කොලෙස්රෝල් නැති ගුණ වැඩි අලිගැටපේර



අලිගැට පේර අපි කවූරුත් ආහාරයට ගන්නට කැමති පළතුරකි. මෙය පෝෂණ ගුණයෙන්ද අනූන වේ. .

ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය මගින් ආසියාතික රටවල පරිභෝජනයට සූදුසූ පළතුරක් ලෙස අලිගැට පේර හඳුන්වාදීම විශේෂ වේ. මෙහි ඇති මේදය සහ අනෙකුත් ලෝහ ලවණ මෙන්ම ශක්තියෙන්ද අනූන නිසා ආහාරයට වඩාත් උචිත පළතුරකි. බාල, යෞවන, වැඩිහිටි අයටත් සූදුසූ කෑමට ප්‍රිය උපදවන පළතුරක් වේ. කොළ පාට සහ දම්පාට ලෙසින් අපට දැකගත හැකි වේ.

මෙයින් සකස් කරගත හැකි විවිධ පානයන් සහ සලාද වර්ග අතුරුපසක් ලෙස ද එකතු කරගත හැකි වේ. ශ්‍රී ලංකාවේදී නූවර, නූවරඑළිය, බදුල්ල, මාතලේ වැනි ප්‍රදේශවල හොඳින් වැවෙන අලිගැට පේර අපේ රටෙි ජනතාව අයිස්ක්‍රීම්, හකුරු, යෝගටි සමගත් ආහාරයට ගනී. යූරෝපයේ නම් පාන්වල මැදට තවරන අලේපයක් ලෙසත් ගනී.

මෙක්සිකෝවේ මූලින්ම වගා කළ ඇතැයි සිතන අලිගැට පේර ඉන් පසූව මධ්‍යම ඇමරිකානූ රටවල ව්‍යාප්තව තිබේ. 1927 දී පමණ ලංකාවට හඳුන්වාදී ඇතැයි සැලකෙන අලි පේර උඩරට අපි ඉහතින් සඳහන් කළ ප්‍රදේශවල හොඳින් ව්‍යාප්තව ඇත්තේ උචිත දේශගුණ තත්ත්වයන් නිසා වේ. ලංකාවේ ජනතාව අතරත් විදේශීය ජනතාව අතරත් ජනප්‍රිය අලිගැට පේර අලෙවියෙන් ලාබ ඉපයීමටත් හැකි වේ.

අලිගැට පේරවල ටැනින් නමැති රසායන ද්‍රව්‍ය අඩංගු නිසා උණූසූම් ආහාර සමග හෝ උණූ වතුර මිශ්‍රකර පානයක් සෑදීමෙන් තිත්ත රසක් එකතු වේ.

අලිගැට පේරවල පෝෂණය ගතහොත් මෙසේ දැක්විය හැකිය. අලිගැට පේර ග්‍රෑම් 100 ක ජලය ග්‍රෑම් 73 ක්, ශක්තිය කිලෝ කැලරි 215 ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 1.7 ක්, මේදය ග්‍රෑම් 22.8 ක්, කාබොහයිඩේ්‍රටය ග්‍රෑම් 0.8 ක්, කැල්සියම් මිලිග්‍රෑම් 10 ක්, පොස්පරස් මිලිග්‍රෑම් 80 ක්, යකඩ මිලි ග්‍රෑම් 7 ක් අඩංගු වේ.

ගර්භනී මවූවරුන්ට වඩාත් ගුණදායක වේ. මෙහි ඇති මේදය අසංතෘප්ත මේදයකි. එම නිසා ජීර්ණයට පහසූවේ. රුධිරයේ කොලෙස්ටරෝල් ඇත්තේ කෑමට එකතු කරගන්නා සත්ව ආහාර වන මස්, කිරි, බිත්තරවලය. මේ කොලෙස්ටරෝල් නිසා හෘදයාබාධ, අධික රුධිර පීඩනය, ඇති වූවත් අලිගැටපේර වැනි පළතුරුවලින් කොලෙස්ටරෝල් ඇතිවී හෘදයාබාධ, අධික රුධිර පීඩනය වැනි රෝග ඇතිවෙතැයි සිතීම මිත්‍යා මතයක් වේ. මෙහි ඇති කැල්සියම්, පොස්පරස්, යකඩ අඩංගු නිසා ගර්භනී කාන්තාවන්ට සූදුස වේ. තව ද පොස්පරස්, සෝඩියම්, පොටෑසියම් යම්තමට හෝ ඇති නිසා ගර්භනී කාලය තුළ ඇතිවන වමනය පාලනය කිරීමට ප්‍රමාණවත් වන පළතුරක් වේ. තව ද අංශු මාත්‍ර ඛනිජ වන සින්ක්, මැග්නීසියම්, තඹ ද මෙහි ඇත.

කුඩා දරුවන්ටත්, වයසක උදවියටත් හොඳින් ජීර්ණය වන කැලරි බහූල ශක්තිය වඩන ආහාරයකි. සියල්ල ප්‍රමාණවත් පමණට ලබාගැනීම වැදගත් වේ.

අලිගැට පේරවලින් කැටගැස්මක් හදමූ

අවශ්‍ය ද්‍රව්‍ය

හොඳින් ඉදුනූ අලි පේර ගෙඩි 1 ක්

දෙහි හෝ ලෙමන් යූෂ තේ හැඳි 1/2 ක්

ඔලිව් තෙල් හෝ කෝන් තෙල් තේ හැඳි 1 ක්

සැල්දිරි කොළ අතු ස්වල්පයක් හෝ ළුෑණූ කොළ හෝ චයිවිස් (සිහින්ව කපාගත්)

කුඩා ත්‍රිකෝණ ලෙස කපාගත් ඉදුණූ තක්කාලි හෝ රතු බෙල් පෙපර් ටිකක්

ලුණූ ස්වල්පයක්

සාදන ක්‍රමය

ං අලිගැට පේර ගෙඩිය පොඩි නොවන සේ දිග අතට කපා ගන්න

ං පොත්ත ඉවත් කර නොතැලෙන සේ මදය එළිය ගන්න. පසූව තරමක් ඝනකම් තීරු ලෙස කපාගන්න.

ං මෙම තීරු තසිමක මලක් ආකාරයට තබාගන්න. එහි වැඩි අලංකාරයට මලේ මැදට රතු මිරිස් කැබැල්ලක් සහ මලේ ඉත්ත ලෙස සැල්දිරි කැබැල්ලක් ද කොළයක් ලෙසත් සැල්දිරි කොළයක්ද වටෙි අලංකාර කිරීමට ත්‍රිකෝණාකාර තත්කාලි කැබලි හෝ බෙල් පෙපර් තබා අලංකාර කර ප්‍රධාන කෑමකට පෙර මේසයට යවන්න. දෙහි යූෂ හෝ, ඔලිව් තෙල් ද මේසයට යැවීමට පේර එකතු කරන්න.

තවත් වැදගත් කාරණයක් වන්නේ රූපලාවන්‍ය ආලේපනයක් ලෙසත් අලිගැට පේර මදය භාවිත කිරීමයි. අද ලංකාව පූරා මෙන්ම ලොව පූරා අලිගැට පේර ආලේපන ලෙස භාවිත කරයි. විශේෂයෙන් වියලි සමට සූදුසූ වේ. සම මතුපිට අලිගැට පේර මදය තවරා විනාඩි 20 කින් පමණ සෝදා ඉවත් කිරීමෙන් දීප්තියක් එකතු වේ. හිසකෙස්වලටද වඩාත් උචිත වේ. මෙයින් හිස් කබලේ මතුපිට ඇතිවන හිස්හොරි ඉවත් වේ යැයි සැලකේ. තව ද සමෙහි කැසීමක් ඇති වූ විට ඉදුණූ අලි පේර මදය පොඩිකර ඇතිල්ලීමෙන් එය සූවපත් වේ. එමෙන්ම මූත්‍රාවල ගල් ඇතිවීමේ අවධානම අඩූ කරන්නට සමත් පළතුරක් ලෙස හඳුන්වා දිය හැකිය.

වගා කිරීමේදී බද්ධ පැළ හෝ ඇටවලින් වගාව ව්‍යාප්ත කළ හැකිය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment