස්ථාවලකදී හා මූත්‍රා ගල් පිටවන අතර, මූත්‍රාද හොඳින් පිටවෙයි.

මල්පිපූණූ අශෝක ගස නෙතට රසඳුනකි. නිවසට සිරියාවකි. එබැවින් ගෙවතු, ගෙමිදුල් අලංකාරය සඳහා ද පහසූවෙන් වවාගත හැකිය.

හොඳින් මේරූ සජීව බීජ තෙත වැලි තවානක තබා දින 14 ත් 17 ත් අතර කාලයකදී පැළකර ගත හැකිය. බීජ පැළ සෙ. මී. 10 ත් 15 ත් අතර ප්‍රමාණයකට වැඩූණූ විට වැලි තවානෙන් ඉවත්කර පොහොර පස් දමා පෝච්චියක හෝ කෙසෙල් පටිටා වලින් සාදාගත් මල්ලක සිටූවා මාස 3 ක් පමණ පසූ ගස් අතර පරතරය මීටර් 1 1/2 ක් 2 ක් අතර පරතරයක් ඇතිව සිටූවන්න.

ආයූර්වේද ඖෂධයක් වශයෙන් වඩාත් ඉල්ලුමක් ඇති අශෝක ශාකය ඔබගේ ගෙමිදුලේ වවාගැනීමෙන් ආදායමක් ලබාගත හැකි අතර පඳුරු ආකාරයට වවාගැනීමෙන් (බඩවැටි) වදවී යන මෙම ශාකය රැක ගැනීමට දහැකිවේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment