රෝස මල ආයූර්වේදයේදී වටිනා ඔසූවකි




ආයූර්වේදයට අනූව ලෝකයේ සියලූ දෙයම නිර්මාණය වී තිබෙන්නේ පංච භූතවලිනි. තවත් විදියකට කියනවා නම් මිනිස් සිරුර මෙන්ම රෝස ගස, රෝස මල නිර්මාණය වී ඇත්තේද පංච භූතයන් ගෙන්මය.

මෙම පංච භූතයන්ගෙන් යමක් නිර්මාණය වීමේදී පංච භූතයන්ගේ අඩූ වැඩිවීම මත එහි මෘදු බව, සූමට බව මෙන්ම කටූක බව, රෞද්‍ර බව යන ලකෂණ ඇති වේ.
එම පංච භූතයන්ගෙන් නිර්මාණය වූ ඔබේ වතටද පංච භූතයන්ගෙන් නිර්මාණය වූ රෝස මල සතු මල් පෙත්තක් වගේ සියූම්, මෘදු බව තිබෙනවාදෑයි බලන්න.

ලොවෙහි කොතරම් සූන්දර මල් තිබූණ ද සෑම දෙනාගේම ආදරයට හා ආකර්ශනයට ලක් ව තිබෙන්නේ රෝස මල කීවොත් මා නිවැරදියි.

මන්ද ලොවෙහි තරුණ තරුණියන්ගේ ආදර බැඳීම ශක්තිමත් කරන සමීපතම සිහිවටනය සහ සංකේතය වන්නේ රතු රෝස මල නිසාවෙනි.

ලොවෙහි සිය ගණනකට වැඩි සංඛ්‍යාවක් රෝස වර්ග තිබේ. අප උපන්දින සාදයක දී හෝ ඔබට ලෙන්ගතු අයෙකුට සූබ පැතීම සඳහා යොදාගන්නා රෝස මල් මිට ආයූර්වේදයේදී ඉතා වටිනා ඔසූවක් බව ඔබ දන්නවාද?

ආයූර්වේදයට අනූව රෝසවලින් ශාකසාර තේ, ජෑම්, තෙල්වර්ග, නිෂ්පාදනය කරයි.

ඔබ අප අලංකාරය සඳහා යොදාගන්නා රෝසමල් ඉන්දියාවේ ජනයා රෝස පෙති සහ මීපැණි එකතු කර රසවත් ආහාරයක් සාදා ආහාරයට ගනී. එය ආහාරයට ගනූ ලබන්නේ ගුණ ලැබෙන බවට හා ලස්සන වීමට හැකි බව ඔවූන් විශ්වාස කරන බැවිනි.

රෝස ගසේ ඵල ජෑම් නිෂ්පාදනයට යොදා ගනී. එහි විටමින් වර්ග අනතර්ගත වන අතර විටමින් සී බහූලව තිබේ.

රෝස යූවතියන්ට කොතරම් සමීපද කීවොත් තරුණි, සූගන්ධා, කුමාරි යන නම්වලින් ද හඳුන්වනූ ලබයි. රෝසමල වගේම යූවතියන් ලස්සන නිසා වන්නට ඇති ඩයනා කුමරියට රෝස කුසූම යන විරුධාවලියෙන් හඳුන්වන්නටද ඇත්තේ.

ඉන්දියාවේ කාශ්මීර, බිහාර් සහ ලාහෝර්, ලංකාව, චීනය, ජපානය හා යූරෝපීය රටවලද වැවේ. මෙය සරුවට වැඩෙන්නට නම් සෞම්‍ය දේශගුණයත්, සීත දේශගුණයත් අවශ්‍ය වේ.

මෙමඟින් මළපහ බූරුල් වී යෑම, ගැස්ට්‍රයිටීස්, අපිරිසිදු වූ රුධිරය, අර්ශස් රෝගාදියට ඉතා ගුණදායක ඔසූවකි.

ලස්සන වන්නට අප කවූරුත් කැමති. රූපලාවන්‍යවලට රෝසමල් යොදා ගන්නා බව ඔබ නිසැකයෙන්ම දන්නවා ඇති. රෝසමල් පෙති වියළා කුඩූකරගත් කුඩූ පැක් එකක් ආකාරයට සකස් කර සම පැහැපත් කර ගැනීමට හැකිය. ඒ වගේම මෙමඟින් ගන්නා ජලය (රෝස් වෝටර් )ඔබේ සමට ඉතා හොඳ ස්වභාවික ටෝනර් එකකි.

දේශීය වෙදකමේ මෙන්ම මැද පෙරදිග රටවල වෙදකමටද රෝස යොදාගන්නා බව පැවසිය යූතුය.

අපට මෙතරම් සමීප රෝසමල වැඩි වශයෙන් ආයූර්වේදයේ අනූපාන විදයට යොදාගනී.

මේ විදියට බලන කල ඔසූවක් විදියටත් ආධ්‍යාත්මික වශයෙනූත් රෝස අපට කෙතරම් සමීපතම මලක් බව අවිවාදයෙන් යූතුව පැවසිය හැකිය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment