ඇදුම රෝගී තත්ත්වය ඇතිවන ප්‍රධාන හේතු දන්නවාද?



වර්තමානයේ රෝහල් කරා පැමිණෙන රෝගීන්ගෙන් වැඩි ප්‍රතිශතයක් ඇදුම රෝගීන්ය. මේ බව බාහිර රෝගී ප්‍රතිකාර අංශය හා නේවාසික ප්‍රතිකාර අංශයේ රෝගීන් පිළිබඳව විමසා බැලීමේදී පැහැදිලිව පෙනේ. මෙම රෝගී සංඛ්‍යාව මිලියන දෙකක් පමණ යැයි පැවැසීම අතිශෝක්තියක් නොවේ.

මේ අතරින් සියයට දහයක් පමණ වැඩිහිටියන්ය.

ඇදුම රෝගී තත්ත්වය දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි නිදන්ගත රෝග තත්ත්වයක් ලෙස හඳුන්වාදීමට පූළුවන.

ඒ නිසාම ඇදුම රෝගී තත්ත්වය ද දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් මෙන් නිටිටාවටම සූව කළ නොහැකිය. එහෙත් නිසි වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර විධි අනූගමනය කිරීමෙන් සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකි තත්ත්වයකි.

ඇදුම රෝගයේ ලකෂණ

1)ආශ්වාස ප්‍රශ්වාස කිරීමට අපහසූකම් ඇතිවීම.

2)පපූවේ වේදනා සහිත බවක් ඇතිවීම.

3)සෙම් සහිත කැස්සක් ඇතිවීම.

4)ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේදී රූං... රූං... හඬක් නිකුත්වීම.

5)ශරීරයේ ක්‍රියා ශූරත්වයේ අඩූවක් අපහසූතාවයක් ඇතිවීම.

මෙම රෝග ලකෂණ රාත්‍රි කාලයේදී මෙන්ම පාන්දර යාමයේ උත්සන්නවීමේ නැඹූරුතාවයක් ඇත.

ඇදුම රෝගය ඇතිවන ප්‍රධාන හේතු සාධක.

ඇදුම රෝගයට බලපාන ප්‍රධාන හේතු සාධක දෙකක් ඇත.

ඉන් ප්‍රථම හේතු සාධකය වනූයේ විෂබීජ, බැක්ටීරියා වර්ග හා ආසාදන, අසාත්මිකතාවයන්ය.

මෙම තත්ත්වය උදාහරණයක් තුළින් තවදුරටත් පැහැදිලි කළහොත් ඇහැට නොපෙනෙන කුඩා කෘමිවර්ග සහ මකුණන්, කැරපොත්තන් ගෙදර සූරතලයට ඇති කරනූ ලබන බල්ලන් බළලුන්, කුරුල්ලන් වැනි සතුන් ආශ්‍රිතව ඇතිවන කෘමීන් නැත්නම් එම සතුන් විසින් බැහැර කරනූ ලබන ලොම්, දිලීර වැනි අපද්‍රව්‍යයන් මගින් ඇදුම රෝගීන්ට අපහසූතා ඇතිවිය හැකියි.

මේ නිසා ඇදුම රෝගයෙන් පෙළෙන අයකු සිටීනම් ඔහූගේ නිවසේ, අප ඉහත සඳහන් කළ ආකාරයේ සතුන් සිටීනම් එම සතුන්ගෙන් රෝගියා ඈත් කර තැබීමට නිවසේ සාමාජිකයන් ක්‍රියා කළයූතුය රෝගියාද එම සතුන්ගෙන් ඈත්ව සිටීමට, ් ක්‍රියා කිරීමද අතිශයින්ම අවශ්‍යය.

නිවසේ පරිසරයේ ඇති දූවිලිවල ජීවත්වන කුඩා කෘමි වැනි සතුන්ද ඇදුම රෝගීන්ට පීඩනයක් ගෙනදීමට සමත්වේ. එමනිසා මූලින්ම ඇදුම රෝගියකු නිවසේ සිටීනම් නිවසත් අවට පරිසරයත් ඉතා පිරිසිදුව තබා ගැනීමට නිවසේ සාමාජිකයන් ක්‍රියාකිරීම අත්‍යවශ්‍යය. එම කටයූත්ත සඳහා ඇදුම රෝගියා සම්බන්ධ කර නොගෙන සිටීමටද වගබලා ගත යූතුය.

ඇදුම රෝගය උත්සන්න වීමට බලපාන දෙවන කාරණය වන්නේ පරිසරයේ පවතින විෂබීජ කාරකාදිය පමණක් නොව සිගරටි, බීඩි දුම්,ආදියයි ඇදුම රෝගීන් දුම්පානයෙන් ඈත්ව සිටිය යූතු අතර, දුම් බොන්නන් අසල ගැවසීමද සූදුසූ නොවේ.

මීට අමතරව සැර වායූ දුම්, කම්හල්වලින් නිකුත් වන දුම්, මදුරු දඟර දුම්, කෘමිනාශක තෙල් වර්ග, සූවඳ විලවූන් ආදිය ආශ්වාසවීමද ඇදුම රෝගියකුගේ රෝගී තත්ත්වය උත්සන්න වීමට හේතු සාධකයක් වේ. එමෙන්ම කෙස් වර්ණ ගන්වන රසායනික ද්‍රව්‍යය එම රෝගීන්ට අසාත්මිකතාවයන් ඇති කරයි.

ඒවා අදුම රෝගයට බලපාන විෂබීජ නොවන හේතු සාධක වන අතර, ඇතැම් විට ආහාරවලට යොදන රසකාරක, වර්ණ කාරකද ඇදුම රෝගීන්ට අන්‍ය අන්දමින් බලපාන අවස්ථා ඇත. ඊට අමතරව ඇතැම් ආහාර වර්ගද ඇදුම රෝගීන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වීමට බලපාන හේතු සාධකයෙකි. එක් එක් ඇදුම රෝගීන්ට විවිධ ආහාර ද්‍රව්‍යය ආසාත්මිකතාවයන් ඇති කරන හෙයින්, තමන්ට ආසාත්මිකතාවයන් ඇතිකරන ආහාර ද්‍රව්‍යය මොනවාද යන්න අදාල ඇදුම රෝගියා අවබෝධ කොටගෙන එවන් දෑ ආහාරයට එකතු කර නොගෙන සිටීමටද වගබලා ගත යූතුය. එසේ නොමැතිව ඇතම් ඇදුම රෝගීන් තමන්ට මේ මේ ආහාර සූදුසූ නැතයි වර්ග කර දක්වයි. එහෙත් වෛද්‍ය වරයෙනුට ඇදුම රෝගියෙකුට මේ ආහාර සූදුසූ නැතැයි නිර්දේශ කළ නොහැකිය.

මෙහිදී අමතක නොකළ යූතු වැදගත් කරුණ වන්නේ කෙනෙකුට ඇදුම රෝගය කෙරෙහි ආහාරවල බලපෑමක් ඇති වෙනවානම් ඒ සියයට දෙකක් වැනි ඉතා සූළු ප්‍රතිශතයකි. ඒහෙයින් ඇතැම් ආහාර වර්ග නිසා ඇදුම රෝගය උත්සන්න වෙනවා යැයි සමහර අය පවසන මතය මිත්‍යාවකි.

ඇදුම රෝගය සඳහා දේශගුණික බලපෑම

ඇතැම් රෝගීන් සඳහා දේශගුණයේ ඇතිවන කෂණික වෙනස්වීමද දැඩි ලෙස බලපෑම් ඇති කරයි. ඒහෙයින් ඇදුම රෝගීන් ඒ පිළිබඳ දැඩි අවධානයකින් පසූවිය යූතුයි.

විශේෂයෙන් සීත දිනවල ශරීරයේ උණූසූමට තබා ගැනීමට කල්පනාකාරී විය යූතුය. සීතල වතුර ස්නානයට ගැනීමෙන් හා සීත කළ බීම වර්ග පානයට ගැනීමෙන්ද ඇදුම රෝගීන් වැළකී සිටිම අතිශයින්ම වැදගත්ය.

විදුලි පංකාවේ බලපෑම

බොහෝ දෙනෙක් සිතනූයේ විදුලි පංකාදිය නිසා ඇදුම රෝගය උත්සන්න වන බවකි. එහෙත් එම මතය මිත්‍යාවකි. ඇදුම රෝගීන්ට අහිතකරවන්නේ විදුලි පංකා නොවේ. එම රෝගියා සිටින කාමරයේ ඇති දූවිලි හා විෂබීජ ආදියයි. විදුලි පංකාව ක්‍රියාත්මක කිරීමෙන් එහි සූළඟ හේතු කොටගෙන කාමරයේ දූවිලි හා විෂබීජාදිය ඇවිස්සෙයි. ඒවා ආශ්වාස කිරීමෙන් රෝගියාගේ රෝගී තත්ත්වය උත්සන්න වේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment