රතු කැකුළු බතට රසයෙන් ගුණයෙන් පිරි වෑංජන

තෝරාගත් රතු කැකුළු සහල් වැඩි වේලාවක් ජලයේ පෙඟෙන්නට තැබීම සූදුසූ නැහැ. සහල් තදින් අතුල්ලා සේදීමත් එහි පෝෂණය ජලයට සේදී දියවී යාමකි.

වූවමනා පමණ වතුර දමා බත පිසගන්න. රතු කැකුළු බත උයා නිවූණූ පසූ හයිය ගතියෙන් යූක්තය. ඒත් වෙනත් සහල්වලට වඩා රතු කැකුළු පෝෂණයෙන් යූතු බව අමතක කරන්න එපා.

රතු කැකුළු බතට රසම රස කිරි හොද්දක්

අවශ්‍ය ද්‍රව්‍ය

පොල් ගෙඩියක උකුකිරි සහ දියකිරි (වියළි පොල් තෙල් ගතිය වැඩි නිසා ගන්න එපා)

රතුළුෑනූ ගෙඩි 10 ක් පමණ

සූදුළුෑනූ බික් 2

අමූමිරිස් කරල් 4ඃ5

තරමක කුරුඳු කැබැල්ලක්

අඹරාගත් අබ කැපූ තේ හැඳි 1

උළුහාල් තේ හැඳි 1 (යන්තමින් බැඳ ගැනීම වඩාත් හොඳයි)

අමූ කරපිංචා කොළ මිටක්

රම්පෙ කෑල්ලක්

ලුණූ සහ කහ

කැමති නම් තරමක තක්කාලි කෑල්ලක්

අමූ දෙහි ගෙඩියක් (ඉදුණූ දෙහි ගන්න එපා)

සාදන ක්‍රමය

ලියාගත් ළුෑනූ, අමූමිරිස්, සූදුළුෑනූ, රම්පෙ, කරපිංචා (කැමතිනම් තක්කාලි) මැටි වළඳකට දමා හොඳින් පොඩිකර උළුහාල් ඇඹරූ අබ, කහ සහ ලුණූ දියකිරිවලට මිශ්‍රකර තැම්බෙන්නට තබන්න.

විටින් විට හැඳි ගාන්න. මෙයට මිටිකිරි එක්කර කැටිගැසීමට නොදී උයා ලිපෙන් ඉවතට ගෙන නැවත තරමක් හැඳි ගා දෙහි යූෂ දමා මිශ්‍ර කරන අතර අමූදෙහි ලෙල්ල මෙයට දමා ටික වේලාවක් තබා නිවෙන්නට හරින්න. ටික වේලාවක් තබා දෙහි ලෙල්ල ඉවත් කරන්න. දෙහි ලෙල්ල දෑමීමෙන් හොඳ සූවඳක් සහ ප්‍රනීත රසයක් දෑනේ. කිසිවිටෙකත් ඉදුණූ දෙහි භාවිත කරන්න එපා.

පොලොස් අච්චාරුව

අවශ්‍ය ද්‍රව්‍ය

තරමක පොලොස් ගෙඩියක්

ගොරකා කැබලි 2ඃ3

විනාකිරි කෝප්ප 1/2

අබ ග්‍රෑම් 25

වියළි මිරිස් කරල් 3ඃ4

ගම්මිරිස් ඇට තේ හැඳි 1

සූදුළුෑනූ බික් 4ඃ5

තරමක කුරුඳු කැබලි 2 පමණ

කහ, ලුණූ සහ වතුර

සාදන ක්‍රමය

පොලොස් ගෙඩියේ වහල්ල සහ කටූ කපා තරමක කැබලිවලට කපා සෝදා ගොරකාද හොඳින් සෝදා ලුණූ, කහ, කුරුඳු පොලොස්වල ප්‍රමාණයට වතුර එක්කර තම්බාගන්න.

අබ, මිරිස්, ගම්මිරිස්, සූදුළුෑනූ, විනාකිරි ටිකකින් අඹරාගන්න. පොලොස් කැබලි එම ගලේම අඹරාගන්න. ඉතිරි විනාකිරිවලට අඹරාගත් මිශ්‍රණය මිශ්‍රකර ගන්න. අවශ්‍ය නම් සීනි තේ හැඳි 1 පමණ තවත් කැමති නම් හීනියට කපාගන්නා ලද ඉඟුරු ස්වල්පයක් සමඟ හොඳින් මිශ්‍රකර පොලොස් ද දමා මිශ්‍ර කරන්න.

මැටි හටිටියේ මැටි කෝප්පයෙන් වසා පැය 5ඃ6 පමණ පසූ කෑමට ගන්න.

තෙත නොමැති හටිටිවල හෝ වියළි බෝතල්වල අසූරා දින කිහිපයක් තබාගත හැකිය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment