කැස්සට හේතු දන්නවාද?

කැස්ස... ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක ඇතිවිය හැකි තත්ත්වයක්. මෙම තත්ත්වය පූද්ගලයෙකුගේ පූද්ගලික ජීවිතයට මෙන්ම සමාජ ජීවිතයටද ප්‍රබල ලෙස බාධා ඇති කරන තත්ත්වයක් ලෙස හඳුන්වා දීමට පූළුවන්.

කැස්සට හේතුව වනූයේ කෙනෙකුගේ ස්වාසනාලයේ හටගනූ ලබන සෙම තත්ත්වයක්. එසේම කිසියම් ආකාරයක බාහිරව පැමිණ ද්‍රව්‍යයකින්, හානි කරවූ වාතය වැනි තත්ත්වලදී ඇතිවන ප්‍රතික්‍රියාවක් මගින් ස්වසනාලය පිරිසිදු කිරීමට දරණ වෑයමක්. තවත් අතකට කැස්සට හේතුව ස්වාසනාලය තුළ ඇතිවන රසායනික හෝ මාංශ පේශීමය ක්‍රියාකාරිත්වයක ප්‍රතිඵලයක් ලෙසත් කැස්ස හැඳින්විය හැකියි.

ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා සාකච්ඡා කළ හැකිය. එනම්


  • මෑත කාලයකදී ඇතිවූ කැස්ස 
  • කාලාන්තරයක් තිස්සේ පවතින කැස්ස. 


මෙහිදී අප මෑත කාලයේදී ඇතිවූ කැස්ස ලෙස හඳුන්වන්නේ සති තුනක් පමණ තිබෙන කැස්ස වන අතර කාලාන්තරයක් තිස්සේ පවතින කැස්ස ලෙස ගණන් ගනූයේ සති තුනකට වඩා කල්පවතින කැස්සයි.

කෙටි කාලයක් නැත්නම් සති තුනක් පවතින කැස්සට බොහෝවිට හේතුව වනූයේ ස්වාසනාලයේ ඇතිවන ආසාදන තත්ත්වයක්. මෙම ආසාදන තත්ත්වය වයිරස් මගින් ඇතිවෙන අතර සූළු ප්‍රතිශතයක් බැක්ටීරියා නිසාද ඇතිවේ.

මෙම තත්ත්වය තවදුරටත් පැහැදිලි කළහොත් උණ, සෙම්ප්‍රතිශ්‍යාව, වයිරස් උණ වැනි තත්ත්වලදී කෙනෙකු කැස්සට ගොදුරු විය හැකියි. මෙහිදී සියයට 25 පමණ දෙනාට එම කැස්ස සති දෙකක් පමණ පවතින අතර තවත් සූළු ප්‍රතිශතයකට සති හයක් පමණ දිගු කාලයක් කැස්ස පැවැතිය හැකියි.

වයිරස්වලට අමතරව ස්වාසනාලය, බැක්ටීරියා ආසාදන නිසාද කෙනෙකු කැස්සට ගොදුරු විය හැකියි.

මෙම තත්ත්වයන් හැරුණූ විට නියූමෝනියාව, හෘද වස්තුවේ ශක්තිය අඩූවීම, පෙනහළුවල ද්‍රවමය තත්ත්වයක් ඇතිවීම, අනික් කරුණ වන්නේ අසාත්මික තත්ත්වයයි. කෑමක් මෙන්ම ඇතැම්විට රෝගයකට ගනූ ලබන ඖෂධයක් නිසාත් මෙම අසාත්මිකතාවය ඇතිවිය හැකියි.

ඇතැම්විට කෙනෙකු ගලනාලය, ආමාශය සම්බන්ධවන ස්ථානයේ ඇතිවෙන ක්‍රියාකාරිත්වයේ දුර්වලතා නිසා (ඹිඑරද ෑිදචය්ටැක සෘැකෙමංඃ කෙනෙකුට වැළඳීමට පූළුවන. අනික් අතට කෙනෙකුගේ පෙනහළු තුළ කෙදිමය භාවය වැඩිවීම (ෂබඑැරිසඑස්ක ඛමබටාසිැ්ිැඃ නිසා ද කල්පවතින කැස්සක් ඇතිවිය හැකිය.

කැස්ස සති තුනකට වඩා කල් පවතී නම් එය වඩාත් සැළකිලිමත් විය යූතු තත්ත්වයකි. සති තුනකට වඩා පවතින කැස්ස ආසාදනය (ෂබෙැජඑසදබඃ තත්ත්වයක් නිසා ඇති වූවත් මෙවැනි අවස්ථාවකදී කෂය රෝගයෙන් පෙළේදැයි දැන ගැනීම ඉතා වැදගත්ය. එමෙන්ම කෙනෙකුට කාලාන්තරයක් තිස්සේ පවතින කැස්ස, ඇදුම තත්ත්වයේ මූල් අවස්ථාව වීමට ඉඩකඩ ඇත. ඒ හැරුණූ කොට පෙනහළුවල ඇතිවිය හැකි නිදන්ගත රෝගයක් ලෙසත් මතුවිය හැකියි. අනික් අතට හිස් කබලේ ඇතිවන වායූ කුහරවල ආසාදන තත්ත්වයක් (ීසබදිසඑසිඃ නිසා සෙම වැනි ද්‍රව්‍යයක් නාසයේ ස්වාසනාලය තුළට ගලායාම ද ඡදිඑබ්ි්ක ඃ ෘරසවි නිසා කැස්ස ඇතිවිය හැකිය.

හෘද රෝගීන් සඳහා දෙනූ ලබන ඖෂධවල අතුරු බලපෑමක් ලෙස ද කැස්ස ඇතිවීමට පූළුවන.

මේ ආදී හේතූන්වලින් කුමන තත්ත්වයක් යටතේ කැස්ස ඇතිවූවත් එවන් රෝගියකු වෛද්‍යවරයකු වෙත පැමිණි වහාම රෝගියාගෙන් ලබාගන්නා විස්තරවලට අමතර නිසි වෛද්‍ය පරීකෂණ මගින් කැස්සට හේතුව සොයා ගැනීමට සිදුවේ.

මන්ද කෙනෙකුට මල් සූවඳ, සූවඳ විලවූන් ආහාර ආදිය ද අසාත්මික වීමෙන් කැස්ස ඇතිවිය හැකිය. එමෙන්ම ගැස්ට්‍රයිටීස් තත්ත්වය නිසා ද කෙනෙකුට කැස්ස ඇතිවිය හැකි අතර වෙළඳ පොළෙන් ලබාගන්නා ඇතැම් ඖෂධ මගින් කැස්ස සූවකර ගැනීමට සමහර අය උත්සාහ ගත්තත් ඉන් බොහෝවිට සිදුවන්නේ කැස්ස සූවවීමට වඩා මානසික සහනයකි.

කැස්ස සමහරවිට රෝගයක සංකූලතාවයක් නිසාත් ඇතිවිය හැකිය. කැස්ස හේතු කොටගෙන කෙනෙකුගේ උරහිස් ආසන්නයේ ඇති මාංශ පේශිවල වේදනාවක් ඇතිවිය හැකි අතර තදබල ලෙස කැස්ස ඇති වූවහොත් ඇතැම් විට කෙනෙකුගේ උරස්කුහරයේ අස්ථි බිඳී යාමටද පූළුවන. ඇතැම්විට කෙනෙකු සිහි මූර්ජාවීමටද පූළුවන. මෙම තත්ත්වය කදමජය ීහබජදචැ ලෙස හැඳින්වෙනවා. ඇතැම්විට කැස්ස ඇති අයකුට නොදැනීම මූත්‍රා පිටවීමද සිදුවිය හැකියි.

මේ නිසා කැස්ස ඇති රෝගියෙක් නිසි රෝග පරීකෂාවකට, හිස හා රුධිර පරීකෂාවකටද පෙනහළුවල මෙන්ම හෘදයේ ශක්තිය මැනීමට ලක්විය යූතුය.

මන්ද පෙනහළු ආශ්‍රිතව ඇතිවන පිලිකාමය තත්ත්වයන් නිසා ද කැස්ස ඇතිවීමට පූළුවන.

එම නිසා උණ, කෑම අරුචිය සිරුරේ බර අඩූවීම වැනි රෝග ලකෂණ මතුව ඒනම් වෛද්‍යවරයකු වෙත යොමූ වී අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යූතුය. එවිට කැස්ස ඇතිවිමට හේතුව සොයා බලා ඊට නිසි ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරයාට හැකිවනූ ඇත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment