ලංකාවේ සෑම ප්‍රදේශයකම සරුවට වැවෙන නික


ශ්‍රී ලංකාවේ පහතරට වියළි කලාපයේ ගංඟා ඉවූරුවලත්, පොදුවේ ගත් කළ ලංකාවේ සෑම ප්‍රදේශයකම සරුවට වැවෙන මෙම ශාකය සිහින් කඳක් ඇති පඳුරු ශාකයකි. අත් බේත් සඳහා බහූලව මෙම ශාකය යොදාගන්නා බැවින් බොහෝ ගැමියෝ ගෙවතුවල වැට මායිමේ සිටූවා ගති.
 කොළ හා මූල් ප්‍රධාන වශයෙන් ඖෂධ පිණිස ගනී, ඊට අමතරව පොතු මල් හා ගෙඩිද ඖෂධ පිණිස ගන්න අවස්ථාද ඇත. වේදනාව සමනය කිරීමේ ගුණය මෙන්ම ඉදිමූම අඩූ කරන ගුණයක් ද නික සතුව ඇත. සන්ධි වේදනාව සහ මාංශ පේශීන්ගේ වේදනාව ඇතිවිට නික කොළ තම්බාගත් වතුරින් නාන්න. මෙය ඇස් හා හමේ රෝග ඇතිවිටදීද සූවයක් ගෙනදෙයි.

නික කොළ කොටා මිරිකාගත් යූෂ පැසවූ තුවාල පිරිසිදු කිරීමට යොද ගැනීමට සූදුසූ විෂබීජ නාශකයකි. පරණ තුවාල මෙම වතුරින් සේදීම තුවාල සූවවීමට හේතුවෙයි.

නික කොළ තැම්බූ වතුර තද උණූසූමින් ගෙන කන වටා තැබීමෙන් හා සේදීමෙන්. කන් කැක්කුම සූවවෙයි.

පැසවූ තුවාල, ගෙඩි ඉහිර වීමට නික මල් අඹරා ගෙඩිවල ගෑමෙන් වේදනාව අඩූවී ගෙඩිය ඉහිරි යයී.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment