පිටරටකට යන්නට ග්‍රහ බලයක් ඔබටත් තිබෙනවාදැයි දැනගන්න


අපේ රටෙි බොහෝ දෙනෙකුට රට කෑම රටබීම රට ඇඳුම් ඉතා අගේ වී ඇත. මේ රට රෝගයට දැන් අවූරුදු විසිපහක සිට රට යන පිස්සූවද එක්වී ඇත. මේ ලිපිය එම පිස්සූවට බලපා ඇති ග්‍රහ පිහිටීමේ ඇසූරෙන් විග්‍රහයක යෙදීමකි.

එයත් ගියා. අරයත් ගියා. මාත් යනවා. යන මානසික තත්ත්වයක් සමග ඒ අය කරන දේවල් අපිත් කරන්න ඕනා යන අදහසද ඔලුවට ඇතුල්වීම නිසා හොඳ රැකියා ඇති අය අපාදුක් විඳින රැකියා සඳහා විදේශ ගතවෙති. හොඳ ව්‍යාපාර ඇති අය ඒවා අන්අයට පවරා දහදුක් විඳින රැකියා තෝරාගෙන විදේශ ගතවෙති. විශාල ඉඩකඩම් ඇති අය ඒවා විකුණා දමා දෙස් විදෙස්වල පදිංචියට යති. නැති බැරි අසරණ අය වන්නක් වේවා සිතා විදේශ ගතවීම ගැන සිතන විට ඉහත සඳහන් අය විදේශගත වීම බොහෝ දෙනෙකු තේරුම් ගත නොහැකි අප්‍රභංසයක්ව ඇත.

අපේ රටෙි ඉඳලා ජීවත්වෙන්න බැරිය යන මතයක් ඔලු තුළට දැන් කාන්දුකර ඇත. මෙය පූද්ගලයන් විදේශගත කර හිතු හැටියට මල්ල තරකර ගන්නා විදේශ රැකියා ඒජන්සිකරුවන් හා නියෝජිතයන් මූලින් සමාජ ගත කරන ලදී. එය ක්‍රමයෙන් මූළු සමාජයම කතාකරන මාතෘකාවක් බවට පත්ව තිබේ. කෙසේ නමූත් විදේශගතවන වැඩි දෙනෙකු විදේශගතවීම සඳහා වැය කරන ලකෂ සංඛ්‍යාත මූදල දෙස බලන විට ප්‍රශ්නය එය නොවේ. විශාල මූදල් හරි හම්බකර ලෝකෙට පූරාජේරුවට ජීවත්වීම බව ඉතා පැහැදිලිය.


විදේශ ගතවීමට පෙර බොහෝ දුක්මූසූ ජීවිත ගතකළ අය වසර දෙක තුනකට පසූ මවූබිමට පැමිණි පසූ තමන්ගේ ඥාතීන් පවා අඳුනන්නේ නැති තත්ත්වයට පත්වේ. ගෘහ සේවයට ගොස් වසර දෙකකට පසූ නිවසට පැමිණි කාන්තාවක් ඇගේ සීයා දැක ඒ කවූද? අසන්නට විය. බාසාවත් අවූරුදු දෙකකට වෙනස්වී ඇති තරමක හැටි. අනේ මැයි.

මහත් වෙහෙසක් දුකක් දරා විදේශගතව දුක් විඳ උපයන මූදල ඇතැම් අය පරිහරණය කරන අයූරු දකින විට අනේ අපොයි කියා සිතේ. එවැනි වියදම් කෝටිපතියන්ටත් කළ නොහැකි ඒවාය. ගෘහ සේවය සඳහා ලබන වසරේ සිට කාන්තාවන් නොයැවෙන පූවතක් තිබේ. ඒත් රටෙි අයවැය පියවා ගන්නට ඇති අපහසූකම් නිසා ඔය තීන්දු තීරණ වසර අගවනවිට හමස් පෙටිටිය තුළ දිරාපත්වීමට බැරි නැත.


දේශීය වශයෙන් රැකියා අවස්ථා උත්පාදනයට වඩා රජයටත් තරුණ තරුණියන් රට යැවීම හැම අතින්ම වාසිදායකය. රැකියාවලට බැඳුනූ අය වැඩ වර්ජන කරන්නේ ද නැත. ඉල්ලීම් ඉල්ලා කරදර කරන්නේද නැත. ඒ නිසා රජයේ වෑයමත් තොග පිටින් රට පැටවීම බව ඕනෑම මෝඩයකුට ඉතා පහසූවෙන් තේරුම් යනූ ඇත. මේ වනවිට විදේශ විනිමය ඉපැයීම අතින් අංක එකට පත්ව ඇත්තේ විදේශ රැකියා උල්පත බව නොකියා බැරිය. මේ සෑම සියලු කාරණා දෙසම බලන විට විදේශ රැකියා සඳහා යන අයට බලපා ඇති අපූරු ග්‍රහ බලපෑම් ගැනත් කතා කළොත් හොඳයැයි මට සිතේ.


හැම කෙනෙකුටම විදේශ රැකියාවකට, චාරිකාවකට ඃ වන්දනාවකට පූහූණූවකට හෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා හෝ යන්නට වාසනාව නැත. එවැනි අවස්ථා උදාවීමට ඔබේ කේන්ද්‍රයේ ගුරු අනිවාර්යයෙන්ම බලවත්ව සිටිය යූතුයි.


ඔබේ කේන්දරයේ 3ඃ7ඃ9ඃ12 චර රාශිවලට යෙදීමෙන් හෝ එම භාව අධිපතියන් චරරාශි ගතවීම සිදුව නැත්නම් අල්ලපූ රටට යන්නටවත් ඔබට වරමක් නොලැබෙනූ ඇත. හිටපූ ඇමැති ගාල්ලේ ඩබ්ලිව්. දහනායක මහතා බොහෝ කලක් මැති සබය නියෝජනය කලත් විදේශගතවීමට අවස්ථාවක් නොලැබීම මේ කරුණ සනාථ කරනූ ඇත.


ඔබේ කේන්දරයේ දොළොස්වැන්න පාලනය කරන ග්‍රහයන් 3ඃ9 භාව සමග යම් සම්බන්ධයක් ඇත්නම් ඔබට විදේශගත විය හැකිය. එම භාව අධිපතියන්ගේ දශා අතුරු දශා විද්‍යාවලදී විදේශ ගතවීමට අවස්ථා උදාවේ. ඉහත කරුණූ සමග දසවන භාවයද සම්බන්ධව නම් අනිවාර්යයෙන් විදේශගත වන්නේ රැකියාවක් සඳහාමය.


හොර පාරෙන් හෝ හරි පාරෙන් විදේශගත වන බොහෝ දෙනෙකුට ඇතිවන ලොකුම ගැටලුව විදේශගත වූ පසූ රැකියා සොයා ගැනීමය. විශාල පිරිසක්


රැකියා සොයා ගැනීමට අපහසූව ආපසූ එති. මෙයට මූලික හේතුව ඔබේ දසවැන්න විදේශ රැකියාවකට කිසිම අයූරකින් සම්බන්ධ ග්‍රහ බලයක් නැතිකමය.

මෙරටින්ම රැකියා සඳහා ගිවිසූම් ඇතිව යන අයට පවා එහිදී අපේක්ෂිත රැකියාව නොලැබී ඔටූවන් බලමින් රොටියක් කමින් කාන්තාරවල දහදුක් විඳීමට සිදුවූ අවස්ථා එමටය. එවැනි තත්ත්වයන් උදාවන්නේ උපතේ බලවත් ගුරු දුබල ශනි විසින් ඔබේ කේන්දරයේ දකිමින් සිටින බැවිනි.

ගේ දොර හදන්නට ඉඩම් ගන්නට පෙරුම් පූරමින් සිහින දකිමින් විදේශ ගතවන ඇතැම් අයට හාම්පූතුන් කන්න නොදී පඩිත් නොදී දසවදදී අතපය කඩා රෝද පූටූවලින් එන්නට සැලැස්සූ අවස්ථා එමටයි. ඔබේ කේන්දරයේ යම් තැනක සිට දුබල ශනි අටවැන්න දකිමින් සිටීයදී උපත ලැබූවා නම් ඔබට එවැනි ඉරණමක් උපතින්ම කොටා ඇති බව සිහියට ගත යූතුය.

දරුවන් තනිකර දමා දයාබර සැමියා හෝ බිරිඳ අමතක කර සැතපූම් දහස් ගණන් යන ඔබට ඒ සියලු පැතුම් සූන්වී ගොස් පෙටිටියකින් සියරට බලා එන්නට සිදුවූවොත් මොන තරම් අවාසනාවක්ද? ඒත් එවැනි දුක්බර අවස්ථා උදාවූ අය අපට කොතෙකුත් දැක ගන්නට හැකි හැකිවිය. දුර්වල ගුරු අටෙි සිටියදී උපන් අයට බොහෝ විට මේ අවාසනාවන්ත ඉරණම අත්ව තිබිණ.

විදේශගතව විශාල ධනයක් උපයා සිය බිරිඳට හෝ සැමියාට ගේදොර හදන්නට දරුවන්ට ඥාතීන්ට සලකන්නට එවූ මූදල් ඒ අය විසින් දුශ්චරිත සඳහා යොදවා විනාශ කළ අවස්ථාද අපට කොතෙකුත් අසන්නට ලැබිණ. ඔබේ ජන්ම කේන්දරයේ දෙවැන්න බලවත් වූවත් 11 වැන්න දුබල නම් ඔබ උපයාගත් දෙය සැප සතුට වෙනූවට දුක කඳුල උරුම කරනූ ඇත.

විශේෂයෙන්ම දෙක අධිපති අටෙි සිටියදී ඔබ උපත ලබා ඇත්නම් ඔබ උපයන දේ ඔබ ප්‍රවේශම් කළ යූතුය. ඔබ පරිහරණය කළ යූතුය. නැත්නම් ඔබ ඉපැයූ දේ වතුරේ ගියා වනූ ඇත.

දෙක අධිපති අටෙි සිටින අයට ඉපැයූ දේ රැකගැනීම අසීරුය. දෙක අධිපති එකොළහත් අධිපතිනම් එය ධනයෝගයක් බවට පත්වේ. මේ යෝගය යෙදෙන්නේ සිංහකාරයන්ගේ ලග්නයට පමණි.

පාස්පෝටිවල ඔලු මාරු කර විදේශගතවන අය ගැන නිතර අපට අසන්නට ලැබේ. එවැනි බලයක් ඇති වන්නේ උපතේදී කේතු බලවත් අයට පමණි. කේතු උපක්‍රමශීලී වැඩට දකෂ අයෙකි. කේතු සහ අතුරු දශා වලදී එවැනි අය හොර පාරෙන් විදේශ ගතවෙති. ගුරු නිහඬව සිටියදී කේතු බලවත් අයට විදේශ රටවලදී වංචනික ලෙස ධනය ඉපැයීමට පහසූ මාර්ගත් පහසූකමූත් සැලසේ.


දසවැන්න අධිපති ග්‍රහයා බලවත්නම් රාජ්‍ය පරිපාලනයට අදාළ කටයූතුවලට මූල්ව විදේශ පූහූණූූ විදේශ සම්මන්ත්‍රණ සඳහා නිතර යන්න එන්න අවස්ථා උදාවේ.


ඇතැම් අයට මවූබිම අතහැර විදේශ රටවලට පදිංචිවීමේ දොළදුක් ඇති වූවත් ඒවා සපල වන්නේ ඉතා ස්වල්ප දෙනෙකුට පමණි.


මවූබිම අතහැර දමා විදේශයක පදිංචිවීමට විශාල අවාසනාවක් තිබිය යූතුය. තම ඥාතීන් හිතවතුන් අතහැර දමා නන්නත්තාර වීමට රාහූගේ දුෂ්ඨ බලපෑමක් තිබිය යූතුය. රාහූ ඔලුවක් නැති ග්‍රහයකු ලෙස සලකනූ ලැබේ. ඔලුව නැති ග්‍රහයකු මවූබිමෙන් පිටත්ව යාමට උපකාර කිරීම වාසනාවක් විය හැකිද? මූදල් ටිකක් ලැබූණත්, වාහන ලැබූණත්, ගේ දොර ලැබූණත් කෙනෙකුට මවූබිම නොවටී නම් එය ඔලුව නැති මිනිසකුගේම ක්‍රියාවක්ම පමණි. රාහූගෙ අපලයට රටහැර ගිය අය ගැන අපි අනූකම්පා කරමූ.


ලොව කොතැනක සිටියත් මවූබස ඃ මවූබිම අමතක කරන්නට හැකි කමක් නොමැත. අතමිට සරු කරගන්නට දහදුක් විඳින විදේශ ගමනක් යන්නට සිදුව ඇත්නම් අපි ඒ ගැන ඔබට දොස් නොකියමූ. ඒ ගමන් වඩා සූරක්ෂිතව යනවා දැකීම අපේ එකම පැතුමයි. කරන්නන් වාලේ වැඩ කරන අය විදේශගතව තමනූත් අමාරුවේ වැටී පවූලේ අයත් අමාරුවේ දැමීමට පෙර ඔබට සැනසිල්ලේ විදේශ ගමනක් ගොස් එන්නට හැකි ග්‍රහ බලයක් ඇත්දැයි දැන සිටීම මැනවි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment