කාන්තා හෝමෝනය කාන්තාව සූරකින බව ඔබ දන්නවාද?




කාන්තා රෝග අතරින් පරම්පරාවෙන් පරම්පරාවට යන කාන්තා රෝග ගැන අවධානය යොමූ කළා. ඔබට මතක ඇතිනේ.
අද අපි කාන්තාවන් වඩාත් ගොදුරුවන ඩිම්බකෝෂ පිළිකා කියන රෝගය ගැන කතා කරමූ.

ඩිම්බකෝෂ පිළිකා දියූණූ රටවල්වල ඉතාම බහූල පිළිකාවක් ලෙස හඳුන්වන්න පූළුවන්. නමූත් ආසියාතික රටවල බහූල වෙන්නේ ගැබ් ගෙල පිළිකාව කියන තත්ත්වයයි. ගැබ් ගෙළ පිළිකාව පාරම්පරික තත්ත්වයක් ලෙස හැඳින්විය නොහැකියි.

ඩිම්බකෝෂ පිළිකා සාමාන්‍යයෙන් මතුවෙන්නේ අවූරුදු පනස්පහ හැටපහ අතර වයස් කාණ්ඩයේ කාන්තාවන්ටයි.

අපි හිතමූ, යම් කාන්තාවකට ඩිම්බකෝෂයේ පිළිකාවක් තියෙනවා කියලා. ඇයට වේදනාවක් එහෙම ඇතිවෙන්නේ නැහැ. ආර්ථවහරණය වූවාට පසූවත් එවැනි කාන්තාවන්ගේ රුධිරය වහනය වෙන්න ගන්නවා. එය රෝග ලක්ෂණයක්. තවත් එවන් කාන්තාවන්ගේ ආහාර රුචිය අඩූවෙලා බර අඩූවන්න පටන් ගන්නවා. මෙවැනි ලක්ෂණ තිබේ නම් වෛද්‍යවරයෙක් වෙත යොමූවීම තමයි වැදගත්. වේදනා ලක්ෂණ පහළවීම සාමාන්‍යයෙන් ඕනෑම පිළිකාවක ලක්ෂණයක් නෙමෙයි.

විශේෂයෙන් ඩිම්බකෝෂ පිළිකාවකටත්, පියයූරු පිළිකාවකටත් ඇතිවෙන්න තියෙන ප්‍රධාන හේතුව තමයි කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හෝමෝනය කැඩෙන්නේ නැතුව අධිකව නිෂ්පාදනය වෙන්නට පටන් ගැනීම.

සාමාන්‍යයෙන් කාන්තාවකගේ ශරිරය තුළ ඊස්ට්‍රජන් හෝමෝනය අධික වෙන්නේ ඇය ගර්භනීභාවයට පත්වෙන්නේ නැතිනම් විතරයි.

යම්කිසි කාන්තාවකට දරුවන් පිළිසිඳ ගන්නේ නැතිනම් එවැනි කාන්තාවන් පියයූරු පිළිකාවලටත්, ඩිම්බකෝෂ පිළිකාවලටත් ගොදුරුවීමේ සම්භාවිතාව වැඩියි. ගර්භනීභාවය හෙවත් දරුවන් පිළිසිඳ ගැනීම අපි මූලින් සඳහන් කළ පියයූරු පිළිකා සහ ඩිම්බකෝෂ පිළිකාවලින් තරමක් හෝ මඟ හැරෙන්න හේතුවක්.

තවත් කාන්තාවන්ට අපි අහලත් තියෙනවා ආර්ථවහරණය වෙලා ඉන් පසූවත් රුධිරය වහනය වෙන්න ගන්නවා. මෙයත් අසාමාන්‍ය තත්ත්වයක් ලෙසයි වෛද්‍යවරුන් සලකන්නේ. නමූත් ඉතා සූළු වශයෙන් වෙන අක්‍රමිකතා අපි එතරම් ගණන් ගන්නේ නැහැ. ඊස්ට්‍රජන් කියන හෝමෝණය ක්‍රමක්‍රමයෙන් මතුවනවිට ආර්ථවහරණය අක්‍රමිකතා ක්‍රමක්‍රමයෙන් ඇතිවෙන්න පූළුවන්. ආර්ථවහරණය එක්ක විවිධ බලපෑම් ඇතිවෙනවා. කාන්තාවන්ට ඇතිවන මෙවැනි රෝග කිහිපයක්ම අද වනවිට වෛද්‍ය විද්‍යාව තුළ හඳුනාගෙන තිබෙනවා.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment