පහසූවෙන් වගා කළ හැකි වැඩි අස්වැන්නක් ලබාදෙන මෑ කරල්

පවතින ආර්ථික රටාව අනූව ඊට මූහූණදීමට බොහෝ ගෘහණියන් සිය ගෙවත්තේ එළවළු වර්ගයක්, දෙකක් වගාකර ගැනීමට උත්සූක වෙයි. ඒ සඳහා උපකාරයක් ලෙස එළවළු වගා කිරීමේදී ඇතිවන ගැටලු නිරාකරණය කර ගැනීමේදී මෙම උපදෙස් ඔබට මහත් ප්‍රයෝජනවත් වනූ ඇත.

විටමින්, ප්‍රෝටීන්, ඛණිජ ආදිය අඩංගු මෑ මනා පෝෂණ ගුණයෙන් යූත් එළවළු වර්ගයකි.

මෑ වගාවට බිම සකස් කිරීම

මෑ වගාව සඳහා බිම් සකස් කිරීමේදී සෙන්ටිමීටර් 15 ඃ 20 පමණ ගැඹූරට පස පෙරළා පස් කැට පොඩිකර සියූම් ලෙස සකස් කර ගැනීම සාර්ථක වගාවකට හේතුවේ. මෙහිදී ජලය රඳා පවතින තැනක ඔබ සකස් කර ගන්නේ නම් උස් පාත්ති සකස් කරගත යූතුය. ඔබට ජල සම්පාදනය කිරීමට සිදුවේ නම් වැටි හා කානූ සකස් කර ගැනීම අවශ්‍යවේ.

බඳුන්වල සිටූවීම

මෑ බඳුන්වලද වගා කළ හැකිය. බඳුන්වල සිටූවීමේදී මනාව ජලය බැස යන ආකාරයට පිළියෙල කොටගෙන බීජ සිටූවිය යූතුය. පඳුරු මෑ ප්‍රභේද ද කෘෂිකාර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කර තිබෙන නිසා බඳුන්වල ඒවා ද වගා කළ හැකිය. වැල් යන මෑවලට ආධාරක සැපයීම අවශ්‍යවේ. මල් වැල් සඳහා ආධාරක සපයන ආකාරයට ආධාරක සකස් කර ගැනීමෙන්, බඳුන්වල වගා කරන මෑවලටද ආධාරක සැපයීමෙන් නිවෙස්වලට අලංකාරයක් ලැබෙන ආකාරයට වගාව සිදුකරගත හැකිය.

නිර්දේශිත මෑ ප්‍රභේද

හවරි මෑ

අතීතයේ සිට එළවළු වගා කරන්නන් අතර ජනප්‍රිය වූයේ දිගටි කරල් හටගන්නා ප්‍රභේදයකි. ලා කොළ පැහැති කරල්වල අග දම්පාටින් යූක්තය. මෙම වර්ගයේ බීජ කළු පැහැතිය. දින 60 ඃ 70 අතර කාලයේදී අස්වැන්න ලබාගත හැකිය.

පොළොං මෑ

මෙම වර්ගයද වැළක් ආකාරයට වර්ධනය වේ. කරල් කෙටිවන අතර පැහැය කොළ පාටය. තද ගතියක් පෙන්වයි. මීට අමතරව පඳුරු පොළොන් මෑ, බ්‍රෂිටාවෝ, බී. එස්. 1, සේන ලෙස ද මෑ ප්‍රභේද හඳුන්වා ඇත.

බීජ සිටූවීමේ පරතරය

පඳුරු මෑ වර්ග (බීජ) සිටූවීමේදී සෙ. මි. 60ං75ං20 පේලි අතර හා පැළ අතර පරතරයක් තැබිය යූතුය. වැල් මෑ වර්ග (බීජ) සිටූවීමේදී පේලි අතර සෙ.මී. 90 ද පැළ අතර සෙමි. 30 ක් ද තිබීම වඩාත් යෝග්‍යයය.

හොඳින් දිරාපත්වූ කාබනික පොහොර පසට කලවම්කර බීජ සිටූවීමට පිළියෙල කර ගැනීම ද යෝග්‍යය. වගාවට රසායනික පොහොර එක්කර ගැනීමෙන් වැඩි අස්වැන්නක් ලබාගත හැකිය.

ජල සම්පාදනය

පසෙහි තෙතමනය පවතින ලෙසට ජල සම්පාදනය අවශ්‍යය. පසෙහි තෙතමනය අධිකවීම නිසා මූල් කුණූවීමේ රෝගය ඇතිවීමට පූළුවන. එහෙයින් ජලසම්පාදනයේදී වඩාත් සැළකිලිමත් වන්න.

අස්වැන්න නෙලීම

අස්වැන්න නෙලා ගැනීමේ කාලසීමාව මෑ වර්ගය අනූව දින ගණන් වෙනස්වේ. සාමාන්‍යයෙන් ඵලදාව නෙලා ගන්නට ආරම්භ වූ පසූ දින 3 ඃ 4 කට වරක් බැගින් වාර 15 ඃ 20 ක් පමණ කාලයක් එය සිදුකළ හැකිය.

කෘමිහානි හා රෝග

කරල් විදින පනූවන්ගේ හානියද බොහෝවිට දැකිය හැකි අතර කීඩෑවන්, කූඹිත්තන් හා පිටි මකුණන්ගේ හානියද ඇතිවිය හැකිය. හානිය දරුණූවීමට මත්තෙන් එය මර්දනය කර ගැනීමෙන් රසායනික ද්‍රව්‍ය අවශ්‍ය නොවේ. අස්වැන්න නෙලීමට ආසන්න කාලයේ කෘමිනාශක යෙදීම සූදුසූ නොවේ. (ප්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරියාගේ උපදෙස් ලබාගැනීම සූදුසූය.)

පා මූල් කුණූවීම, පත්‍ර කහපාට වීම, ආදිය ඇතිවේ. බෝග මාරුව මෙන්ම පසෙහි අධික තෙතමනය රැඳී නොතිබීමට වගබලා ගැනීමෙන් රෝගය දරුනූ නම් දිලීර නාශකයක් ඉසීම සූදුසූය. එම ඇසූරුමේ උපදෙස් නිසි පරිදි පිළිපදින්නට වගබලා ගන්න.

අළු පැහැති කඳ අංගමාරයද මෑ වගාවේදී දැකිය හැකි දිලීර රෝගයකි. කුඩා පැළවලට මෙන්ම තරමක් වැඩූණූ පැළවලටද මෙය වැළඳිය හැකිය. අළු දුඹූරු පැහැති වියළි පැල්ලම් කඳෙහි පාමූල ඇතිවේ. පසූව ක්‍රමයෙන් මේ පැල්ලම් අග්‍රස්ථ ප්‍රදේශයටද පැතිරෙයි. පසූව වැල මැරීයයි.

පඳුරු පොළොන් මෑ රෝගවලට ඔරොත්තු දෙන බවත් බී. එස්. 1 ප්‍රභේදය විශාල ලෙස ගොදුරු වන බවත්, සේන හා බ්‍රෂිටාවෝ ප්‍රභේදයන්ද මධ්‍යස්ථ ලෙස ඔරොත්තු දෙන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

වගාවට සති හතරකදී පමණ දිලීර නාශක යෙදීමෙන් රෝගය පාලනය කරගත හැකිය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment