පිරිමි දරු උපත් සිදුවන්නට ග්‍රහ පිහිටීම් බලපාන බව දන්නවාද?



කේන්දරයක මූලික වශයෙන් පිරිමි දරුවකු පෙන්නූම් කරන විට නවාංශක කේන්දරයෙහි එම ග්‍රහයාගේ පිහිටීම ජන්ම කේන්දරයෙහි ඔහූට හිමි තැනට වඩා බලවත් වන නිසා ගැහැනූ දරුවෙකු ඉපදීමටද ඉඩ තිබේ. ඇසූරු කරන සහ දකින ග්‍රහයන් අනූවද දරුවකුගේ ස්ත්‍රි පූරුෂබව වෙනස්වීමට ඉඩ තිබේ. කෙසේ වෙතත් මේ සියල්ලම යොදා ගත යූත්තේ පළමූ කොටම අදාළ පූද්ගලයාට දරුපල තිබේද නැද්ද යන කාරණයත් එසේම එය ගැහැනූ දරුවන් පමණක්ද පිරිමි දරුවන් පමණක්ද යන කරුණූ තීරණයෙන් පසූවයි. කේන්දරයක වඳ බව පෙන්නූම් කරන ග්‍රහයෝග තිබේ නම් අනෙක් ග්‍රහ පිහිටීම කෙබඳු වූවත් එම පූද්ගලයාට දරුඵල අත් නොවේ. එසේම පිරිමි දරුඵල නොමැති කේන්දරයක පූරුෂකාරක රාශිවල සහ නවාංශකවල කෙතරම් ග්‍රහයන් සිටියත් පිරිමි දරුඵල අත්වන්නේද නැත.

වඳ රාශි වන වෘෂභ, සිංහ, කන්‍යා සහ වෘශ්චික යන රාශි පස්වැනි රාශි වූ කල්හි දරුවන් සංඛ්‍යාව ස්වල්ප වේ. බූද සහ සෙනසූරු පස්වැන්නට බලපෑම් ඇතිකරන විට අත්වන ප්‍රතිඵලය ද ඊට සමානය පස්වැන්නාධිපති ස්වක්ෂේත්‍ර වූ විටද දරුඵල අඩූ වේ. පස්වැන්නාධිපති පූරුෂකාරක නවාංශකයක සිටින විට ද පූරුෂ කාරකග්‍රහයන් සමග සංයෝග වූ විට සහ ඔවූන් විසින් දකිනූ ලබන විටද පිරිමි දරුඵල සංඛ්‍යාව වැඩිවන අතර ගැහැනූ දරුඵල අඩූවේ. එසේම ස්ත්‍රි කාරක ග්‍රහයන්ගේ සහ ස්ත්‍රි කාරක නවාංශකයන්හි බලපෑම් නිසා ගැහැනූ දරුඵල සංඛ්‍යාව වැඩිවන අතර පිරිමි දරුඵල සංඛ්‍යාව අඩූ වේ. වෘශ්චික ලග්නය උදාවෙද්දී ගුරු මීන රාශියට එනම් පස්වැන්නට එක් වූ විට දරු උපත් සංඛ්‍යාව අඩූ වේ. මේෂ, වෘෂභ, වෘශ්චික හෝ කුම්භ ලග්න උදා වෙද්දී සෙනසූරු පස්වැන්නට එක් වූ විට දරුවන් බොහෝ සංඛ්‍යාවක් උපදිනූ ලැබේ. බූද පස්වැන්නට එක් වූ විට දරු උපත් සංඛ්‍යාව අඩූ වේ. සඳු පස්වැන්නට එක් වූ විට ගැහැනූ දරු උපත් වැඩිය. පිරිමි දරු උපත් අඩූය. නැත්නම් එකම පිරිමි දරු උපතක්වත් මොවූන් නොලබයි. පස්වැන්නාධිපති දෙවැන්නට හෝ අටවැන්නට එක්වූ විට ගැහැනූ දරුඵල වැඩි වේ.

බූද සිකුරු හෝ සඳු පස්වැන්නට එක් වූ විට ද ගැහැනූ දරු උපත් සංඛ්‍යාව වැඩිය. ජන්ම කේන්ද්‍රයේ ගුරු ලග්නාධිපතිගේ දෘෂ්ටියට හසූව පස්වැන්නෙහි සිටින විට පිරිමි දරු උපත් සිදු වේ. පස්වැන්නාධිපති සිටින රාශියේ නවාංශකයේ අධිපති නවාංශකයට එක්වූ විට පෙන්නූම් කරනූයේ එකම පිරිමි දරු උපතක් පමණි.

රවි සහ සඳු ලග්නයට සය වැන්නට හෝ දොළොස්වැන්නට හෝ එක් වූ විට ද පෙන්නූම් කරනූයේ එක් පිරිමි දරු උපතක් පමණි. පස්වැන්න වූ වෘෂභ හෝ තුලාගේ රාශියට සඳු එක් වූ විට ද අත්වන්නේ පිරිමි දරුඵලයක් පමණයි. මේෂ වෘෂභ කටක හෝ කුම්භ හෝ ලග්නය උදා වෙද්දී සෙනසූරු ලග්නයට ද ගුරු අටවැන්නට අඟහරු දොළොස්වැන්නට එක්වූ විට පිරිමි දරු උපත් පෙන්වන නමූත් එය වන්නේ වයස ගත වීමෙනි.

ලග්නයෙහි බොහෝ ග්‍රහයන් සිටින විට සඳු එක්ළොස්වැන්නෙහි සිටී නම් එසේම ගුරුගෙන් පස්වැන්න හෝ දුබලනම් පීඩිත නම් පිරිමි දරු උපතක් වයස් ගත වීමෙන් පසූ සිදු වෙයි. සෙනසූරු ගුරු සහ අඟහරු පිළිවෙලින් ලග්නයෙහි අටවැන්නෙහි සහ දොළොස් වැන්නෙහි සිටින විට පස්වැන්න දුර්වල නම් පිරිමි දරු උපතක් වයස් ගත වීමෙන් පසූ සිදුවේ. සඳු සහ සිකුරු හය වැන්නෙහි සිටින විට අත්වනූයේ එකම පිරිමි දරු උපතක් පමණි.

විජයසිරි විද්‍යාරත්න



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment