තයිරොයිඩ් ග්‍රන්ථියේ අධික ක්‍රියා කාරිත්වය නිසා තව කෙනෙකු නූරුස්සන ගතිය ඇතිවිය හැක

බෙල්ලේ වායූගෙඩි ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන්නෙ කාන්තාවන් තුළිනි.
බෙල්ලේ වායූගෙඩි හටගනූ ලබන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය හේතුකොට ගෙනය.

තයිරොයිඩ් ග්‍රන්ථිය යනූ බෙල්ලේ ඉදිරිපස ස්වාසනාලයට ඉදිරියෙන් පිහිටා ඇති ග්‍රන්ථියකි. සාමාන්‍යයෙන් මෙය පිටතින් දැකබලාගත හැකි ග්‍රන්ථියක් නොවේ. එසේ වූව ද විශේෂයෙන් කාන්තාවන්ගේ තයිරොයිඩ් ග්‍රන්ථිය ස්පර්ශයෙන් හඳුනාගත හැකියි.

තයිරොයිඩ් ග්‍රන්ථිය මිනිස්සූන්ට වැදගත් වන්නේ එහි තයිරොක්සින් හෝර්මෝනය නිෂ්පාදනය කිරීමේ හැකියාව නිසයි.

මෙම තයිරොක්සින් හෝර්මෝනය සිරුරේ බොහෝ පටකවල ක්‍රියාකාරිත්වයට මහෝපකාරි වේ.

තයිරොක්සින් හෝමෝනය අධික වූවහොත් පටක වැඩි වේගයකින් ක්‍රියාකාරී වෙයි. එමෙන්ම එම හෝර්මෝනය අඩූවෙන් නිෂ්පාදනය වූවහොත් පටකවල ක්‍රියාකාරිත්වය අඩූවී ඒ හා සම්බන්ධ රෝග ලකෂණයෙන් මතුවේ. එහෙයින් සිරුරේ පටකවල මනා ක්‍රියාකාරිත්වය සඳහා තයිරොයිඩ් හෝර්මෝනය ප්‍රමාණවත් අන්දමින් නිෂ්පාදනය විය යූතුය.

තයිරොයිඩ් හෝර්මෝනය සම්බන්ධයෙන් අපට පහත සඳහන් රෝග ලක්ෂණ හඳුනා ගතහැකිය.

1. තයිරොයිඩ් හෝර්මෝනය අධිකවීම නිසා හටගනූ ලබන රෝග.

2. තයිරොයිඩ් හෝර්මෝනය අඩූවීම නිසා ඇතිවන රෝග

3.තයිරොයිඩ් ප්‍රදාහය

4.තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවෙන පිළිකාමය තත්ත්වය.

තයිරොයිඩ් හෝමෝනය නැත්නම් තයිරොක්සින්හි ප්‍රධාන කොටස් දෙකක් හඳුනාගත හැකියි. ඒ තයිරොක්සින් ඔ3 හා ඔ4 ලෙස.

මෙහිදී තයිරොයිඩ් ග්‍රන්ථිය තයිරොක්සින් හෝමෝනය නිපදවූ පසූ ී4 රුධිරයේදී ී3 බවට පත්වෙනවා. මෙම තයිරොක්සින් හෝර්මෝනය රුධිරයේදී ප්‍රෝටීනයකට බැඳී පවතින හෙයින් මෙම ප්‍රෝටීනයේ සාන්ද්‍රණය වෙනස්වන අවස්ථාවලදී එම රුධිරයේ ඇති ී3 හා ී4 හෝර්මෝනය වෙනස් වේ. රෝගියකුට ප්‍රතිකාර කරන අවස්ථාවකදී ඒ පිළිබඳව සොයා බැලීම රෝගියාගේ රුධිරය රසායනාගාරයක් වෙත යවා පරීකෂා කොට වාර්තාවක් ලබාගන්නවා.

මෙහිදී පරීකෂා කරනූ ලබන්නේ තයිරොයික්සින් හෝර්මෝනය ඔඊඨ වලට නොබැඳී නිදහස්ව පවතින ප්‍රමාණය එනම් තරුැ ඔ4 සහ ඔ3 ගණනය කිරිරීයි.

තයිරොයිඩ් ග්‍රන්ථියේ හෝමෝන නිෂ්පාදනය කරනූ ලබන්නේ මොළයේ පිහිටි පිටියූටරි ග්‍රන්ථිය නිෂ්පාදනය කරන ශ්‍රාවයයි. මෙම ශ්‍රාවය පිටියූටරි ග්‍රන්ථියට ඉහළින් ඇති හයිපෝතැලමස් ග්‍රන්ථියෙන් පාලනය වේ.

මේ අනූව පිටියූටරි ග්‍රන්ථියේ හා හයිපොතැලමස් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයේ වෙනසක් සිදුවූවහොත් එය පැහැදිලිවම තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයට සෘජූවම බලපෑම් ඇති කරයි. නමූත් එසේ වීම ඉතා දුලබ සිද්ධියකි. සාමාන්‍යයෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ වෙනස්කම් සිදුවන්නේ එම ග්‍රන්ථියේම යම් යම් දුර්වලතාවයන් නිසාය.

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අධික වන අවස්ථා

සාමාන්‍යයෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයේ යම් වෙනස්කම් විශේෂයෙන් එහි ක්‍රියාකාරිත්වයේ වේගය වැඩිවන්නේ කාන්තාවන්ගේය. එය සියයට 1 සිට සියයට 2 ක් පමණ වේ. ඒ අනූව පිරිමින් හා කාන්තාවන් අතර ගත්විට එය 5ං1 අනූපාතයක් වේ.

තයිරොයිඩ් ග්‍රන්ථියේ අධික ක්‍රියාකාරිත්වය සිදුවන්නේ වයස අවූරුදු විස්සත් හතළිහත් අතර කාලයේදීය. මෙයට ප්‍රධානම බලපෑම එනම් සියයට 99 ක් ම තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන යම් යම් වෙනස්කම් හේතුවෙන් ඇතිවන තත්ත්වයකි.

මෙසේ වීම හේතුකොටගෙන විවිධ රෝග ලකෂණයන් ඇතිවේ.

අධික බඩගින්න ඇතිවීම හා ඊට සාපේක්ෂව ආහාර ගත්තත් ශරීරය කෘෂ වේ.

තව කෙනෙකු නූරුස්සන ස්වභාවයක් ඇතිවීම.

ංහැසිරීම් රටාවේ වෙනස්කම් ඇතිවීම.

ංශරීරයේ අප්‍රාණික ස්වභාවයක් ඇතිවීම.

ංමාංශ පේශිවල ශක්තිමත් බවක් නැතීවම.

ංඅත් ඇඟිලිවල සියූම් වෙව්ලීමක් ඇතිවීම,

ංඅධික ලෙස දහඩිය දැමීම හා අධික උෂ්ණත්වයක් දැනීම.

ංනිතර නිතර බඩඑළිය යාම.

මෙම කරුණූවලට අමතරව තයිරොයිඩ් ග්‍රන්ථියේ අධික ක්‍රියාකාරිත්වය නිසා කෙනෙකු මානසික රෝගියකු බවට වූව පත්විය හැකියි.

එමෙන්ම හෘධ වස්තුවේ ක්‍රියාකාරිත්වය අධිකවීම හේතුකොට එහි ක්‍රියාකාරිත්වය අඩපණ විය හැකියි.

මේ හැරුණූවිට කෙනෙකුගේ ඇස් ඉදිරියට නෙරා ඒම සිදුවිය හැකිය.

මෙවැනි රෝග ලකෂණ ඇතිවූ රෝගියකුගේ නිශ්චිත තත්ත්වය හඳුනාගත හැක්කේ අප ඉහත සඳහන් කළ ආකාරයට රුධිර පරීකෂාවක් මගිනි. ඒ හැරුණූ කොට රෝගියාගේ බෙල්ලේ කරනූ ලබන වෛද්‍ය පරීකෂණයක් මගින් ද තහවූරු කරගත හැකියි.

මේ සඳහා කරනූ ලබන ප්‍රතිකාර විධි කිහිපයකි.

1 බෙහෙත් පෙති භාවිතය

2 විකිරණ කවන ලද අයඩීන් භාවිතය

3 ශල්‍යකර්මයක් සිදුකිරීම.

මෙහිදී පෙති භාවිත කරනූ ලබන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදිමීමක් නැතිව එහි ක්‍රියාකාරිත්වය වැඩිවූණූ විටකදීය.

මෙහිදී මෙම රෝග තත්ත්වයට නිර්දේශ කරනූ ලබන ඖෂධ (පෙති) රෝග තත්ත්වයේ ස්වභාවය අනූව මාස ගණනාවක් වූව භාවිතයට ගැනීමට සිදුවිය හැකිය.

මෙය නිසි වෛද්‍ය උපදෙස් මතම සිදු කළ යූතුය. මන්ද එම පෙතිවලින් යම් යම් අතුරු ආබාධ ඇතිවීමට පූළුවන. උදාහරයක් දක්වතොත් කලාතුරකින් අවස්ථාවක මෙම පෙති භාවිත කරන රෝගියකුගේ රුධිරයේ සූදු රුධිරානූ ප්‍රමාණය අඩූවීමක් සිදුවිය හැකිය. එමෙන්ම විවිධ ආසාධන තත්ත්වයන්ටද ගොදුරු විය හැකියි.

එබැවින් රෝගියකු මෙම පෙති භාවිත කරන විට හදිසි ආසාදන තත්ත්වයන් ඇතිවූවහොත් වෛද්‍යවරයෙකු ලවා රුධිර පරීකෂාවක් කර උපදෙස් ලබාගත යූතුය.

මෙම පෙති භාවිතය නිසා ඇතැම්විට තයිරොක්සින් නිෂ්පාදනය අවම විය හැකිය. ඒ නිසාම පසූ කලෙක රෝගියාව යළි තයිරොක්සින් හෝර්මෝනය ලබාදීමටද සිදුවිය හැකිය.

මෙම පෙති මගින් රෝගය සූවවූවද යළිත් අවස්ථාවක මතුවිය හැකිය.

එවන් විටක රෝගියා විකිර්ණ කවන ලද අයඩීන් ප්‍රතිකාරයට හෝ ශල්‍ය කර්මයකට භාජනය කළ යූතුය.



කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment