පාට තුනකින් යූත් සැන්විච් (රේන්බෝ සැන්විච්)


අවශ්‍ය ද්‍රව්‍ය

පාන්පෙති 12

තම්බාගත් අල ගෙඩි 01

බීටිරූටි 01

තම්බාගත් කැරටි අල 01

හීනියට ලියාගත් සූදුළුෑනූ බික් 01

හීනියට ලියාගත් අමූමිරිස් කරල් 01

ක්‍රීම් චීස් ග්‍රෑම් 50

ගම්මිරිස් තේ හැඳි 1/2

අබ ක්‍රීම් තේ හැඳි 1

ලුණූ තේ හැඳි 1/2

බටර් ග්‍රෑම් 100

සාදන ක්‍රමය

අල, කැරටි, බීටි තම්බා පොතු ඉවත්කර වෙන වෙනම පොඩි කරගන්න. භාජනයක් රත් කර බටර් මේස හැන්දක් දමා එයට හීනියට ලියාගත් සූදුළුෑනූ හා අමූමිරිස් දමා විනාඩියක් පමණ බැද ගන්න. එයට පොඩිකරගත් අල, අබක්‍රීම්, ක්‍රීම්චීස්, ලුණූ, ගම්මිරිස් දමා මිශ්‍රකර ලිපෙන් අයින් කරන්න.

මෙය තුනට බෙදන්න. එක් කොටසකට පොඩි කරගත් බීටි ද අනෙක් කොටසට කැරටි ද මිශ්‍ර කර පාට තුනක් සිටින සේ මිශ්‍රණ වෙන් කරගන්න.

පාන් පෙතිවල බටර් ගාගන්න. එක් පෙත්තක් ගෙන බීටි මිශ්‍රණය ගාන්න. එයට උඩින් තවත් පාන් පෙත්තක් තබා එය උඩින් කැරටි මිශ්‍රණය ද එයට උඩින් පාන් පෙත්තක් තබා අල පමණක් ඇති මිශ්‍රණයද ගාගන්න. එයට උඩින් පාන්පෙත්තක් තබා තරමක් තද කර පාන්පෙති එකට තද කරන්න. මෙය දෙකට කපා මැද විසිතුරු ලෙස සැදී ඇති සැටි බලන්න. මෙය රසවත් හා පොඩි ළමයි කැමති අයූරින් ලස්සන පාටට දිස්වේ.

ඉතිලියාස්

මෙය ක්‍රම දෙකකට රසවත් කළ හැකිය.

අවශ්‍ය ද්‍රව්‍ය

පාන්පිටි ග්‍රෑම් 200

වතුර අඬූකෝප්ප 1 1/2

බටර් ග්‍රෑම් 60

බිත්තර 4

ලුණූ තේ හැඳි 1/4

සීනි මේස හැඳි 1

සාදන ක්‍රමය

සාස්පානකට වතුර, ලුණූ, බටර්, සීනි දමා උතුරවාගන්න. එයට එක් වරම පාන් පිටි දමා මද ගින්නේ මිශ්‍රකර බෝලයක් මෙන් සාදා ලිපෙන් අයින් කර මදක් නිවා ගන්න. මෙයට බිත්තර එක බැගින් මිශ්‍ර කරන්න. මෙය මිශ්‍රණ යන්ත්‍රයකින් හෝ මික්ස් එකකින් හොඳින් ගසාගන්න. මෙය පේස්ට්‍රි බෑග් එකකට දමා ලොකු නොසෙල් එකක් ආධාරයෙන් බටර් ගාගත් තැටියකට දික් අතට හෝ බන් ආකාරයට දමාගන්න. මෙය සෙ. අ 200 විනාඩි 25 ක් පමණ රන්වන් පාට වනතුරු බේක් කරගන්න. මෙම පේස්ට්‍රි වර්ගය කලින් සාදා ශීතකරණයේ තබා අවශ්‍ය විටෙක භාවිතයට ගත හැකියි. මෙය ඇතුළත පිරවීමේදී ක්‍රම දෙකකට සාදාගත හැකියි.

1 ක්‍රමය

අවශ්‍ය ද්‍රව්‍ය

අයිසිං සීනි ග්‍රෑම් 250

බටර් ග්‍රෑම් 100

කිරි තේ හැඳි 2

වැනිලා තේ හැඳි 1/2

චොකලටි පවූඩර් මෙිස හැඳි 1

මෙම ද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කරගන්න. මෙය පේස්ට්‍රිය අයිනකින් මදක් කපා අයිසිං ඇතුළට පූරවා ගන්න. ඉතිරි අයිසින් භාජනයකට දමා ලිප තබා මදක් උණූවූ විට පේස්ට්‍රි උඩින් වත්කරගන්න.

2 ක්‍රමය

මස් හෝ මාළු පිරවූමක් යොදා ගැනීම

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බා පොඩි කරගත් මස් හෝ මාළු ග්‍රෑම් 200

රතුළුෑනූ ගෙඩි 3

සූදුළුෑනූ බික් 2

අමූමිරිස් කරල් 2

කරපිංච ඉති 1

ගම්මිරිස් තේ හැඳි 1/2

තුනපහ කුඩූ තේ හැඳි 1/2

හීනියට ලියාගත් ඉඟුරු තේ හැඳි 1/2

දෙහි බිංදු දෙක තුනක්

භාජනයක් ලිප තබා තෙල් මේස හැඳි 2 රත්කර එයට ඉඟුරු, සූදුළුෑනූ, කරපිංචා, අමූමිරිස් දමා තරමක් බැද පොඩි කරගත් මස් හෝ මාළු දමා මිශ්‍ර කරන්න. ලුණූ, ගම්මිරිස්, තුනපහ දමා මිශ්‍රකර ලිපෙන් අයින් කර දෙහි ඉස්ම දමා හොඳින් මිශ්‍ර කර සාදාගත් පේස්ට්‍රි පූරවාගන්න.

පෑම් පෑන්කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි ග්‍රෑම් 200

බිත්තර 2

කිරි පිටි මේස හැඳි 1

ලුණූ තේ හැඳි 1/4

සීනි තේ හැඳි 2

කහ ස්වල්පයක්

වතුර කෝප්ප 1/2

අවශ්‍ය නම් ගම්මිරිස් තේ හැඳි 1/2

සාදන ක්‍රමය

මේ සියල්ල බ්ලෙන්ඩරයකට දමා හොඳින් මිශ්‍ර කරන්න. බටර් ගාගත් තැටියකට රත් කර මෙම මිශ්‍රණයෙන් මේස හැඳි 2 හෝ 3 ක් දමා රවූන් හැඩයට සකසා දෙපැත්තම මදක් රන්වන් පැහැවන තුරු පූළුස්සා ගන්න. මෙය තරමක් නිවූන පසූ තමන් කැමති ජෑම් වර්ගයක් තවරා රෝල් කරගන්න.

චීස් ෆින්ගර්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් අඟල් 1 කොටූ හැඩයට කපා ගත් කුකුළු මස් හෝ සොසේජස් කැබලි

තම්බා කොටූ හැඩයට කැපූ අර්තාපල් කැබලි

කොටූ හැඩයට කැපූ චීස්

පාන් ද කොටූ හැඩයට කපාගන්න.

අඟල් 3 හෝ 4 ක් පමණ දිග ටූත් පික් හෝ ඉරටූ කැබලි කිහිපයක්

තෙල් මේස හැඳි 5 ක් 6 ක් පමණ

සාදන ක්‍රමය

පිරිසිදු ඉරටූ කැබැල්ලක් ගෙන එයට පළමූව පාන් කැබැල්ලක් අමූණාගන්න. නැවත කුකුළු මස් හෝ සොසේජස් ද නැවත පාන් හා චීස් ද කැමති ආකාරයට අමූණා ගෙන පසෙකින් තබන්න.

මෙය බැදගැනීම සඳහා බැටර් එකක් සාදා ගත යූතුය.

ඒ සඳහා

බිත්තර 1

පාන්පිටි ග්‍රෑම් 50

කෝන්පිටි ග්‍රෑම් 50

ලුණූ තේ හැඳි 1/2

ගම්මිරිස් තේ හැඳි 1/2

කහ ස්වල්පයක්

වතුර මේස හැඳි 2 පමණ

ක්‍රීම් චීස් මෙිස හැඳි 1

සියල්ල හොඳින් මිශ්‍ර කර උකුවට සිටින සේ බැටර් එක සාදාගන්න. අමූණාගත් ද්‍රව්‍ය සමඟ ටූත් පික් එක මෙම බැටර් එකේ තවරා රත් වූ තෙල් භාජනයකට දමන්න. දෙපැත්ත හරවා රන්වන් පාට වනතුරු බැදගන්න. මෙය ඉතා රසවත් පොඩි දරුවන් කැමැත්තෙන් කෑමට ගන්නා ප්‍රිය ආහාරයකි.

මෙය තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ගත හැකියි.

කජූ, ප්ලම්ස් සමඟ බටර් ස්පන්ච්

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් ග්‍රෑම් 100

පාන්පිටි ග්‍රෑම් 100

සීනි ග්‍රෑම් 100

බිත්තර 2

වැනිලා තේ හැඳි 1

බේකින් පවූඩර් තේ හැඳි 1

කජූ මද 6 ක්

ප්ලම්ස් ග්‍රෑම් 25

සාදන ක්‍රමය

පාන්පිටි හා බේකින් පවූඩර් මිශ්‍ර කර 3 වරක් හලාගන්න.

සීනි හා බටර් හොඳින් බීටි කර එයට බිත්තර එක බැගින් දමා ගසාගන්න. වැනිලා මිශ්‍ර කර හලාගත් පිටි හැන්දක් භාවිතා කරමින් මිශ්‍ර කරගන්න. මෙය පේපර ්කප්වලට (ස්පන්ච් සාදන) මේස හැඳි දෙක බැගින් දමා උඩින් කජූ මදයක් ද ප්ලම්ස් කීපයක් ද දමන්න. සෙ.අ 180 උෂ්නත්වයේ විනාඩි 25 ක් පමණ බේක් කරගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment