නිර්නාමික දුරකතන ඇමතුම් ඔබටත් ප්‍රශ්නයක් වෙලාද?




ඔබේ දුරකතනයට නිර්නාමික ඇමතුම් ලැබේද? එසේනම් ඒ ිපිළිබඳව සැලකිලිමත් විය යූතුය. මන්ද යත්, එවැනි ඇමතුම් දුර දිග යාමෙන් පසූ කාලෙකදී සංකීර්ණ ප්‍රශ්න මාලාවකට ඔබට මූහූණදීමට සිදුවිය හැකි හෙයිනි.

ඔබ නොදන්නා අයෙකුගෙන් අමතුමක් ලැබූණහොත්, පළමූව ඔහූට ඔබේ විස්තර නොපවසන්න. දුරකතන ඇමතුමක් ආරම්භයේදී ඇමතුම දුන් තැනැත්තා විසින් තමා කවූරුන්ද යන්න හඳුන්වා දිය යූතුය. එසේ නොමැතිව, "ඔය කතා කරන්නෙ කවූද?" යන්න ඇමතුම ලබාගත් තැනැත්තා විමසීම සදාචාරාත්මක නොවේ. එසේම, ඔබට ඇමතුමක් ලැබූණහොත්, ඇමතුම දුන් තැනැත්තා තමාව හඳුන්වා නොදෙයි නම් ඔහූ හෝ ඇය පිළිබඳව විමසන්න. එසේ නොමැතිව, තමා කවූද යන්න හෝ තමාගේ දුරකතන අංකය හෝ වෙනත් කිිසිදු ආකාරයක විස්තර ලබා නොදෙන්නට මතක තබාගන්න. දුරකතන ඇමතුම ලබා දෙන්නා තමාව හඳුන්වා දුන්නද ඔබ එම තැනැත්තාව නොහඳුනන්නේ නම්, ප්‍රවේශමෙන් සංවාදයෙහි යෙදෙන්න. එම තැනැත්තා පවසන කාරණය තමාට අදාළ නොවේනම්, ඒ බව පවසා දුරකතන ඇමතුම අවසන් කිරීම උචිතය. මන්ද යත්, සමහර තැනැත්තන් ව්‍යාජ නම් පවසමින් විවිධ ආකාරයෙහි දුරකතන ඇමතුම් ලබාදෙන බැවිනි. බොහෝවිට මෙවැනි සිද්ධීන්ට මූහූණ පෑමට සිදුවන්නේ ගෘහණියන්ටය. සතියේ දිනවල නිවසෙහි තනිව වෙසෙන ගෘහණියන් හට එවැනි ඇමතුම් ලබාදෙන "මානසික රෝගීන්" විශාල සංඛ්‍යාවක් අද දින සමාජයේ වෙසෙයි.

ඉහත සඳහන් ආකාරයට දුරකතන ඇමතුම් දුරදිග ගොස් තම විවාහ දිවියද කඩාකප්පල් කරගත් කාන්තාවන් බොහෝ ප්‍රමාණයක් අපට හමූවී ඇත. එමෙන්ම වංචාකාරයන්ට අසූවූ තරුණියන් රැසක් ද අප අතර සිටී.

නිර්නාමික ඇමතුම් මගින් නිවසෙහි සිටින්නන් රවටා අදාළ නිවසෙහි තොරතුරු ලබාගෙන එම නිවෙස් මංකොල්ල කන පිරිසක්ද සිටින බව අප දැනූවත්වී තිබිය යූතුය. එබැවින්, නොදන්නා අයකු සමග දුරකතන සංවාදවල යෙදීමේදී විශේෂයෙන් සැලකිලිමත් විය යූතුය.

ඔබට නිර්නාමික ඇමතුමක් ලැබූණහොත් වැඩිදුර ඔහූ හෝ ඇය සමග සංවාදයෙහි යෙදීම නොකළ යූතුය. සමහර කාන්තාවන් නොදැනූවත්වම දීර්ඝ සංවාදවලට පෙළඹෙති. නිර්නාමික ඇමතුම් දෙන්නන් එවැනි දීර්ඝ සංවාදවලට ඔබව පටලවා ගැනීමට ඉතාමත් ප්‍රියකරති. එබැවින්, හැකිතරම් ඇමතුම කෙටිකර අවසන් කිරීම සූදුසූය.

නිර්නාමික ඇමතුම දිගින් දිගටම ලැබේනම්, එම නිර්ණාමික ඇමතුම බව සැක හැර දැනගත් වහාම දුරකතන ඇමතුම විසින්ධි කරන්න. එවැනි හැසිරීම් මගින් මෙවැනි නිර්නාමික ඇමතුම් සියයට 75 කින් පමණ ගැලවීමට ඔබට හැකියාව ඇත.

ඇමතුම ලබාදෙන දුරකතන අංකය තමාගේ දුරකතනයෙහි සටහන් වීමේ කඛෂඃ පහසූකම ඔබ දුරකතනයෙහි ඇත්නම් මෙවැනි නිර්නාමික ඇමතුම්වලින් ආරක්ෂාවීමේ හැකියාව ඔබට ඇත. තමාගේ දුරකතන අංකය දැනගැනීමේ හැකියාව අනෙකාට ඇති හෙයින් නිර්නාමික ඇමතුම් දෙන්නන් එවැනි දුරකතනවලට ඇමතුම් දීමෙන් බොහෝ දුරට වැළකී සිටී. (නමූත් දුරකතන කුටි භාවිත කරමින් මෙවැනි ඇමතුම් ලබාදීමද මෙවැනි අවධියක සූලබ කරුණකි.)

ඔබ දුරකතනයෙහි කඛෂ පහසූකම් නොමැතිනම්, ඔබට අදාළ දුරකතන සමාගමට නිර්නාමික ඇමතුම් පිළිබඳව පැමිණිලි කළ හැක. එවිට එම කාර්යය මණ්ඩලය ඔබගේ දුරකතනය විශේෂ අවධානයට ලක් කරයි. (ඹබාැර ධඉිැරඩ්එසදබ නිර්නාමික ඇමතුම ලැබෙන අවස්ථාවේදී ඔබ ක්‍රියාකල යූතු ආකාරය පිළිබඳවද ඔවූන් ඔබව දැනූවත් කරනූ ඇත. එවිට ඒ අනූව ක්‍රියාකර එවැනි ඇමතුම් ලැබූණ දිනය හා වේලාව දුරකතන සමාගමට දැන්වීම සිදුකළ යූතුය. ඔබ ලබාදුන් තොරතුරු අනූව පරීකෂා කර බලා අදාළ දුරකතන සමාගම නිර්නාමික ඇමතුම් ලබාදෙන දුරකතන අංකය සොයාගනී. ඉන්පසූ ඔවූන් අදාළ දුරකතනයෙහි හිමිකරුට අවවාද කරනූ ලැබේ. නමූත් අදාළ දුරකතනය පිළිබඳව කිසිදු විස්තරයක් එම දුරකතන සමාගම ඔබට ලබානොදේ.

සාමාන්‍යයෙන් දුරකතන සමාගම් මගින් දුරකතනයකට ලැබෙන ඇමතුම් පිළිබඳව විස්තර ලබා නොදෙයි. ඔවූන් එවැනි විස්තර ලබාදෙන්නේ උසාවි නියෝගයකට හෝ ත්‍රිවිධ හමූදාවේ හෝ පොලීසියට අවශ්‍ය විමර්ෂන කටයූතු සඳහා පමණි.

ඔබට නිර්නාමික දුරකතන ඇමතුම් නිතර ලැබේ නම්, ඔබගේ දුරකතන අංකය වෙනස් කිරීමට (භමපඉැර කය්බටරුඃ අයදුම්පතක් අදාළ දුරකතන සමාගමට ඉදිරිපත් කළ හැක. ඔබට අවශ්‍ය නම් එම නව දුරකතන අංකය දුරකතන නාමාවලියට (ඔැකැචයදබි ෘසරුජඑදරඃ ඇතුළත් නොකර සිටීමේ අයිතියද ඔබ සතුව.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් ලද තොරතුරු අනූව ලිපිය සකස් කරන ලදී.)

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment