අස්ථිවලට බලපෑම් එල්ල කරන තත්ත්වයක්


බොහෝ දෙනෙක් නිරෝගීකම පිළිබඳව සිත් යොමූ කරන්නේ මැදිවිය ඉක්මවීමේදී යැයි පැවැසීම අතිශෝක්තියක් නොවේ. සැබැවින් කෙනෙකු තම නිරෝගීකම, සෞඛ්‍ය සම්පන්න බව පිළිබඳව අවධානය යොමූ කළ යූත්තේ තමන්ට දැනූම් තේරුම් ඇතිවූදා සිටය.

පෝෂ්‍යදායී ආහාර වේලක් ගනිමින් නිසිකලට ව්‍යායාම ආදිය කරමින්, සූළු අසනීප තත්ත්වයකදී වූව නොසලකා නොහැර නිසි වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ප්‍රතිකාර ගෙන එය සමනය කර ගැනීමට කටයූතු කළ යූතුය. මන්ද ඉතාමත් පහසූවෙන් සූවකර ගත හැකි රෝග තත්ත්වයක් වූව නොසලකා හැරීමෙන් පසූ අවස්ථාවක ඉතා දරුණූ තත්ත්වයකට පත්වීමට ඉඩකඩ ඇති හෙයිනි.

අස්ථි පර්වදාහය තත්ත්වයෙන් බොහෝ අය පීඩාවිදින්නේ යැයි පැවැසීම අතිශෝක්තියක් නොවේ. දණහිස්වල, උකුල් සන්ධියේ අස්ථි පර්වදාහයට බහූලව ගොදුරුවන සන්ධීන්ය. මෙම රෝග අවස්ථා දෙක එක්ව ගත් කළ වයස අවූරුදු හැටපහට වැඩි අය ඉහළ ප්‍රතිශතයක පිරිසක් පීඩාවිඳියි.

වැඩිමහළු වියේදී වයසත් සමග ඇතිවන වේදනාකාරී තත්ත්වයන් ඇතිවන්නේ මේ කාලයේදීය.

අස්ථි පර්වදාහය ලොව පූරාම පාහේ දැකිය හැකි තත්ත්වයකි.

ඒ කෙසේ නමූදු අස්ථි පර්වදහ තත්ත්වය විවිධ සන්ධිවලට බලපෑම් එල්ල කරන අතර විශේෂයෙන් දණහිස, අත්, උකුල, කොඳු ඇට පෙළ ආදිය ඇතුළත් වේ.

කාන්තාවන් තුළ බහූලවම දැකිය හැකි අස්ථි පර්වදාහය.

දණ හිසෙහි ඇතිවන අස්ථි පර්වදාහය බොහෝවිට කාන්තාවන් තුළින් බහූලව දැකිය හැකිය. විශේෂයෙන්ම වයස අවූරුදු පනහ ඉක්මවූ කාන්තාවන් තුළින් බහූලව දැකිය හැකි තත්ත්වයකි.

බර වැඩිවීම හා වෙනත් විශේෂ අවස්ථා නිසා කාන්තාවන් තුළ මෙම තත්ත්වය ඇතිවිය හැකි අතර පිරිමි තුළද දැකිය හැකිය.

කාටිලේජ් ඉවත් කිරීම වැනි සැත්කම් නිසා බොහෝවිට පිරිමි තුළ දැකිය හැකිය. එමෙන්ම මෙහිදී සඳහන් කළ යූතු තත්ත්වයක් ඇත. එනම් පැහැදිලි තත්ත්වයක් සඳහන් කිරීමට නොහැකිවද මෙම අස්ථි පර්වදාහය තත්ත්වය ඇතිවීමට පූළුවන.

මෙම තත්ත්වය දණහිසට වැළඳුනූ විට එහි වේදනාව ඇතිවන්නේ ඉදිරිපසින් හෝ දෙපැත්තෙනි. එහිදී අස්ථිය මදක් නැවී තිබෙනූ ද දකින්නට හැකිය.

උකුල් සන්ධියේ ඇතිවන අස්ථි පර්දාහය

විශේෂයෙන් මෙම තත්ත්වය ඇතිවන්නේ වයස අවූරුදු හතළිහ පනහ වැන ිවයසවල පසූවන කාන්තාවන්ටය. එය ද ආර්ථවය සිදුවන කාලයේදීය.. මෙම තත්ත්වය ඇතිවන මූල් කාලයේ එම සන්ධිය ඉදිමී රතුවී තිබෙනූ දක්නට ලැබෙයි.

කාලය කෙමෙන් ගෙවී යද්දී එම සන්ධියේ පිටූපස ඉදිමී තද ගැටයක් ආකාරයට දකින්නට පූළුවන.

මේ ගැටිති සම්පූර්ණයෙන්ම වැඩූණූ පසූ බොහෝවිට වේදනාවත් මෙලෙක් ස්වභාවයත් වැඩිවේ. වේදනාව දිගටම පැවැතීමට පූළුවන.

ඒ කෙසේ නමූත් මෙහිදී ඇතිවන වේදනාකාරී තත්ත්වයන්ට වේදනා නාශක භාවිතය සිදුවූවත් ඒ සමගම භෞතික ප්‍රතිකාරත් අවශ්‍ය වෙනවා. එසේ කිරීමෙන් රෝග ලකෂණ බොහොමයක් සමනය කළ හැකියි. විශේෂයෙන් ඡ්සබ සෘැකසැෙ ඔරු්එපැබඑ ලබාදෙනවා. ඊට අමතරව සන්ධිය වටා ඇති පටකවල චලනය නිසි පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය ව්‍යායාමද සහ සන්ධි වටා ඇති පේශි ශක්තිමත් කරලීමට අවශ්‍ය වන ීඑරුබටඑයැබසබට ෑංැරජසිැිඃ ද අවශ්‍ය වෙනවා.

වඩාත් වැදගත් වනූයේ අනූගමනය කළයූතු ක්‍රියා මාර්ගයන්ය. තරබාරු බව අඩූකර ගැනීම නිතර සිටගෙන සිටීම සිදුවේ නම්, නිතර ඇවිදීමට සිදුවේ නම් ඊට විකල්ප ක්‍රියාමාර්ග අනූගමනය කිරීමයි.

එමෙන්ම නිතරම නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම අතිශයින්ම වැදගත් බව තරයේම මතක තබාගත යූතුය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment