දියවැඩියා රෝගීන්ට වඩාත් සූදුසූ ඇඹරැල්ලා


නිවසේදී ඉතාම පහසූවෙන් වගා කළ හැකි පළතුරක් ලෙස ඇඹරැල්ලා හදුන්වා දිය හැකිය. ගමේ ගොඩේ මෙන්ම නාගරික ජනතාවට වූව ද ඉතාම කුඩා ඉඩ ප්‍රමාණයක හෝ පෝච්චියක වූව ද ඇඹරැල්ලා ශාකය වගා කළ හැකිය.


නිවසේදීම සාදා ගත හැකි කොම්පොහොස්ටි පොහොර, ගඩොල් කුඩූ, වැලි, අලු කොහූබත් යොදා ගනිමින් හොඳින් හිරු එළිය ලැබෙන පරිසරයක වැඩි මහන්සියක් නොමැතිව ඇඹරැල්ලා ගස වගා කළ හැකිය. මෙහි පෝෂණ ගුණයද බහූලය.

ඉඳුණූ ඇඹරැල්ලා ගෙඩිවල ඇති කහ පැහැය නිසා කැරෙටින් සහ විටමින් සී බහූල වේ. නොයෙක් විදිහට ආහාරයේ විවිධත්වය ඇති වන ලෙස පිසගත හැකි ඇඹරැල්ලා පළතුරක්, ඔසූවක් ලෙසත් එළවළුවක් ලෙසත් හඳුන්වා දිය හැකියි. එමෙන්ම කල් තබාගත හැකි ලෙස චටිනි ලෙසත් අතුරුපස සඳහා දෝසි සාදා ගැනීමටත් යොදාගත හැකිය. ග්‍රාමීය කාන්තාවට ස්වයං රැකියා ආදායම් මාර්ගයක් ලෙසත් ඇඹරැල්ලා වගාව සහ එහි ඵලදාවෙන් දෝසි සෑදීම කළ හැකිය.

ඇඹරැල්ලා කොළවලින් සහ ගෙඩිවලින් සලාදයක් සාදාගත හැකි බව ඔබ නොහිතන්නත් ඇත. කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන් අතරත් බොහෝම ජනප්‍රිය සහ රස ආහාරයක් වන

ඇඹරැල්ලා පිෂ්ඨය අඩූ නිසා දියවැඩියා රෝගීන්ට වඩාත් සූදුසූ ආහාරයකි. දේශීය ආහාරයක් ලෙස හඳුන්වාදිය හැකි

ඇඹරැල්ලා අමූවෙන් වූව ද කෑමට ගත හැකියි.

ලංකාවේ සෑම ප්‍රදේශයකම වගා කළ හැකිවීමත් කෙටි කාලයකින් ඵලදාව ලබාගත හැකි ශාකයකි.

ඇඹරැල්ලා ස්ටූ

අවශ්‍ය ද්‍රව්‍ය

ඇඹරැල්ලා (තරමක පොඩි ගෙඩි) කිලෝ 1

සීනි ග්‍රෑම් 300ඃ400 අතර

කරාබූ නැටි 5

එනසාල්

කුරුඳු කැබැල්ලක්

වතුර ලීටර් 1 ක්

දෙහි හෝ ලෙමන් යූෂ මේස හැඳි 1 ක්

සාදන ක්‍රමය

කුඩා ඇඹරැල්ලා ගෙඩි සෝදා හොඳින් පොතුහැර නැවත සෝදන්න. කපන ලෑල්ලක් හෝ පිඟානක් මත තබා දැහැටි කූරකින් ඇන ගන්න. ටිකක් මොලොක් වනතුරු මෙය කරන්න. මෙසේ කිරිමෙන් සීනි උරා ගැනීම පහසූ වේ.

අවශ්‍ය ප්‍රමාණයට සීනි ගෙන වතුර යොදා එය ටිකක් උණූවෙන තෙක් තබා එයට සාදාගත් ඇඹරැල්ලා එකතු කරන්න. එයටම කරාබූ නැටි, කුරුඳු වගේම, එනසාල් යාන්තමට තලා එකතු කරන්න. නැවත ලිපේ තබා හැඳිගාමින් උණූ කරන්න. මෙම මිශ්‍රණය තරමක් ඝන වනතුරු ලිපේ තබා මෙයට දෙහි හෝ ලෙමන් යූෂ එකතු කරමින් ලිපෙන් බා ගන්න.

නිවූනාට පසූව ගැළපෙන භාජනයකට දමා ශීතකරණයේ තබා අතුරු පසක් ලෙස කෑමට ගන්න.

කල්තබා ගැනීමට නම් ජීවානූහරණය කරන ලද බෝතල්වල උණූ උණූ ඇඹරැල්ලා ස්ටූව දමා හොඳින් වසා තබන්න. මෙය සතියක් දෙකක් වූව ද පාවිච්චි කළ හැකියි. මෙය අයිස්ක්‍රීම්, යෝගටි හෝ කස්ටඩ් සමග පිළිගැන්විය හැකියි. පිළිගැන්වීමට පෙර කුරුඳු පොතු, එනසාල්, කරාබූ නැටි ඉවත් කරන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment