නහර ගැට ගැසීම සඳහා කරන සැත්කමින් පසූ ඇවිදීම අපහසූවෙනවා ද?


නහර ගැට ගැසීම පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදක්වන්නේ එය රෝගී තත්ත්වයක් ලෙස බොහෝ දෙනා නොදන්නා බැවිනි. නමූත් එය රෝගී තත්ත්වයක්, එයට ප්‍රතිකාර අවශ්‍ය බව දැන් ඔබට වැටහෙනවා නේද? මේ නිසා අද එම රෝගී තත්ත්වයට කළ හැකි ප්‍රතිකාර ගැන හා අතුරු ආබාධ තිබේ ද යන්න දැනූවත් වෙමූ.

ංප්‍රතිකාර කළ පසූ අතුරු ආබාධ ඇති වේද?

ඔව්, කලාතුරකින් කෙනෙකුට ඇතිවන්න පූළුවන්.

ං මොනවගේ ආබාධද?

ප්‍රතිකාර කළ පසූත් දින කිහිපයක් තුළ පවතින වේදනාව, සම යටින් රුධිරය ගැලීම නිසා ඇති වන ඉදිමූම ආදිය ඇතිවිය හැකියි.

ං මෙම රෝගී තත්ත්වයේදී වඩා ඵලදායී වන්නේ නික්ෂේපණ ක්‍රමයද? ශල්‍යකර්මයක් කිරීමද?

වෛද්‍යවරයකු හැටියට මා පවසන්නේ මේ සඳහා ශල්‍යකර්මයක් කර ගැනීම සූදුසූ බවයි.

ං එයට හේතුව සඳහන් කළොත්?

එයට හේතුව ශල්‍ය කර්මයක් කිරීම තුළින් අතුරු ආබාධ අවම වීමයි.

ං ප්‍රතිකාර කළ පසූවත් නහර ගැටගැසීමේ රෝගී තත්ත්වය ඇතිවිය හැකිද? තවදුරටත් ප්‍රතිකාර අවශ්‍යද?

ඔව්. සියයට පහකගේ වසර දහයක් වැනි කාලයක් ගිය පසූව ද නැවතත් නහර ගැට ගැසීම හා රෝග ලකෂණ ඇතිවෙන්න පූළුවන්. එවිට ද ප්‍රතිකාර ගැනීම අවශ්‍යයයි.

ං ශල්‍යකර්මයක් කළ පසූ කොපමණ කාලයක් විවේකීව සිටිය යූතුද?

ප්‍රතිකාර කළ පසූ සති 3ඃ6 ත් අතර කාලයක් විවේකීව සිටිය යූතුයි. නමූත් අවම වශයෙන් මෙම සැත්කම කරගත් පසූ දින 7ඃ14 ත් අතර කාලයක් විවේකීව සිටිය යූතුයි. ඉන්පසූ සූපූරුදු ලෙස ඔබගේ වෘත්තීය කටයූතුවල නියැලෙන්නට හැකි අතරම ඔබ නිවසක සිටින වනිතාවක් නම් දින දෙකක් ඇතුළත තමන්ගේ එදිනෙදා කටයූතු සීරුවෙන් කරගත හැකියි.

ං කාන්තාවන්ට මෙම රෝගී තත්ත්වබහූල ව බලපාන නිසා එය රූපලාවන්‍ය පැත්තෙන් බලපෑමක් නේද?

ඔව්, මෙම තත්ත්වය බොහෝවිට ඇතිවන්නේ වයස අවූරුදු 20ඃ40 ත් අතර කාන්තාවන්ට නිසා රූපලාවන්‍ය පැත්තෙන් ද අවලස්සනවීම වැනි ගැටලු ඇතිවෙනවා. මේ නිසා පැහැපත් යූවතියන්ගේ සම මතුපිටින් සියූම් නහර පෙනෙන නිසා එම පෙනෙන නහරවලට එකම ප්‍රතිකාරය නික්ෂේපණය ලබාදීමයි.

ංනහර සඳහා කළ හැකි ප්‍රතිකාරය කුමක්ද?

සම යටින් ඇති විශාල නහර සඳහාත් රූපලාවණ්‍ය පැත්තෙන් වඩාත් හොඳ ප්‍රතිකාරය වන්නේ ඉතා සියූම් ශල්‍යකර්මයක් මගින් (කැපූම් තුළින්) ඉවත් කිරීමයි.

ංශල්‍යකර්මයක් කිරීමෙන් පසූ ඇවිදීමට අපහසූවේ යැයි රෝගීන් තුළ බියක් ඇතිවෙනවා. එය සත්‍යයක්ද?

එයට දෙන්න තියෙන එකම පිළිතුර වන්නේ එය අසත්‍ය, වැරදි මතයක් බවයි. මන්ද ශල්‍යකර්මයක් කළ පමණින් ඇවීදීම අපහසූ වන්නේ නැහැ.

ං නහර ගැට ගැසීම ඇතිවන්නේ පාදවල පමණ ද?

අපි සාමාන්‍යයෙන් නහර ගැට ගැසීම හඳුන්වන්නේ පාදවල ඇතිවීමයි. ශරීරයේ වෙනත් තැන්වලත් ගැටග ගැසීම ඇතිවිය හැකියි. නමූත් එවැනි නහර ගැටගැසීම් වෙනත් රෝග කාරක හැටියටයි අප සලකන්නේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment