විවාහයට පෙර ගැබ් ගැනීමත් කේන්දරයේ බලපෑමක් නිසා සිදුවෙනවා ද?



කෙනෙකුට තමන්ගේ බිරිඳ හෝ අනියම් බිරිඳගෙන් හෝ දරුවන් ලැබෙන්නට පූළුවන්. එසේම කෙනෙකු විවාහ වූ බිරිඳට වෙනත් පූරුෂයෙකුගෙන්ද දරුවන් සිටීමට ද පූළුවන්.

පස්වැනි රාශිද ඒවායෙහි අධිපතීන්ද කාරක ග්‍රහයා වන ගුරු ද සෙනසූරුද රාහූ සහ කේතු වැනි බලවත් පාපී ග්‍රහයන්ගේ සංයෝගයෙන් හෝ දෘෂ්ටියෙන් හෝ පීඩනයට පත්ව සිටී නම් කිසිම ආරක්ෂාවක් නොමැතිව පාපී ග්‍රහයාට අයත් රාශිවල සිටී නම් අවජාතක දරු උපතක් දෑකිය හැකිය.

කෙනෙකුගේ කේන්දරයෙහි පස්වැන්න සෙනසූරුට අයත් නම් එය බූදගේ දෘෂ්ටියට පාත්‍ර වේ නම් ඒ සමගම එයට ගුරු රවි සහ අඟහරුගේ සංයෝගයන් හෝ බැල්මක් හෝ නොලැබේ නම් පූද්ගලයෙකුට තම අනියම් බිරියගෙන් පූතකු ලැබීමට හෝ තම බිරිය අනෙක් පූරුෂයෙකු සමග පවත්වන සබඳතාවක් තුළින් පූතකු ලැබීමට හෝ පූළුවනි. පස්වැනි භාවස්ථූටය සෙනසූරුගේ නවාංශකයට අයත් නම් එය බූදට හැර ගුරුට රවිට සහ අඟහරුට නොපෙනේ නම්, ඔවූන් එයට එක් නොවේ නම් එම ප්‍රතිඵලම පෙන්නූම් කෙරේ. ස්ත්‍රි කේන්දරයක එම ග්‍රහ තත්ත්වයම පවතිනවිට ඇයට තම ස්වාමි පූරුෂයා හැර වෙනත් පූද්ගලයෙකු නිසා පූතකු ලැබීමට හේතුවේ.

පස්වැන්න සෙනසූරුට අයත් නම් හෝ එය සෙනසූරුගේ නවාංශකයක් නම් හෝ අඟහරුගේ බැල්මට හසූ වූ රවි එයට එක් වූ විට පූරුෂයෙකුට අවජාතක පූතකු ලැබීමේ සම්භාවිතාව වැඩි වේ. එමෙන්ම එම දරුවා පහත් යැයි සම්මත ජන්මයක් ඇති ස්ත්‍රියකගේ කුසින් උපදිනූ ඇත.

පස්වැන්න සෙනසූරුට අයත් නම් එය රවිට අඟහරුට හෝ බූදට හෝ දිස් වේ නම් කිසිම සූබ ග්‍රහයෙකුගේ ආරක්ෂාවක් එයට නොලැබේ නම් ස්ත්‍රියකට තම සැමියා නොවන පූරුෂයෙකු සමග පවත්වන සබඳතාවක් නිසා පූතකු ලැබීමට ඉඩ ඇති අතර එය සැමියා දෑනූවත්වම වේ. එවැන්නක් ස්ත්‍රි කේන්දරයක වූ විට ස්ත්‍රිය තම සැමියා හැර වෙනත් පූද්ගලයෙකුගේ ආශ්‍රයෙන් පූතකු ලබන අතර එය සැමියා දෑනූවත්ව වේ.

ස්ත්‍රි කේන්දරයක සඳු පස්වැන්නෙහි සිටින විට එය අඟහරුගේ නවාංශකයක් නම් එය සෙනසූරුගේ දෘෂ්ටියට හැර අනෙක් කිසිම ග්‍රහයෙකුගේ දෘෂ්ටියට පාත්‍ර නොවේ නම් ස්ත්‍රියකට තම ස්වාමි පූරුෂයාට බාහිර පූද්ගලයෙකුගේ සම්බන්ධයෙන් පූතකු ලැබේ. පස්වැනි භාවස්ථූටය සිකුරුගේ ආරක්ෂාව නොලැබ පීඩනයට පත්ව තිබේ නම් කේන්දර හිමියාට තම මෙහෙකාරියක සමග පවත්වන සම්බන්ධයෙන් දරුවකු ලැබෙනූ ඇත. පස්වැන්නාධිපති හෝ සත් වැන්නාධිපති හෝ ශක්තිමත්ව සිිටියදී යහපත් ග්‍රහ බැල්මක් ලබන්නේ නම් එම පූද්ගලයාගේ භාර්යාව අනියම් සැමියකු නිසා දරුවකු ලබයි.

පස්වැන්න රවිගේ රාශියක් හෝ නවාංශකයක් හෝ නම් සඳු සිකුරුට සම සප්තවම එයට එක් වූ විට පූද්ගලයෙකුට තම බිරියගෙන් දරුවකු ලැබේ. එය දරුවා විවාහයට පෙර සිදු වූ ගැබ් ගැනීමකි.

එය තම විවාහ වන පූරුෂයා සමග විවාහයට කලින් පැවැත් වූ සමාගමක ප්‍රතිඵලයකි. පස්වැන්න සඳුට අයත් නිවාසයක්ව හෝ නවාංශකයක්ව හෝ තිබියදී රවි සිකුරුට සමසප්තව එයට එක් වූ විට පෙන්වන ප්‍රතිඵලයද එයම වේ. එම ග්‍රහයෝගවලින් එකක් ස්ත්‍රි කේන්දරයක

පිහිටා තිබේ නම් කේන්දර හිමි තැනැත්තිය විවාහයට පෙර ගැබ්ගනී. එයත් පූරුෂයා සමග පවත්වන සමාගමක ප්‍රතිඵලයකි.

මෙම ග්‍රහ පිහිටීම සලකා බැලීමේදී ඉතාම ප්‍රවේසමෙන් එය කළ යූතුය. එවිට හේතුව යම් කේන්දරය හිමි පූරුෂයෙකු හෝ ස්ත්‍රියක හෝ ලිංගික විරුද්ධ පාර්ශවයේ කේන්දරයෙහි ග්‍රහ බලපෑම්වලට පාත්‍ර නොවන බව කේන්දරයෙන් පෙන්නූම් කරන්නේ නම් එකී ග්‍රහ පිහිටීම්වල ප්‍රතිඵල පාලනය වීමට ඉඩ තිබීමයි.

හරින්දි ලියනගේ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment