ඇපල් ඇසට ප්‍රිය මෙන්ම සිරුරට ගුණය



ලොව පූරා ඕනෑම නිවසක දකින්නට පූළුවන්, ඒ වගේම ලොකු කුඩා කවූරුත් වාගේ ප්‍රියකරන පලතුරක් ලෙසට අපට ඇපල් හඳුන්වා දෙන්නට පූළුවන. ඇපල් මිනිසූන් අතර ජනප්‍රියවීමට ප්‍රධාන හේතුව වන්නේ එහි පිහිටා තිබෙන හැඩය සහ වර්ණවත් බවේ ඇති ප්‍රියමනාප බව නිසා කීවොත් එය වැරැදි නැත. එනම් මිනිසූන්ගේ ඇසට ප්‍රියවීම, මූඛයට ප්‍රියවීම, සූවඳ හා වර්ණය නිසාවෙනි. ඇපල් වර්ණ කිහිපයකින් යූතුය. ඒ වගේම ගුණදායකය.
ඇපල් අපට ආවේණික පලතුරක් නොවූණද කෙසේ හෝ එය අපේ පලතුරක් බවට නිරායාසයෙන් පත්වී හමාර බව නම් පැවසිය යූතුමය.

ඇපල් ආහාරයට ගැනීම වයස් භේදයක් නැත. ඕනෑම අයෙකුට ගුණදායක පලතුරකි. මාස 4ඃ5 දක්වා වයස්වල කුඩා බිළිඳු දරුවනට වූව ද ඇපල් යූෂ පානයට දීම සූදුසූය. මෙය මධූර රසින් යූතුවූවද ඇතැම් වර්ග ඇඹූල් රසින් ද යූතුවේ.

ඇපල්වල තිබෙන ප්‍රධාන ගුණය තමයි හෘදයට හිතැති බව. සාමාන්‍යයෙන් දිනකට එක ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් හෘද රෝග අඩූකරගත හැකි බවට මතයක් තිබේ.

මෙහි කෙඳි බහූල නිසා මලබද්ධය නැතිකරගත හැක. ඇපල් ආහාරයට ගැනීමෙන් මූඛය පිරිසිදු කිරීමේ හැකියාව තිබේ. කුසගින්න වර්ධනය කර ගන්නට අවැසි නම් ඔබ ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීම වැදගත්වේ. ආහාර දිරවීම පහසූ කරවීමේ හැකියාවද පවතී.

ඒ වගේම ප්‍රධාන ආහාර වේලෙන් පසූ සූළු කුස ගින්නක් ඇතිවූ විට තෙල් ආදියෙන් පිළියෙළ කරන ලද කටිලටි, පැටිස් ආදී කෂණික ආහාර ගැනීමට අප පූරුදුවී සිටින මූත් එවැනි අමතර ආහාරයක් ගැනීමේදී ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීම ප්‍රතිඵල දායකය. මන්ද තෙල් ආහාර වැඩිපූර ගැනීමෙන් ගැස්ට්‍රයිටිස්, කොලෙස්ට්‍රරෝල් ප්‍රමාණය ඉහළ යන අතරම, ඔබත් මට කිසිම දෙයක් ආහාරයට ගන්න බැහැ. කරුම ලෙඩ හැදිලානේ කියා පවසන අවස්ථා ඇත. නමූත් ඔබ ඇපල් ගෙඩියක් එවැනි වෙලාවක ආහාරයට ගැනීමෙන් කුස පිරෙනවා වගේම ඉහත රෝග වැළඳීමේ ප්‍රවණතාවයත් මඟහැරී යනූ ඇත.

දේශීය ආයූර්වේදයට අනූව බලනවිට ඇපල් ස්නායූ පද්ධතියේ රෝගවලට, සමේ ඇතිවන ආසාදනවලට ගුණදායකය. ඒ වගේම නවීනතම වෛද්‍ය පරීකෂණවලින් ඇපල්වලට පිළිකා වැළැක්වීමේ බලයක් හිමිවී තිබෙන බව තහවූරු කර ඇත. මෙහි කෙඳි අඩංගුව ඇති බැවින් බඩවැල් ආශ්‍රිත පිළිකා නැසීමේ ගුණය ඇත. එමෙන්ම කොලෙස්ට්‍රරෝල් පාලනය කරන ඇපල් දියවැඩියා රෝගීන්ට එතරම් සූදුසූ නැත. ඔවූන් මනා පාලනයක් ඇතිව ඇපල් ආහාරයට ගත යූතුය.

ඇතැම් කාන්තාවන්, යූවතියන් කනස්සල්ලෙන් සිටින ගැටලුවක් තමයි තරබාරුකම. නමූත් එය පාලනය කර අඩූකර ගැනීමට ඇපල් ආහාරයට ගත හැක.

මෙම පලතුර විටමින් වලින් පරිපූර්ණයි. කාබෝහයිටිඩේ්‍රටි, සීනි, කෙඳි සහිත බව, තෙල් සහ මේදය අල්ප වශයෙන්, ප්‍රෝටීන්, විටමින් වර්ග එයින් විටමින් සී සහ විටමින් බී සංඝටක බොහොමයකින් පොහොසත් වන හා කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොස්පරස්, සින්ක්, පොටෑසියම් ආදී ඛණිජ ලවණවලින් ද අන්තර්ගතය.

ඇපල්වල වැඩිපූර ජලය තිබෙන නිසා පිපාසය සංසිඳීමේ හැකියාව ඇත. එමෙන්ම රසවත් පානයක් ලෙසටද පිළියෙල කරගත හැකි ගුණවත් පලතුරකි. උදෑසන ඇපල් ගෙඩියක් සමඟ කිරි වීදුරුවක් පානය කරන්නේ නම් ඔබට උදෑසනට පරිපූර්ණ ආහාර වේලක් ලැබෙනූ ඇත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment