මල්වරවීමත් සමග එකවරම කාන්තා හෝමෝනය වැඩිපූර නිපදවෙන්නේ නැහැ


කාන්තා රෝග ගැන කතා කිරීමේදී ඔසප් චක්‍රයේ අක්‍රමවත්වීම නිසා කාන්තාවන් මානසිකව පීඩාවට පත්වන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. මෙම තත්ත්වය අවස්ථා තුනකට බෙදා කතා කළ හැකියි.

ඉන් එකක් තමයි මල්වරවීම තුළදී ඇතිවන ඔසප් චක්‍රයේ අක්‍රමිකතාවන්. විශේෂයෙන්ම අවූරුදු එකොළහක්, දහසය සහ දාහත අතර ගැහැනූ දරුවන්ගේ ඔසප් චක්‍රයේ විෂමතාවන්. මෙම විෂමතාවන්ට බලපාන විවිධ හේතූන් තියෙන්න පූළුවනි.

ගැහැනූ ළමයින්ගේ ඔසප් චක්‍රයේ විෂමතාවන්ට බොහෝ වෙලාවට හේතුවෙන්නේ සාමාන්‍ය කාන්තා හෝමෝන තත්ත්වය ශරීරය තුළ ඇති නොවීමයි. බොහෝ ගැහැණූ දරුවන් මල්වර වූණාට එකපාරටම කාන්තා හෝමෝන නිෂ්පාදනය වැඩිහිටි කාන්තාවන්ගේ වගේ වෙන්නේ නැහැ. විශේෂයෙන් ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන කාන්තා හෝමෝනය නිසි පරිදි ස්‍රාවය වෙන්න සමහරවිට අවූරුදු දෙකක් තුනක් ගතවෙන අවස්ථා තියෙනවා. සමහර ගැහැනූ දරුවන්ට අවූරුදු හතරක කාලයක් වූණත් ගතවෙන්න ඉඩ තියෙනවා.

සාමාන්‍යයෙන් ගැහැනූ ළමයෙක් මල්වර වෙන්නේ අවූරුදු 9 ත් 13 ත් අතර කාලයේදීයි. පළමූ කාලවලදී වන ඔසප් චක්‍රවල ඩිම්බ මෝචනයක් සිද්ධවෙන්නේ නැහැ. ඒ වගේම ඔසප් චක්‍ර අක්‍රමවත් වෙන්න පූළුවනි. සමහර ගැහැනූ දරුවන්ට ඔසප් චක්‍රය දවස් 21 කට සැරයක් හෝ දවස් 35 හෝ දවස් 42 සැරයක් වෙන්න පූළුවනි. ඒකයි අපි කිව්වේ අක්‍රමවත් කියලා.

යම්කිසි ගැහැනූ ළමයෙකු වැඩිවියට පත්වෙලා අවූරුද්දක් දෙකක් ගතවෙලා ඊළඟ ඔසප්වීම වූනා කියලා අපි එය ප්‍රශ්නයක් කියලා සලකන්නේ නැහැ. අපි වෛද්‍ය ප්‍රශ්නයක් කියලා හිතන්නේ අවූරුදු දහසය දාහතට පස්සෙත් ඔසප් චක්‍රය අක්‍රමවත් නම් පමණයි.

සමහර ගැහැනූ දරුවන්ට ඔසප් වීමේදී අධික ලෙස රුධිරය වහනය වෙනවා. මේ නිසා ඔවූන්ගේ අධ්‍යාපනයට බලපෑම් ඇතිවෙනවා. ඇතැම් දරුවන්ගේ ක්‍රියාශීලිත්වය අඩූවෙලා යනවා. නීරක්ති තත්ත්වය ඇති වෙනවා. මෙවැනි තත්ත්වවලදී වෛද්‍ය ප්‍රතිකාර ගත යූතුයි. මල්වර වන ගැහැනූ දරුවන්ගෙන් සියයට අනූපහකට විතර මෙවැනි ඔසප් චක්‍රයේ අක්‍රමිකතාවන් අපට අහන්නත්, දකින්නත් පූළුවනි.

ඔසප් චක්‍රය නිසි පරිදි සිදුවීමේදී ඩිම්බමෝචනය වෙනවා. නමූත් මෙම තත්ත්වය අවූරුදු 18ඃ35 අතර කාලයේදී නැවත ඔසප් චක්‍රය අක්‍රමික වෙන්න තවත් කරුණූ කාරණා බලපාන්න පූළුවනි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment