නහර ගැට ගැසීම බොහෝ අවස්ථාවල පරම්පරාවට යන රෝගී තත්ත්වයක්



නහර ගැට ගැසීම ඇතැම් පිරිස් ගණන් ගැනීමක් සිදු නොකරන අතර තවත් පිරිසක් මෙයට බියවන්නේ පසූකාලීනව ඇවිදීමට අපහසූ වේදෑයි ඇති බිය හා රූපලාවන්‍ය පැත්තෙන් දෙපාවල ඇතිවන අවලස්සන මතුව එන බැවිනි. ඒ කෙසේ වූවද නහර ගැට ගැසීම රෝගී තත්ත්වයක්ද එයට ප්‍රතිකාර ගත යූතුද යන්න පිළිබඳ ඔබව දෑනූවත් කරන්නට අපි මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නෙමූ.

එය රෝගී තත්ත්වයක්ද?

ඔව්. නහර ගැට ගැසීම කියන්නේ රෝගී තත්ත්වයක්. මෙය බහූල වශයෙන් පාදවල ඇතිවන තත්ත්වයක් වන අතර ගැට ගැසීම සිදුවන්නේ ශිරා කපාට ආක්‍රමවත් වීම නිසා ශිරාවල ඇතුළත පීඩනය වැඩිවීම හේතුවෙන් නහර දගර ගැසීමයි. මෙම ඇතිවන රෝගී තත්ත්වයට හේතුව අධික පීඩනය නිසා ඇතිවන රෝග ලක්ෂණයයි.

එවිට ඇතිවන රෝග ලක්ෂණ කවරේද?

මෙහිදී බහූතරයකගේ නහර ගැට ගැසීම නිසා රෝග ලක්ෂණ ඇතිවන්නේ නැහැ. නමූත් ඇතැම් අයට නහර වල පීඩනය නිසා විශේෂයෙන් සෘජූූව නැගී සිටින අවස්ථා වලදී පාදයේ අපහසූතාවයක් හෝ තෙරපීමක් වැනි වේදනාවක් ඇතිවිය හැකියි. මෙම තත්ත්වය දිගු කාලයක් පැවතීමෙන් පාදයේ වළලු කර ආශ්‍රිතව ඉදිමූව සහ වේදනාව ඇතිවන අතර ඔබ එය ගණන් නොගෙන තව මාස කීපයක් හෝ වසරක් වැනි කාලයක් සිටීම තුළදී පවා මෙම තත්ත්වය පැවතුණා විට ශිරාවලින් පිටතට රුධිරය කාන්දු වීමක් සිදු වේ. එවිට සම කළු පැහැ ගැන්වීම සහ වළලු කර ආශ්‍රිතව දද තුවාල සෑදී තිබෙන අයූරු ඔබට දෑක ගත හැකියි. එසේ ඇතිවන තුවාල සූව වීමට ඉතා දිගු කාලයක් ගත විය හැක.

නහර ගැට ගැසීමට බලපාන හේතු සාධක මොනවාද?

එය පරම්පරාගත රෝගී තත්ත්වයක්ද?

මෙම රෝගී තත්ත්වය බහූල වශයෙන් සියයට 75 කටට පරම්පරාගත රෝගී තත්ත්වයක් වශයෙන් ඇතිවන්නට පූළුවන්. ඉතිරි සියයට 25 දෙනාට රෝගයට හේතුව සහ රෝග කාරකයක් හඳුනා ගන්නට අපහසූයි. නමූත් උස ප්‍රමාණයෙන් වැඩි දවසේ වැඩිකාලයක් සිටගෙන සිටින අයට මෙම රෝගී තත්ත්වය ඇතිවීමේ ප්‍රවණාතවයක් තිබේ.

මෙයට වයස් භේදයක් තිබේද?

ඔව්. රෝගයේ මූල් ලක්ෂණ සාමාන්‍යයෙන් ඇතිවන්නේ වයස අවූරුදු 20 ඃ 40 ත් අතර වයස් සීමාවේ සිටින අයටයි. මෙයින් බහූල වශයෙන් මෙම තත්ත්වය ඇතිවන්නේ ස්ත්‍රි පක්ෂයට බව සඳහන් කළ යූතුයි.

මෙම රෝගී තත්ත්වය ගැබිනි මව්වරුන්ට ඇතිවිය හැකිද?

ගැබිනි මව්වරුන්ට මෙම රෝගී තත්ත්වය තාවකාලිකව පැවතීමට හැකියාව තිබෙන අතරම එය බොහෝ දෙනෙකුට කෙමෙන් මග හැරී යයි.

මෙම තත්ත්වයට බිය විය යූතුද? ප්‍රතිකාර අවශ්‍යද ?

බිය විය යූතු නැහැ

කිසිම රෝග ලක්ෂණ නොමැති අයටත් මෙම තත්ත්වයට ප්‍රතිකාර අවශ්‍ය වන්නේ එම රෝගියාගේ නහර ගැට ගැසීම අවලස්සනට පෙනෙනවා නම් පමණි.

නමූත් සම කළු පැහැ තත්ත්වයෙන් තිබේ නම් ඉක්මනින් ප්‍රතිකාර කිරීමෙන් තුවාල ඇතිවීම වළක්වා ගත හැකි නිසා මෙවැනි රෝග ලක්ෂණ තිබේ නම් වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබාදීම නිර්දේශ කරයි.

කුමන ප්‍රතිකාරද කරන්නේ

බොහෝ විට මේ සඳහා ශල්‍ය කර්මයක් කළ යූතුයි.

මූල් අවස්ථාවේදී මූල් රෝග ලක්ෂණ දෑනගත් පසූ ප්‍රතිකාර කළ හැකිද?

මූල් කාලවලදී ඇතැම් අයට නහර ඇතුළතින් පිළිස්සෙන අයූරින් නික්ෂේපණයක් (ඉන්ජෙක්ෂන්) මාර්ගයෙන් ප්‍රතිකාර කළ හැකි අවස්ථාද තිබේ.

විශේෂඥ වාහිනික ශල්‍ය වෛද්‍ය
දමින්ද රාජමන්ත්‍රි

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment