රසයෙන් ගුණයෙන් යූත් ආහාර


එළවළු පිටිටූ

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි හෝ හාල් පිටි ග්‍රෑම් 200

බටර් මේස හැඳි 1

ගාගත් පොල් බෑයක්

ලුණූ තේ හැඳි 1

කැරටි අල 1

අර්තාපල් අල 1

ලීක්ස් ගසක්

බෝංචි කරල් 3

සාදන ක්‍රමය

අර්තාපල්, කැරටි ග්‍රේටර් එකක් භාවිතයෙන් සිහින්ව ගාගන්න. ලීක්ස් සිහින්ව ලියාගන්න. බෝංචි සිහින්ව කපන්න.

පිටිවලට බටර් දමා අතින් පොඩි කරමින් කැට මෙන් සිටින ලෙස කලවම් කරන්න. ලුණූ හා සිහින්ව ගාගත් පොල් මිශ්‍ර කර පිටිටූ සෑදීමට අවශ්‍ය තරමට කැට කරගන්න. සිහින්ව ගාගත් කැරටි, අර්තාපල්, ලීක්ස්, බෝංචි මිශ්‍ර කර පිටිටූ බම්බූවක් ආධාරයෙන් විනාඩි 20 ක් පමණ තම්බා ගන්න. මෙය රසවත් වගේම ගුණදායක උදේ ආහාර වේලකි.

එළවළු රොටී

අවශ්‍ය ද්‍රව්‍ය

පාන්පිටි ග්‍රෑම් 250

බිත්තර 1

පොල් බෑයක පොල්

ලුණූ තේ හැඳි 1

තම්බා පොඩි කරගත් අර්තාපල් ගෙඩි 1

ගාගත් කැරටි අල 1

කපාගත් තක්කාලි ගෙඩි 1

රතුළුෑනූ ගෙඩි 3

අමූමිරිස් කරල් 3

බටර් හෝ මාගරින් මේස හැඳි 2

සාදන ක්‍රමය

මේ සියල්ල භාජනයකට දමා හොඳින් පොඩිකර අනාගන්න. අවශ්‍ය නම් වතුර ස්වල්පයක් එක් කරන්න. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට බෝල සාදා තුනීකර රත් වූ රොටී කැටියකින් මද ගින්නේ දෙපැත්තෙ හරවමින් පූළුස්සාගන්න. මෙය ආහාරයට ගැනීමේදී වෙනත් කරියක් අවශ්‍ය නොවේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment