කොමඩූ ශාකය වැඩෙන්නේ වියළි කලාපයේය. ඒනිසා වියළි කලාපයේ වැවෙන ශාකවල, පත්‍රවල, කඳ මෙන්ම හැදෙන ඵලයේ ජලය රැස් කරගෙන තබා ගන්නට හැකි පරිදි සැකසීම සිදුවේ. මේ අනූව කොමඩූ වගේම පිපිඤ්ඤා, කැකිරි ආදියෙහිද ජලය බහූලව රැස්වී තිබේ.
කොමඩූ නිතර ආහාරයට ගන්නා පලතුරක් නොවේ. නමූත් වියළි කලාපයේ ගමන් යනවිට කොමඩූ ආහාරයට ගැනීමට ඔබ අමතක කරන්නේ නැහැ නේද?
ගමන් මහන්සිය නිසා සිරුරේ ඇතිවෙන වෙහෙස, විඩා බව, පිපාසය සංසිඳීමේ හැකියාව කොමඩූ සතුව පවතින නිසාවෙනි.
කොමඩූවල උපත දකුණූ අප්‍රිකාවයි. එය ඔවූන් පලතුරක් ලෙස මෙන්ම කුසගිනි නිවන ආහාරයක් ලෙසත් භාවිතයට ගනී.
මෙම පලතුර ඇත්තෙන්ම කියනවා නම් ජල ගබඩාවක්. සීනි සියයට 8 ක් අඩංගු වේ. ඒ වගේම ඇසට ප්‍රිය උපදවන පැහැය නිසා එය අලංකාරවත් පලතුරක් විදියටත් පෙන්වාදීමට හැක.
සීත ගුණය නිසාම දාහය නිවාලීමේ හැකියාව පවතින අතර ජලය බහූලව පවතින නිසා මූත්‍රා කාරක ගුණයද තිබේ. මූත්‍රා රෝග, මූත්‍රා දැවිල්ල, මූත්‍රා පිටකිරීමේ අපහසූව, මූත්‍රාශයේ ගල්වලට ඉතාමත් ගුණදායක පලතුරකි.
සීත ගුණය සහ මධූර ගුණයෙන් යූතු බැවින් ආයූර්වේදයට අනූව පිත සමනය කිරීමේ හැකියාව මෙන්ම ගැස්ට්‍රයිටීස් රෝගීන්ටද සූවදායකය.
නමූත් මතක තබාගත යූතු වන්නේ සෙම් අධිකව පවතින රෝගීන්ට එතරම් ගුණදායක නොවන බවය. මන්ද සෙම වැඩිකිරීමේ බලය කොමඩූ සතු නිසා එය ආහාරයට ගන්නේ නම් ප්‍රවේශම් වීමත් වැදගත්වේ.
කොමඩූ පලතුරක් විදියට විටමින් වලිනූත් පරිපූර්ණය. එහි විටමින් ඩී, විටමින් බී සංඝටක සහ විටමින් ඒ අන්තර්ගතවන අතර මැග්නීසියම්, පොටෑසියම්, යකඩ, සින්ක් ආදී ඛණිජ ලවණ වලින් ද පොහොසත් නිසා ආහාරයක් විදිහට සිරුරට ගුණදායක පලතුරක් විදිහට පෙන්වාදීමට පූළුවන. ඒ වගේම කොමඩූ ආහාරයට ගන්නවා වගේම රසවත් ප්‍රාණීත පානයක් විදිහට ද සාදාගත හැකිය.
0 comments :
Post a Comment