දුරකතන බිල්පත් පිළිබඳ රස කතාවක්

දුරකතන බිල් ඉහළ යාම පිළිබඳව ලැබෙන මැසිවිලි මෙන්ම පැමිණිලිද බොහොමයකි. නමූත්, පරීකෂා කර බැලීම් තුළින් තහවූරු වන්නේ, බොහෝ දෙනා පැමිණිලි කරන්නේ තම දුරකතනයෙන්ම ලබාගත් ඇමතුම් සඳහා බවයි.
දුරකතන බිල්පත් පිළිබඳ රස කතාවක් මම අද ඔබට පවසන්නම්.

අගනූවරින් ඈත ඓතිහාසික වටිනාකමක් සහිත ප්‍රදේශයක සේවයෙහි යෙදුන විදුලි සංදේශ ඉංජිනේරුවකු වූ මගේ මිතුරෙක් පැවසූ මෙම සත්‍ය කතාව ඉතා වැදගත්ය.

එක්තරා දුරකතන හිමියෙක් ඔහූ හමූවීමට පැමිණ තමාගේ දුරකතන බිල ඉතා ඉහළ බව පැමිණිලි කළේය. විමර්ශනය කිරීමේදී හෙලිවූයේ එම සියලුම දුරකතන ඇමතුම් එම දුරකතනයෙන්ම ලබාගෙන ඇති බවයි. නමූත් දුරකතන හිමිකරු පැවසූවේ එවැනි බිලක් ලැබිමට තරම් දුරකතන ඇමතුම් ප්‍රමාණයක් තම නිවසින් ලබා නොගන්නා බවයි. දුරකතන හිමිකරු ඉතා දැඩිව තම මතය ප්‍රකාශ කළ හෙයින්, ඒ පිළිබඳව පරීකෂා කර බැලීමට ඉංජිනේරුවරයාම ඉදිරිපත් විය. අදාළ දුරකතනය පිහිටි නිවසෙහි සිට දුරකතන හූවමාරු මධ්‍යස්ථානය දක්වා වූ දුරකතන මාර්ගය ඔහූ හොඳින් පරීකෂා කර බලා තහවූරු කරගත්තේ එහි කිසිදු දෝෂයක් නොමැති බවයි.

දුරකතන හිමියාට කිසිවක් නොදැන්වූ ඉංජිනේරුවරයා දිනක් රාත්‍රියෙහි තම සේවකයකු සමග අදාළ නිවස ආසන්නයෙහි පිහිටි දුරකතන කනූවක් උපයෝගී කර ගනිමින් එම දුරකතනයෙන් ලබාගන්නා ඇමතුම් පරීකෂා කළේය. ඉංජිනේරුවරයා පවසන ආකාරයට එම ස්ථානය පරීකෂා කිරීමේදී ඇමතුම් අනිවාර්යයෙන් එම නිවසින්ම ලබාගන්නා බව ස්ථීර ලෙස සහතික කරගත හැක.

ඇමතුම් පරීකෂා කළ ඉංජිනේරුවරයාට වැටහී ගියේ දුරකතන හිමිකරුගේ තරුණ දියණිය සිය පෙම්වතාගේ ජංගම දුරකතනයට ඇමතුම් ලබාගන්නා බවයි. පෙම්වතාගේ දුරකතනයට ලැබෙන විනාඩි 3 කට වඩා වැඩි කාලයක් ගත වන ඇමතුම් සඳහා මිලක් නියම වන හෙයින්, ඇය විනාඩි 3 ක් ආසන්නයේදී ඇමතුම විසන්ධි කර නැවත ඇමතුමක් ලබාගනී. මෙලෙස ඔවූන් දෙදෙනා විනාඩි 45 කට ආසන්න කාලයක් පෙම්බස් දොඩා ඇත. එනම් දිනකට ඇමතුම් 15 ක් පමණ ලබාගෙන ඇත.

මගේ මිත්‍රයා පසූදින දුරකතන හිමිකරුට තම කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා සිටියේය. තමා ලද අත්දැකීම් පිළිබඳව කිසිවක් නොපැවසූ ඔහූ පෙර දින රාත්‍රියෙහි දුරකතන හිමිකරු නිවසෙහි සිටියේ දැයි විමසීය. ඔහූ පැවසූවේ තමා සේවා මූර ක්‍රමය යටතේ රාජකාරියෙහි නිරත වන බැවින් එදින රාත්‍රියෙහි නිවසෙහි නොසිටි බවයි. නිවසෙහි සිටියේ කවූරුන්ද යන්න විමසා බැලීමේදී දුරකතන හිමිකරු පැවසූවේ තම බිරිඳ පමණක් නිවසෙහි සිටි බවයි. ඉංජිනේරුවරයා තුළ යම් සැකයක් පහළ විය. ඉතා සංයමයකින් යූතුව තැනට ඔබින නූවණ පාවිච්චි කළ මගේ මිත්‍රයා, දුරකතන හිමිකරුට සැකයක් ඇති නොවන පරිදි ඔහූගේ පවූලෙහි විස්තර විමසා බැලීය. දුරකතන හිමිකරු පැවසූ ආකාරයට ඔහූට දරුවන් නොමැත. ඉතා තරුණ බිරිඳ් පමණක් නිවසේ සිටී. (දුරකතන හිමිකරුගේ වයස අවූරුදු 50 කට ආසන්නය.) සියල්ල මනා ලෙස අවබෝධ කරගත් මගේ මිතුරා, දුරකතනය පිළිබඳව විමර්ෂණය කිරීමට අවශ්‍ය කරුණූ ලබාගැනීම පිණිස තමා ඔහූගේ පවූල පිළිබඳව විමසූ බව පවසා දුරකතන හිමිකරුට සමූදුන්නේය.

අපගේ ඉංජිනේරුවරයා මැදිවූයේ උභතෝකෝටික ප්‍රශ්නයකටයි. දුරකතන හිමිකරුගේ තරුණ බිරිඳට (දුරකතන පෙම්වතෙකු) සිටිනා බවත්, ඇය තම පෙම්වතාට අඟවන්නේ තමා දුරකතන හිමිකරුගේ දියණිය යන්න බවත් මගේ මිත්‍රයා මනා ලෙස අවබෝධ කරගෙන තිබූණි.

දුරකතන අවූල විමර්ෂණය කිරීමට ගොස් පවූල් අවූල් කිරීමට නොසිතූ අප කතා නායකයා, දීර්ඝ ලෙස කල්පනා කර තීරණයක් ගත්තේය. දුරකතන හිමියා නිවසෙහි නොමැති වේලාවන් සැකහැර දැනගත් ඔහූ, දුරකතනයෙන් අදාළ බිරිඳ ඇමතීය. තමා කවූරුන්ද යන්න හඳුන්වා දුන් ඔහූ තමාගේ පරීකෂණයෙහි විස්තර ඇයට පවසා එහි සත්‍යතාවය විමසීය. අධික ලෙස බියට පත්වූ ඇය එය සත්‍යයක් ලෙස පිළිගත්තාය. පසූව ඇය හඬමින් ඉංජිනේරුවරයාගෙන් ඉල්ලා සිටියේ, ඒ පිළිබඳව තම සැමියාට දැනගැනීමට ඉඩ නොතබන ලෙසයි.

මගේ මිත්‍රයා ඇයට තරයේ අවවාද කර අවසන් වශයෙන් පැවසූවේ "ඔයාලගේ පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්න මට අදාළ නෑ... නමූත් ටෙලිෆෝන් බිල නගින නිසා ප්‍රශ්න ඇතිවෙන්නෙ මට... ඒ නිසා, ටෙලිෆෝන් බිල නැගිල්ල නතර කරගන්න. එහෙම නොවූණොත්, ඔයාගේ හස්බන්ඩ්ට මේ ගැන කියන්න මට සිද්ධ වෙනවා" යන්නයි.

ඊළඟ මාසයේ සිට මෙම දුරකතන බිල ඉතා සීඝ්‍රයෙන් පහත වැටූණේය. දුරකතන හිමියාද ඉතා සතුටූ වී අපගේ මිත්‍රයාට මූව නොසෑහෙන ලෙස ස්තූති කර ඇත. නමූත් ඔහූ දුරකතන හිමියාට සත්‍ය සිද්ධිය පිළිබඳව කිසිවක් නොපැවසූයේ පවූල් අවූල් කිරීම ඔහූගේ චරිත ලකෂණයක් නොවූ හෙයින් විය යූතුය.

දුරකතන බිල ඉහළයාමට මෙවැනි නිදසූන් තව බොහෝ ඇත. නමූත්, සෑම දුරකතනයකම බිල ඉහළ යාමට හේතුව මෙවැනි කරුණක් යයි මම නොපවසමි. කෙසේ වෙතත්, මෙවැනි සිද්ධීන් සිදුවීමට ඇති ඉඩ ප්‍රස්ථා අද සමාජය තුළ සූලබය. එබැවින්, තම නිවසෙහි දුරකතනය පාවිච්චි කරන ආකාරය පිළිබඳව හා එය පාවිච්චි කරන්නේ කවූරුන්, කුමක් සඳහාද යන්න පිළිබඳව විමසිලිමත්වීම මගින් දුරකතන බිල අඩූකර ගැනීමට හැකියාවක් ඇත. එමෙන්ම පවූල් ප්‍රශ්නද අවම කරගත හැක.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment