සමබල ආහාරයෙන් නිරෝගී දරු පරපූරක්


සමාජීය වෙනස්වීම් සමගම සමබල පෝෂණයට හිමිවිය යූතු ස්ථානය නොලැබීම නිසා අපේ රටෙි දරුවන් අතර පවතින ප්‍රෝටීන් ඃ ශක්ති මන්දපෝෂණය ඔවූනගේ වැඩීම බාල කිරීම සහ දුබලතාවයට පත් කිරීමට හේතුවේ.

ගර්භණීභාවයට පත් වූ කාන්තාවන් මෙම රෝගයෙන් පෙලුණහොත් එය නූපන් දරුවාට ද බලපායි. එය වඩාත් දරුණූ වන්නේ ගැහැණූ දරුවෙකු ඉපදුණහොත්, එය පරම්පරාවෙන් පරම්පරාවට ඌණතාවයක් ලෙස ගමන් කළ හැකි නිසාය. මේ තත්ත්වය දරුවන්ගේ උපත්බර අඩූ කිරීමට පවා හේතුවේ. 2000 වසරේදී පවත්වන ලද ජනගහන හා සෞඛ්‍ය සමීකෂණය අනූව පෙර පාසල් දරුවන් අතර මෙම ඌණතාවයන් පැවැතියේ පහත ආකාරයට.

ඌණතාවයප්‍රතිශතය

වැඩීම බාලවීම14%

දුබලත්වය14%

අඩූබර29%

එමෙන්ම මෙම සමීකෂණයට අනූව විවාහ වූ කාන්තාවන්ගෙන් සියයට 22 ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව අනාවරණය විය. එමෙන්ම වයස අවූරුදු පහට අඩූ දරුවන්ගෙන් සියයට 17 ක් ඉපදීමේදී අඩූ බර දරුවන් ලෙස ඉපදී ඇත.

සැබැවින්ම සමබල ආහාරයක් සඳහා අවම වශයෙන් මේ කොටස් තුනෙන් එක් ආහාර වර්ගයක් බැගින්වත් අපේ ආහාරයට එක්වීම අනිවාර්ය වේ. බතල, කිරි අල, බත්, ජෑම්, සීනි, මාගරින්, පාන්, මඤ්ඤොක්කා, පිෂ්ඨ ධාතු හා මේද බහූල ආහාර වේ. වැව් මාලු, කරවල, පරිප්පූ, රටකජූ, කිරි, මස්, ප්‍රෝටීන් බහූල ආහාරය, විටමින් හා ඛනිජ ලවණ ආහාර ලෙස කතුරුමූරුංගා, අන්නාසි, ගස්ලබූ, කැරටි, අඹ, කෙසෙල්, පේර, ගොටූකොළ හැඳින්විය හැක. මේදය ගැන බොහෝ අය අතර දුර්මත පවතී. බොහෝ අය සිතන්නේ මේදය හෘදයාබාධවලට හේතුවක් බවය. නමූත් ඔබ ගන්නා ආහාර සමබල වන්නේ එයට යම් ප්‍රමාණයක් මේදය ද එකතු කළ විටය. එමෙන්ම වැඩෙන දරුවෙකුට දිනකට අවශ්‍ය ශක්තියෙන් සියයට 30 ක් ලබාගත යූත්තේ මේදයෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කොට ඇත.

සමබර ආහාර වේලක් සහිතව දරුවාගේ වැඩීම ගැන සැලකිලිමත් වන අපට හොඳම මිණූම් දණ්ඩ අපගේ ශරීරයෙහි බර හා උසයි. මාතෘ සහ ළමා සායනවලදී ළදරුවන් සහ පෙර පාසැල් ළමයින්ගෙත්, ගැබිණි මවූවරුන්ගෙත් බර කිරීමෙන් විමසා බලන්නේ මෙයයි. මොවූන් සියලු දෙනාම වර්ධක අවස්ථාවන් පසූ කරන බැවින් බරෙහි වැඩිවීමක් පෙන්නූම් කළ යූතුය. ළදරුවාට මාස 04ඃ05 අතර උපත් බර දෙගුණයක් වේ. අවූරුද්ද සම්පූර්ණ වනවිට උපත් බර තුන්ගුණයක් වේ. ඉපදෙන අවස්ථාවේදී ඔහූට කිසිවක් කරගත නොහැකි වූවත් අවූරුද්දක් ගතවනවිට ඔහූගේ හැකියාවන් බොහෝය. මේ කාලය තුළදී ළදරුවාගේ මොළයේ ශීඝ්‍ර වර්ධනයක් සිදුවේ.

කෙසේ වෙතත් මෙහි ඇති බරපතලකම අවබෝධ කරගෙන රජයේ වගේම රජයේ නොවන සෞඛ්‍ය සංවිධාන පෝෂණය නැංවීමෙහිලා කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටූ කරයි. මවූවරුන් සහ සමස්ත සමාජයම පෝෂණය කෙරෙහි ඇති උනන්දුවත්, දැනූවත් බවත්, වැඩි වේ නම් මේ තියෙන ගැටලුකාරී තත්ත්වය බොහෝදුරට අවම කරගැනීමට පූළුවන.

සමබල ආහාර වේලක් දරුවාට ලබාදෙන අතර ඔවූන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් සපිරීමට ලබාදෙන ආහාරයන් ප්‍රමාණවත් දැයි සැලකිලිමත්වීම වැදගත්ය. නිරෝගී ශ්‍රී ලාංකික දරු පරපූරක් බිහිකිරීම අප සැමගෙත් වගකීමක් මෙන්ම යූතුකමක් ලෙස සලකමූ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment