නිසි වයසට පෙර සම වයසට යාමේ හේතු දන්නවාද?

වර්තමානයේ කාන්තාවන් මූහූණ දෙනූ ලබන ප්‍රධාන රූපලාවන්‍ය ගැටලුවලින් එකක් වන්නේ ඉක්මණින් සම වයසට යාමයි. තවත් ආකාරයකින් පැවසූවහොත් අකලට සම වයසට යාමයි. එනම් වයසට පෙර ඉතා ඉක්මණින් වයසට යාමයි.
නිසි කලට පෙර සම වයසට යාමට බලපාන හේතු රාශියක් ඇත. එලෙස බලපානූ ලබන සියලු හේතු මැනවින් අධ්‍යනය කිරීම මඟින්, එමඟින් වැළකී සිටීමට අවශ්‍ය හැම තොරතුරක්ම, පිළියමක්ම ඔබට ලැබෙනූ ඇත. එමනිසා මා ප්‍රථමයෙන් අකලට සම වයසට යාමට බලපාන ප්‍රධාන හේතු පහතින් දක්වන අතර ඉන්පසූ ඉන් එක් කාරණාව බැගින් ගෙන සතිපතා, එම කරුණූ පිළිබඳව ගැඹූරින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

සම වයසට යාමට බලපාන ප්‍රධාන හේතු

1 හිරු කිරණින් සම පිිලිස්සීමට, දුර්වර්ණ වීමට ලක්වීම.

2 අවශ්‍ය ආකාරයට සම නිරන්තරයෙන්ම තෙතමනයෙන් තබා නොගැනීම.

3 ක්ලෙන්සර් නොකිරිම. සමට ගැළපෙන පිරිසිදු කාරකයක් භාවිත නොකිරීම.

4 නිසි කලට අවශ්‍ය කරන සත්කාර සමට ලබා නොදීම. (උදා. ෆේෂල් නොකිරීම.)

5 රසායනික බිලීච් කිරීම හා පීල් කිරිම.

6 ස්ටීම් කිරීම.


තව අවශේෂ කාරණා (සම වයසට යාමට බලපාන) බොහෝ වෙතත් ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඉහත සඳහන් කරනූ ලැබූ හේතූන්ය. මෙම හේතු අතරින් ඉතා ප්‍රධාන හේතුව වන්නේ හිරු එළියෙන් සමට වන හානියයි. එම නිසා ඒ පිළිබඳව මදක් සවිස්තරව කරුණූ හදාරා බලමූ.

සන්ස්ක්‍රීන් එකක් භාවිත කිරීමේ ඇති වැදගත්කම
අප දන්නා ආකාරයට සමහර කාන්තාවන් මොනයම් තත්ත්වයක් මත හෝ ආකර්ශනීය රූසපූවකට හිමිකම් කියයි. ඔවූන්ට ඇත්තේ විශ්මිත ආකාරයේ දිදුලන සමකි. හිරු එළියේ කුරීරු පහසටවත් ඔවූන්ගේ සමට හානියක් කළ හැකි බවක් පෙන්නූම් නොකරයි. මෙහි රහස කුමක්ද? මෙයින් පැහැදිලි වන්නේ එකම එක සත්‍යයකි. ඒ ඔවූන්, ඔවූන්ගේ සම ගැන අන් කවරකුටත් වඩා අවධානයෙන් සිටී යන්නයි. සාමාන්‍යය අපි නොදක්වන, සමහරෙක් දක්වන ඒ අවධානය කුමක්ද? එනම් වඩ වඩාත් හොඳින් ඔවූන්ගේ සම හිරුඑළියේ ඇති හානිකර කිරණ වනUltra Violet (UV) කිරණවලින් ආරක්ෂාවීමයි.




uv කිරණ අපට කුමක් කරන්නේද?



UVA කිරණ සමතුළට තදින් කාවැදී කෂණයකින් සම අඳුරු පැහැ ගන්වයි. මෙය ඔප්පූ කිරීමට ඔබට පූංචි උදාහරණයක් සඳහන් කරන්නම්. ඔරලෝසූවක් බැඳගෙන තද අව්වේ ගොස් පැමිණි විගස ඔරලෝසූව ගලවා බැලුවහොත් ඔරලෝසූව බැඳ ඇති (ඔරලෝසූවට වැසී තිබූ) ප්‍රදේශය අව්වට නිරාවරණය වූ ප්‍රදේශයට වඩා අඳුරෙන් අඩූ පැහැයක් ගනී.




දීර්ඝ කාලයක් තිස්සේ අධික ලෙස අව් රශ්මියට නිරාවරණය වී තිබූණහොත් ඔබේ සම වයසට යාමට පෙරම, ඔබ තරුණ වියේදීම රැලි වැටීමට පටන් ගනී. උච්චතම අවස්ථාවන්හිදී සමේ පිළිකා ඇතිවිය හැක. සන්ස්ක්‍රීන් ක්‍රීම් එකක් භාවිත කිරීමෙන් ඉහත තත්ත්වයන් වළකා ගත හැක.




හිරුඑළියේ බලපෑම ඔබේ සමේ වර්ගය · තත්ත්වය මත තීරණය වනවාද?



ඔව්. එය නිවැරදියි. යූරෝපීය ජාතිකයන්ගේ සමේ ඇති සිනිඳු බව හා තත්ත්වය මත ඉක්මණින්ම හිරු එළියෙන් පිලිස්සෙයි. නමූත් අවපැහැ, අඳුරු පැහැ ගැන්වෙන්නේ ඉතා මද වශයෙනි. ඔවූන් ආරක්ෂා විය යූත්තේ uvb කිරණවලිනි. නමූත් ශ්‍රී ලාංකිකයන්ගේ සමේ ඇති මෙලනින් ප්‍රතිශතයේ ඉහළ බව හේතුකොට ගෙන, හිරුඑළියෙන් සම පිලිස්සෙන්නේ නැති අතර, අඳුරු පැහැය, කළු පැහැය ගන්වයි. එමනිසා ලාංකීය කාන්තාවන් uv කිරණවලින් ආරක්ෂාවීම වඩා වැදගත්ය.




විවිධ වර්ගයේ ක්‍රීම් · ආලේපන හා මේකප් පාවිච්චි කරන අතර තුර සන්ස්ක්‍රීන්ද භාවිත කළ යූත්තේ ඇයි?
මේකප් හා ක්‍රීම් ප්‍රමාණවත් නොවන්නේද?



සාමාන්‍ය වර්ගයේ ක්‍රීම් හා ආලේපන වර්ග සම හිරුඑළියෙන් පිලිස්සීමෙන් වළකාලීමට සමත් නොවන අතර, හිරුකිරණවල බලපෑම හේතුවෙන තරුණ වියේදීම සම රැළි වැටීමද වළකාලිය නොහැක.




හි්රු එළියෙන් සම පිලිස්සීම ආරක්ෂා කරගත හැකි එකම ප්‍රතිකර්මය හා පිළියම Make up එකක් භාවිත කිරීමට ප්‍රථමයෙන් සන්ස්ක්‍රීන් එකක් මූහූණේත් ගෙල ප්‍රදේශයෙත් ආලේප කිරීමකි.




නිතරම එළියට යාමෙන් වැළකීමෙන් හා නිතර සෙවණේ සිටීමෙන් හිරු එළියෙන් වන හානියෙන් වැළකිය හැකිද?



හිරුඑළියට නිරාවරණය වන ලෙස කෙටි වේලාවක් වූව ද අව්වේ සිටීමෙන් (හිරු එළියේ සිටින කාලය කෙතරම් කෙටි වූවද) සමට විශාල ලෙස හානි සිදුවිය හැක. මන්ද uv කිරණ සියලුම ආකාරයේ පෘෂ්ඨවලින් (වීදුරු · බිත්ති · කණ්ණාඩි) හිරුඑළිය පරාවර්තනය වීමෙන් ඔබේ සම මතුපිටට වැටීමට පූළුවන. එම ආකාරයෙන්ද ඔබේ සමට හානිවීමට පූළුවන. වතුර මතට වැටෙන හිරු කිරණ වූව ද පරාවර්තනය විය හැක. එමනිසා ඇතුළත හෝ හෙවණේ සිටියත් ඔබේ සමට හිරුඑළියෙන් හානිවීමට ඇති ඉඩකඩ වැඩිය.




spf යනූ කුමක්ද? එය ශ්‍රී ලාංකීය සමට වැදගත් වන්නේ කෙසේද?



spf යනූ uvb කිරණවලින් සම ආරක්ෂා කිරීම මැන බැලීමට භාවිතා කරන මානයකි. ශ්‍රී ලාංකීය සම අව්රශ්මියෙන් පිලිස්සෙන්නේ නොමැති වූවත් අඳුරු පැහැයක් ගන්වයි. එමනිසා spf ප්‍රතිශතයකින් යූක්ත Sunscreen වර්ගයක් භාවිත කිරීමෙන් සමට ආරක්ෂාවක් සැලසේ.SPF Sun Protection factor භාවිතයෙන් සම හිරුඑළියෙන් ආරක්ෂා කොට අකලට සම රැලි වැටීමෙන් වළකා සමේ තරුණ බවක් පැහැපත් බවත් ආරක්ෂා කරගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment