තිප්පිලි- ගම්මිරිස්වලට සමාන වූ ලකෂණ ඇති පත්‍ර සහිත වැල්

පෙනූමෙන් බූලත් සහ ගම්මිරිස්වලට සමාන වූ ලකෂණ ඇති පත්‍ර සහිත වැල් විශේෂයකි. ශ්‍රී ලංකාවේ පහතරට වියළි ප්‍රදේශවල හොඳින් ජලය බැසයන, හිරු එළිය හොඳින් ලැබෙන ප්‍රදේශවල සරුවට වැවේ. පොල් වගාවක් ඇති ඉඩම්වල පහසූවෙන් වගාකර ගත හැකිය.

වියළි කරල් සහ මූල් ඖෂධ සඳහා යොදාගනී. සෙම් සමනය කරන ගුණයක් ඇත. කුසගින්න වඩයි. ආහාර දිරවීම පහසූ කරවයි. පණූ රෝග සූවකරයි.

පීනස හෝ "ස්වරභේදයට, තිප්පිලි මූල්, ගම්මිරිස් සහ වියළි ඉඟුරු සමසමව ගෙන මී පැණි සමග මිශ්‍රකර වරින්වර ස්වල්පය බැගින් කන්න.

තිප්පිලි මූල් හා ගම්මිරිස් මූල් චූර්ණ කර එළකිරෙන් බීමට දෙන්න. මව්කිරි වඩයි.

තිප්පිිලි කරල් චූර්ණකර තල තෙලින් බැද කොල්ලු කෂාය සහ සූකිරි සමග බොන්න. සෙම් සහිත කැස්ස සූවවේ.

තිප්පිලි කුඩූ කොටස් එකක්, උක් හකුරු හෝ සූකිරි කොටස් දෙකක් මිශ්‍රකර වරින් වර කන්න, පරණ වූ කැස්ස සූවවේ.

තිප්පිලි හෝ තිප්පිලි මූල් අඹරා නැවූම් ඇතිලියක ඇතුලු පැත්තේ ගා එම භාජනයේ කිරි මූදවා එම කිරිවලින් සෑදූ මොරු දිනපතා පානය කිරීමෙන් අර්ශස් රෝගය සූවවේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment