විකිරණ කවන ලද අයඩින් ප්‍රතිකාරය තරුණ කාන්තාවන්ට නූසූදුසූ ඇයි?



තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරිත්වය හේතු කොට ගෙන කෙනෙකුට තවත් කෙනෙකු නූරුස්සනා ස්වභාවයක් ඇතිවිය හැකි අතර තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරිත්වය නිසා පිරිමින්ට වඩා පීඩා විඳින්නේ ද කාන්තාවන් බව අපි පසූගිය සතියේ සාකච්ඡා කළෙමූ.

මෙවර අප ඔබගේ අවධානයට යොමූ කරන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරිත්වයට ප්‍රතිකාර ක්‍රම දෙකක් හා තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය හීනවීම හේතු කොට ගෙන ඇතිවන තත්ත්වයන් පිළිබඳවයි.

තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරිත්වය සඳහා විකිරණ කවන ලද අයඩින් ප්‍රතිකාරය මෙන්ම ශල්‍යකර්මයන් ද සිදුකරනූ ලබනවා

විකිරණ කවන ලද අයඩින් ප්‍රතිකාරය.

මෙය තයිරොයිඩ් සඳහා කරනූ ලබන ප්‍රචලිත ප්‍රතිකාර ක්‍රමවේදයකි. ශී්‍ර ලංකා රජයේ සමහර රෝහල්වල මෙම ප්‍රතිකාරය සිදුකරනූ නොලැබූවත් ඇතැම් රෝහල්වල මෙම ප්‍රතිකාරය සිදුකරනූ ලබන අතර මහරගම පිළිකා රෝහලේදී ද ප්‍රතිකාර සිදුකරනූ ලබයි. එහෙත් ඔබ මෙය පිළිකාමය තත්ත්වයක් ලෙස වරදවා වටහා ගෙන කළබල විය යූතු නැත.

මෙහිදී සිදුකරනූ ලබන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ අධික ක්‍රියාකාරිත්වයක් ඇති ෙසෙල හා මෙම විකිර්ණ කවන ලද අයඩින් බැඳි එම ෙසෙලවල ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමයි.

මෙය ළමයින්ට හා විශේෂයෙන් ගර්භනි මවූවරු සඳහා නිර්දේශ නොකළත් වැඩිහිටියන් සඳහා ප්‍රචලිත ප්‍රතිකාර ක්‍රමයකි. තරුණ තරුණියන් සඳහා ද මෙම ප්‍රතිකාරය නිර්දේශ කරනූ ලැබූවත් විශේෂයෙන් තරුණ කාන්තාවන් මෙම ප්‍රතිකාරය ලබාගත් පසූ මාස හයක් ඉක්මවා යනතුරු ඇය ගර්භනී තත්ත්වයට පත්නොවී සිටීමට වග බලාගත යූතුය.

මෙම විකිරණ කවන ලද අයඩින් ප්‍රතිකාරය ලබාගත් අය දින කිහිපයක් ගතවෙනතුරු කුඩා ළමයින් හා ගැවසීමෙන් වැලකී සිටීමද යහපත්ය. මෙය වැඩිහිටියන්ට එතරම් බලපෑමක් ඇති නොකරයි.

කෙසේ වූවත් විකිර්ණ කවන ලද අයඩින් ප්‍රතිකාරය තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරිත්වය සඳහා එක්වරක් පමණක් ලබාදෙන ප්‍රතිකාර ක්‍රමයක් වූවත් කලාතුරකින් අවස්ථාවක කෙනෙකුට යළිත් වසරකට පසූ ගැනීමට සිදුවිය හැකියි.

මෙහි අතුරුඵලයක් ලෙස තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අවම වී එම රෝගියා හයිෆෝතයිරොයිඩ් තත්ත්වයට ගොදුරුවීමට ඉඩකඩ ඇත.

මෙහිදී සිදුවන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිපදවෙන්නා වූ තයිරොක්සින් හෝර්මෝනය නිපදවීම දුර්වලවීමයි. ඒ හේතුවෙන් ශරීරයේ විවිධ සංකූලතා ඇතිවීමට පූළුවන.

මේ සඳහා ද ප්‍රතිකාර ලබාදෙන අතර වෛද්‍ය නිර්දේශ මත එම ඖෂධ දිනපතා භාවිතයට ගත යූතුයි.

තයිරොයිඩ් ග්‍රන්ථියෙහි අධි ක්‍රියාකාරිත්වය සඳහා ප්‍රතිකාර ලබාගත් රෝගියෙක් වෛද්‍යවරයා දෙනූ ලබන උපදෙස් ක්‍රමානූකූලව පිළිපැදීම අත්‍යවශ්‍ය කරුණකි.

ශල්‍යකර්මය

තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරිත්වය පාලනය සඳහා සැත්කම්ද සිදුකරනූ ලබයි. එසේ කරනූ ලබන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටිත්තක් හෝ ගැටිති කිහිපයක් ඇතිවීම නිසයි. එමගින් සිදුකරනූ ලබන්නේ එම ගැටිති කොටස් තයිරොයිඩ් ග්‍රන්ථියෙන් ඉවත් කිරීමයි.

මෙම සැත්කම කිරීමට පෙර වෛද්‍යවරයා නිර්දේශ කරනූ ලබන ඖෂධ ප්‍රතිකාර ලබාගත යූතුය. ඖෂධ ප්‍රතිකාර මගින් යහපත් ප්‍රතිඵල අත් නොවූණහොත් පමණක් ශල්‍යකර්මයන් සිදුකරනූ ලබන බව මතක තබාගන්න. එමෙන්ම සැත්කම සිදුකරනූ ලබන්නේ වෛද්‍ය පරීකෂණ මගින් තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටිතිත්තක් හෝ ගැටිති ඇති බවට හඳුනාගත්විටය.

තයිරොයිඩ් ග්‍රන්ථියේ සැත්කමකට භාජනය වන කෙනෙකුගේ කලාතුරකින් කටහඬෙහි වෙනස්කම් ඇතිවීමට පූළුවන. එමෙන්ම එම සැත්කම මගින් තයිරොයිඩ් ග්‍රන්ථියේ කොටසක් ඉවත් කරන නිසා කලාතුරකින් කෙනෙකුගේ ශරීරයේ කැල්සියම් නිෂ්පාදනය ද අවම වීම හේතුකොට ගෙන එම රෝගිියා වෙනත් ආබාධවලට ලක්වීමට පූළුවන.

තයිරොයිඩ් ග්‍රන්ථියේ සැත්කම නිසා එහි ක්‍රියාකාරිත්වය අඩූවී තයිරොක්සින් නිපදවීම අඩූවීම (හයිෆෝතයිරොයිඩ්) වැනි තත්ත්වයන් පසූ කලකදී ඇතිවීමට පූළුවන. එමෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අධික වීම හේතු කොටගෙන ඇස් ඉදිරියට නෙරා ඒම. ඇස් ඉදිමී රෝගියා බියවූ ආකාරයේ දෑස්වලින් යූක්තවීම ආදී ලකෂණ ඇතිවීමට පූළුවන. මෙය සෘජූ ලෙසම කෙනෙකුගේ බාහිර පෙනූමට බාධාවකි.

තයිරොයිඩ් ග්‍රන්ථියේ අඩූ ක්‍රියාකාරිත්වය

සාමාන්‍යයෙන් මෙහිදී සිදුවන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩූවී තයිරොක්සින් හෝර්මෝනය නිපදවෙන ප්‍රමාණය අඩූවීමයි. මෙහිදී තයිරොයිඩ් ග්‍රන්ථියේ ආවේණික රෝග තත්ත්වයන් ඇතිවිය හැකිය. ඊට අමතරව ඉතා කලාතුරකින් මොළයේ පිටියූටරි ග්‍රන්ථියේ හා ඊට ඉහළින් ඇති හයිෆෝතැලමස ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයේ අඩූවීමක්ද සිදුවිය හැකිය.

අප මූලින් සාකච්ඡා කළ ආකාරයට තයිරොයිඩ් ග්‍රන්ථියට ඇති ආවේණික තයිරොක්සින් හෝර්මෝනය නිපදවන ෙසෙලවලට බාධා ඇතිවීම හැරුණූ කොට විවිධ ප්‍රතිදේහද බහූල වශයෙන් හේතුවේ. මෙම ප්‍රතිදේහ නිසා තයිරොක්සින් නිෂ්පාදනය අවම වීම සිදුවිය හැකිය. (මෙම තත්ත්වයට පිරිම්න් එක් අයකුට කාන්තාවන් හයදෙනෙකු ගොදුරුවේ.

කෙසේ වූවත් ඉහත තත්ත්වය කෙනෙකු ගනූ ලබන ආහාරවල තිබෙන අයඩින් ප්‍රමාණය නිසා මෙන්ම වෙනත් රෝගාබාධ නිසා ද තයිරොක්සින් නිෂ්පාදනය අවම වීමට පූළුවන.

උදාහරණයක් වශයෙන් මානසික රෝගීන්ට ලබාදෙනූ ලබන ඛසඑයසමප හා හෘද රෝගීන්ට ලබාදෙන ්පසදා්රදබැ වැනි ඖෂධ නිසා තයිරොක්සින් හොර්මෝන නිෂ්පාදනය අවම වේ.

මීට අමතරව අප ඉහත සඳහන් කළ සැත්කම නිසා ද තයිරොක්සින් නිෂ්පාදනය අවම වන බව ඔබ දැනටමත් අවබෝධ කරගෙන ඇතැයි විශ්වාස කරමූ.

ශරීරයේ අයඩින් තයිරොක්සින් අඩූ තත්ත්වයට සමහර පළාත්වල (තෙත් කලාපය) විශාල පිරිසක් ගොදුරුව ඇති අයූරු ඔබටත් දැකිය හැකිය. අයඩින් ඌනතාවයෙන් පෙළෙන අයගේ බෙල්ලේ වායූ ගෙඩියක්ද දැකිය හැකිය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment