කරවල වර්ග රසට හදන්න


කීරමින් ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය

කීරමින් කරවල ග්‍රෑම් 200

තක්කාලි ග්‍රෑම් 75

ළුෑනූ ග්‍රෑම් 75

අමූමිරිස් කරල් 5

කැබලි මිරිස් මේස හැඳි 1

රම්පේ, කරපිංචා

කුරුඳුපොතු

ලුණූ තේ හැඳි 1

තෙල් කෝප්ප 1/2

සාදන ක්‍රමය

කීරමින් ශුද්ධ කර සෝදා (ලොකු නම් දෙකට කපා) තෙලේ බැදගන්න. භාජනයක් ලිප තබා තෙල් ටිකක් එකතු කර රත්වන විට රම්පේ, කරපිංචා, කුරුඳුපොතු, ළුෑනූ එක්කර තරමක් බැදෙන විට කැබලි මිරිස්, ලුණූ දමා තක්කාලි ද එක්කර කීරමින් දමා මද ගින්දරේ වසා පිසගන්න.

කාරල්ලා කරවල බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය

කාරල්ලා කරවල ග්‍රෑම් 200

තෙල් කෝප්ප 1·2

මිරිස් කුඩූ තේ හැඳි 1/2

දෙහි යූෂ ස්වල්පයක්

අවශ්‍ය නම් ලුණූ

සාදන ක්‍රමය

කරවල සෝදා ශූද්ධ කර ගැඹූරු තෙලේ හොඳින් බැද තෙල් පෙරා රස්නය පිටින්ම මිරිස් කුඩූ, අවශ්‍ය නම් ලුණූ හා දෙහි එක්කර අත ගා ගන්න.

හාල් මැස්සන් ඔළු සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය

හාල් මැස්සන් ඔළු ග්‍රෑම් 50

පොල් ග්‍රෑම් 100

පූළුස්සාගත් වියළි මිරිස් කරල් 5

සූදුළුෑනූ (කපාගත්) තේ හැඳි 1

කරපිංචා (ලියාගත්) තේ හැඳි 1

රතුළුෑනූ ග්‍රෑම් 25

ලුණූ කුඩූ තේ හැඳි 1

දෙහි යූෂ තේ හැඳි 1 1/2

ගම්මිරිස් ඇට තේ හැඳි 1/2

සාදන ක්‍රමය

හාල් මැස්සෝ ඔළු සෝදා කබලේ බදින්න. වියළි මිරිස්, ළුෑනූ වංගෙඩියකට දමා කොටා ගන්න. ගම්මිරිස් ඇට ද එක් කරන්න. හාල් මැස්සන් ඔළු, කරපිංචා, සූදුළුෑනූ, රතු ළුෑනූ එක්කර කොටා අවසානයේ පොල් ද දමන්න. දෙහි යූෂ එකතු කර අනාගන්න.

සාවාලයා කරවල වෑංජනය

අවශ්‍ය ද්‍රව්‍ය

සාවාලයා කරවල ග්‍රෑම් 200

බිලිං ග්‍රෑම් 50

ළුෑනූ ග්‍රෑම් 75

මිරිස් කුඩූ තේ හැඳි 1 1/2

කරි කුඩූ තේ හැඳි 1 1/2

සූදුළුෑනූ තේ හැඳි 1 1/2

අමූමිරිස් කරල් 2

රම්පේ, කරපිංචා

කුරුඳුපොතු

දිය කිරි කෝප්ප 1/2

මිටි කිරි කෝප්ප 1/2

සාදන ක්‍රමය

සාවාලයා තරමක් හීනියට තීරු කපා සෝදා ගන්න. එය භාජනයකට දමා අනෙකුත් සියල්ල එකට දමා ලිප තබා හින්දවා ගන්න. මේ ක්‍රමයට සාදා බලන්න. ඉතාමත් රසවත් ය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment