ස්තී්‍ර කේන්දර හිමියන්ට එක් දරුවෙකු පමණක් ලැබීමට ග්‍රහයන් හේතු වන බව දන්නවා ද?


විජයසිරි විද්‍යාරත්න

කේන්දරයක ලග්නාධිපති පස්වැන්නෙහි සිටින විට පස්වැන්නාධිපති ශක්තිමත් නම් ගුරු සූබ ලෙස පිහිටියේ නම් කේන්ද්‍ර හිමියාට පිරිමි දරුවන් ලැබෙන බවයි ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ.

අඟහරු ලග්නයෙහි සූබ ග්‍රහයන්ගේ දෘෂ්ටිය ලබන රවි හතරවැන්නෙහි හෝ අටවැන්නෙහි හෝ සිටී නම් පිරිමි දරු උපතක් වයස් ගත වූ පසූ සිදු වනූ ඇත. අඟහරු ලග්නයට සංයෝග වූ විට අටවැන්නෙහි සෙනසූරු සිටින විට රවි, වෘෂභ, සිංහ, කන්‍යා හෝ වෘශ්චික හෝ ්රාශිවලින් එකක සිටින විටද පිරිමි උපතක් වයස් ගත වූ පසූ සිදු වේ. සඳු සිකුරු සහ අඟහරු පොදු රාශිවල සිටින විට මූල් දරු උපත පිරිමි දරු උපතක් වේ.

පස් වැන්නාධිපති පළමූවැන්නට දෙවැන්නට හෝ තුන්වැන්නට හෝ එක් වූ විට පළමූ දරු උපත පිිරිමි දරු උපතක් වන නමූත් ඔහූ හතරවැන්නට එක් වූවහොත් පළමූ උපත ගැහැණූ දරුවෙකි.
මෙම කාරණය තීරණය කිරීමේදී ඒ ඒ දරුවන් පාලනය කරන රාශි සහ ග්‍රහයන් ඔත්තේ සහ ඉරත්තේ රාශි සමග මෙන්ම නවාංශක සමගද පවතින සබඳතා සැලකිල්ලට ගතයූතුය. පළමූ වැන්නාධිපති පළමූවැන්නේ සිටින විට හෝ දෙවැන්නෙහි සිටින විට හෝ පළමූ දරු උපත පිරිමි දරු උපතකි. සඳු සහ සිකුරු පස් වැන්නට එක්ව සිටියදී එකොළොස් වැන්නට පාපී ග්‍රහයන් එක්ව සිටියහොත් පළමූව සිදුවන්නේ ගැහැනූ දරු උපතකි. පස්වැන්නාධිපති පූැරෂ කාරක ග්‍රහයෙකු වූ විට එසේම ඔහූ පූරුෂ කාරක රාශියක සහ පූරුෂ කාරක නවාංශකයක සිටින විට පළමූව පිරිමි දරු උපතක් සිදු වේ. මෙම රීති ප්‍රායෝගිකව යොදා ගැනීිමේදී අදාළ පූද්ගලයාගේ කේන්දරයෙහි පිරිමි දරු උපත් යන ගැහැනූ දරු උපත් සහ දෙවර්ගයම පෙන්නූම් කරනවාද පිරිමි යන දෙවර්ගයට පෙන්නූම් කරනවාද කරනවාද යන්න නොඑසේ නම් ගැහැනූ දරු උපත් පමණක් පෙන්නූම් කරනවාද පළමූ කොට තීරණය වේ.

පිරිමි දරු උපතක් පමණක් පෙන්නූම් කරන පූද්ගලයෙකුට ගැහැනූ දරුඵල ලැබීමත් ගැහැනූ දරුවන් පෙන්නූම් කරන ග්‍රහයෝග ඇති පූද්ගලයෙකුට පිරිමි දරුඵල ලැබීමත් සිදුනොවේ. සූබ ග්‍රහයන්ගේ බැල්මට පාත්‍රවන රවි පස්වැන්නට එක් වූ විට දරු උපත් තුනක් පෙන්වයි. කන්‍යා ලග්නය උදාවෙද්දී අඟහරු මකරයට එක් වූ විට දරුඵල 3 ක් අත් වේ. කන්‍යා ලග්නය උදාවෙද්දී සෙනසූරු මකරයට එක්වූවහොත් පෙන්නූම් කරන දරුඵල සංඛ්‍යාවද 3 කි. තුලා ලග්නය උදාවෙද්දී සෙනසූරු කුම්භයට එක්වූවහොත් දරු උපත් පහක් සිදුවනූ ඇත. රවි පස්වැන්නට එක්වූ විට පිරිමි දරු උපත් තුනක්ද සිදුවනූ ඇත. ගුරු පස්වැන්නට එක්වූවහොත් පිරිමි දරුඵල සංඛ්‍යාව පහකි. සඳු පස්වැන්නෙහි සිටියදී ගැහැනූ දරු උපත් දෙකක් සිදුවීමට ඉඩ ඇති අතර බූද පස්වැන්නෙහි සිටින විට ගැහැනූ දරු උපත් තුනක් සිදුවීමට ඉඩ ඇත.

සිකුරු එම තත්ත්වයේ පසූවන විට ගැහැනූ දරු උපත් පහක් ද සෙනසූරු එම තත්ත්වයේ සිටින විට ගැහැනූ දරු උපත් සතක් ද පෙන්වයි. දරුවන් පාලනය කරන රාශිවල ගුණාංග සහ ශක්තිය අනූවත් එම රාශි ඇසූරු කරන සහ දකින ග්‍රහයන්ගේ ශක්තිය හා ස්වභාවය අනූවත් එම සංඛ්‍යා වෙනස් වේ. ස්ත්‍රි කේන්ද්‍රයක පස්වැන්නාධිපති බෙලහීනව දුෂඨස්ථානයකට පාපී ග්‍රහයන්

සමග සිටින විට කේන්ද්‍රය හිමි තැනැත්තියට ලැබෙනූ ඇත්තේ එක දරුවෙකු පමණි. තවද ස්ත්‍රි කේන්දරයක පස්වැන්නාධිපති බෙලහීනව සෙනසූරු සමග සංයෝග වූවහොත් එක් දරු උපතක් පමණක්ම වනූ ඇත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment