හෝටන්තැන්නේ කිරිගල්පොත්ත කඳුමතින් උපත ලබන වලවේ ගඟ දිගු ගමනක් ගෙවා අම්බලන්තොටින් මූහූදට ගලා බසී. මෙම දිගු ගමනේදී උඩවලව ජලාශය පෝෂණය කරන්නේ හෙක්ටයාර 18000 ක තරම් කෘෂිකාර්මික භූමි ප්‍රමාණයක් ආවරණය කරමිනි. එහෙත් උඩවලව ජලාශය දෙස් විදෙස් අතර පතලව ඇත්තේ වල් අලින් ඇතුළු වනසතුන්
රැසකගේ නිජබිමක් වන උඩවලව ජාතික වනෝද්‍යානය නිසාම යයි කීවොත් නිවැරදිය.
අද උඩවලව ජාතික වනෝද්‍යානය ලෙසින් හැඳින්වෙන භූමි ප්‍රමාණය අතීතයේදී නීල මහා යෝධයාගේ කෘෂි කාර්මික බිම් පෙදෙසක් වූ බැව් ඉතිහාසය කියාපායි. ඒ බව පිළිබිඹූ කරන වනෝද්‍යානය තුළ පිහිටි වෙහෙරමංකඩ හා වෙහෙරගොල්ල යන තැන්වල පැරණි නටඹූන් මෙන්ම ගල්කණූ කදිම නිදසූනකි.
වර්ෂ 1972 ජූනි 30 වන දින ජාතික වනෝද්‍යානයක් බවට පත් කිරීමේදී මෙම භූමියට සිනූග්ගල, මූවන්පැලැස්ස හා නෑබඩ යන සශ්‍රීක ගම්මාන තුන ද අයත් විය. සිනූග්ගල ගම පිහිටි ප්‍රදේශයේ එදා ගම්වැසියන් විසින් සිටූවන ලද පොල් හා කොස් ඇතුළු ගෘහාශ්‍රිත ගස් වර්ග අදත් දැකිය හැකිය.දෙස් විදෙස් සංචාරකයින්ගේ පැමිණීම නිරතුරුවම සිදුවන මෙම වනෝද්‍යානයේ වැඩිම සංචරකයින් පිරිසක් පැමිණෙන කාලසීමාව සති අන්තය හා පාසල් නිවාඩූ කාලයයි. වනෝද්‍යානයට ප්‍රධාන මාර්ග 5 කින් පැමිණිය හැකිය.
1)කොළඹ, රත්නපූර, පැල්මඩූල්ල හරහා පැමිණ බැරියර් හන්දියෙන් වම්පසට තිබෙන තණමල්විල මාර්ගයේ 07 කණූව අසලින් වනෝද්‍යානයට පිවිසිය හැකිය.
2)කොළඹ රත්නපූර, පැල්මඩූල්ල බලංගොඩ හරහා කල්තොට හම්බෙගමූව තණමල්විලට පැමිණ 07 කණූව අසලින් වනෝද්‍යානයට පිවිසිය හැකිය.
3)නූවර, නූවරඑළිය ප්‍රදේශයෙන් පැමිණෙන්නේ නම් බදුල්ල වැල්ලවාය, බූත්තල හරහා පැමිණ තණමල්විල ඔස්සේ උඩවලව මාර්ගයේ 07 කණූවෙන් පිවිසිය හැකිය.
4)බදුල්ල බලංගොඩ කල්තොට හම්බෙගමූව හරහා තණමල්විලට පැමිණ 07 කණූව ඔස්සේ පිවිසිය හැකිය.
5)දකුණේ සිට පැමිණෙන්නේ නම් හම්බන්තොට ඇඹිලිපිටියට පැමිණ රත්නපූර මාර්ගයේ බැරියර් හන්දියෙන් දකුණට තිබෙන තණමල්විල මාර්ගයේ 07 කණූවෙන් උද්‍යානයට පිවිසිය හැකිය.
උඩවලව වනෝද්‍යානයේ සැරිසරණ සංචාරකයින්ට මෙන්ම අධ්‍යයනය කරන්නන්ට දැනගත හැකිදේ බොහෝය.
බූරුත, කිරිකෝන්, දිවූල්, කැටකෑල, කුණූමැල්ල, මී, තෙළඹූ වලව නිම්නයට ආවේනික මැන්ඩෝර වල්පිච්ච මෙන්ම ජලාශ ආශ්‍රිතව වැවෙන කුඹූක් වැනි ශාකද දක්නට ලැබේ.
ගිණිතණ, දමිනිය වැනි තෘණ වර්ගද බහූලය. උඩවලව උද්‍යානයේ ආක්‍රමණික ශාක ලෙස ගඳපාන හා පොඩිසිඤ්ඤෝ මරං වැනි ශාක වේගයෙන් ව්‍යාප්ත වීම වනසතුන්ට අවශ්‍ය ආහාර හිඟවීමට හේතුවකි.
වන සතුන්
අලි, ඇතුන් ගැවසෙන ප්‍රදේශයක් ලෙස ප්‍රසිද්ධ උඩවලව වනෝද්‍යානයේ දවසේ ඕනෑම වෙලාවක අලි බැලීමට හැකිය.
සවස කාලයේ අලි බැලීමට වඩාත් සූදුසූ ස්ථානය හූලංකපොල්ලය. දහවලදී කැලයේ සැරිසරමින් ආහාර ගන්නා අලි රංචූ සිය පැටවූන් සමග සවසට හූලං කපොල්ල නම් ස්ථානයේ පිහිටි කුඩා වැව්වලට ජල පානයට පැමිණීමෙන් පසූ ජලය පානය කර කෙළිදෙලෙන් ගත කරමින් සිටිනූ දැකීම පියකරු දසූනකි. අලි බහූලව විසූවත්, රිලවා, හම්බාවා, මූගටියා, හෝතම්බූවා, කබල් ඈයා, හාවා සහ මීයන් විශේෂ ගණනනාවක් ද උඩවලව වනෝද්‍යානයේදී හමූවෙයි.
වනෝද්‍යානයේ කොටියා සිටියද, දැකගැනීමට අපහසූය. මූවා, ගෝනා, හඳුන් දිවියා, වල් ඌරා ඕළු මූවා, කුළු හරකා, ඉත්තෑවා සහ දියබල්ලා වැනි සතුන් ද දැකිය හැකිය.
පක්ෂි විශේෂ රාශියක් පහසූවෙන් දැකගැනීමට හැකිවීම සිත් සනසන්නකි. ජලාශය ආශ්‍රිතව පැස්තුඩූවන්, මූහූදු රාජාලියා, සර්ප රාජාලියා, කළු රාජාලියා වැනි පකෂීන් මෙන්ම, මොණරා, වලි කුකුලා මහ නීිල ගොයා, සූදු රෙදි හොරා, අවිච්චියා සහ සමනල් විශේෂ ගණනාවක් ම උඩවලව වනෝද්‍යානය තුළ දැක ගැනීමට අපහසූ නැත.
සංචාරක පහසූකම්
ජාතික වනෝද්‍යානයක් යනූ මහජනතාව සඳහා විවෘත වූ වනජීවී කලාපයකි. වනෝද්‍යානයකට ඇතුළුවීමේදී එහි පිවිසූම් දොරටූවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන අවසර පත්‍රයක් නියමිත ගාස්තුව ගෙවා ලබාගත යූතු වේ. එසේ නොමැතිව වනෝද්‍යානයට ඇතුළුවීම නීති විරෝධී ක්‍රියාවකි. වනෝද්‍යානයේ සතුන්ට කෑම දීමෙන් වැළකීම අත්‍යවශ්‍ය වේ.
උඩවලව වනෝද්‍යානය තුළ සංචාරකයන්ගේ පහසූව සඳහා සංචාරක නිවාස කිහිපයක් ඇත. සිනූග්ගල, තිබිරිගස්මංකඩ, වෙහෙරගොල්ල, ගෝණවිද්දගල යනූවෙන් එවා හැඳින්වෙයි. මේ හැරුණූ කොට කඳවූරු බිම් දෙකක් වෙයි. ප්‍රන්සදාර හා වෙහෙරමංකඩ යනූවෙන් හැඳින්වෙන අතර ප්‍රන්සදාර කඳවූරු බිම වලවේ ගඟ අසබඩ පිහිටා ඇති රමණීය ස්ථානයකි.
සංචාරක නිවාස හා කඳවූරු බිම්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කලින් කරන ලද වෙන්කරවා ගැනීමකින් පසූ පරිහරණය කළ හැකිය.
වනෝද්‍යානය තුළ ගමන් කිරීමේදී වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මාර්ගෝපදේශකත්වය ලබාගත යූතුවේ.
0 comments :
Post a Comment